ඉන්දියානුවෙක් ජනාධිපති කාර්යාලය ඇතුලේ කැසිනෝවක් දාලා

කිසියම්අයකු Google යෙදවුම ඔස්සේ ශ්‍රී ලංකාවේ ඇති කැසිනෝ සම්බන්ධයෙන් විමසීමක් කළ හොත් එහි කැසිනෝ ඇති ස්ථාන දැක්වීමේදී  City of Dreams Sri Lanka – Luxury Resort & Casino ලෙස දක්වනු ලබන්නේ කොටුවේ පිහිටි පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල නැතිනම් ශ්‍රී ලංකාවේ ජනාධිපති ලේකම් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලයි.

මීට මසකට පමණ පෙර දී අරවින්ද් තේජාන් නැමැති ඉන්දීය ජාතිකයකු විසින් ගූගල් මැප්වෙත මේ ඇතුළත් කිරීම සිදු කර තිබේ.

ජනාධිපතිවරයා පසුගියදා City of Dreams Sri Lanka – Luxury Resort & Casino විවෘත කිරීමට ගොස් තිබුණේ මේ ජායාරූපය ඇතුළත්ව තිබියදීය.

ජනාධිපතිවරයාගේ ඩිජිටල් උපදේශකයා ලෙස  හාන්ස් විජේසූරිය මහතා  කටයුතු කරමින් සිටියදී මෙවැනි කුඩා දෙයක් හෝ සොයා ගැනීමට නොහැකිවීම ගැනද මේවන විට තැන තැන කතා බහට ලක්ව ඇත.

මේ අතර, ජනාධිපතිවරයා City of Dreams Sri Lanka විවෘත කිරීමට ගිය අවස්ථාව පිළිබඳ ඡායාරූප ජනාධිපති මාධ්‍ය අංශය විසින් කියන තෙක් පිට නොකරන්නැයි ජෝන් කීල්ස් හි සංවිධායකයින්ගෙන් ඉල්ලා තිබියදී ජනපති එය විවෘත කළ දවසේම ඔහුගේ ජායාරූප මාධ්‍යට පිටව තිබිණි.

කෙසේවෙතත්, ජනාධිපති මාධ්‍ය අංශය මේ දක්වාම එම වීවෘත කිරීමේ ජායාරූප මාධ්‍යට පිටකර නොමැත.

එසේ පිටව තිබූ පිංතූර හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ නිල ජායාරූප ශිල්පියා වන සාගර ද මෙල් විසින් ලබාගෙන තිබූ ඒවා වන අතර එය සැලැසුම් සහගතව පිට කලේද යන්න පිළිබඳව සැකයක් මේවන විට ආරක්ෂක අංශ වෙත මතුව ඇත.

ඔහුට ඡායාරූප ගැනීමට ආරාධනා කර තිබුණේ ජෝන් කීල්ස් හි සිනමන් ලයිෆ් හෝටලය විසිනි.

එහි ඡායාරූප මුලින්ම එළියට දමා තිබුණේ දෙරණ නාලිකාව විසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *