රනිල් ඇතුළට දාලා එළියට අරගෙන නයාට ගහලා පොල්ල වරද්දගන්න එපා – දුමින්ද

රනිල් වික්‍රමසිංහ අත් අඩංගුවට ගැනීම සහ සිරගතකිරීම වළක්වන්න විදෙස් තානාපති කාර්යාලවලින් පවා විශාල කුමන්ත්‍රණයක් දියත් වු බව ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික දුමින්ද නාගමුව පවසයි. “අපිට ආරංචි විදිහට මේ ආණ්ඩුවට බලපෑම් ඇවිත් තියනවා. නමුත් ඒ සියල්ල තිබියදී රනිල්ව අත් අඩංගුවට ගැනීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම කියන්නේ මේ වෙලාවේ ආණ්ඩුව ගත්ත ඉතාම ඉදිරිගාමී පියවරක් විදිහට අපි දකිනවා. නමුත් අපි දන්නවා ලංකාවේ ප්‍රකට ජනවහරක් තියනවා ” නයාට ගහලා පොල්ල වරද්දගන්න එපා කියලා” ඒකට හේතුව තමයි නයාට ගහන්න ගිහිල්ලා ඒ පහර වැරදුනොත් නයා පෙරළා අපිට පහර දෙනවා කියලා “.යැයි හෙතෙමෙ පැවසීය.

   "  දැන් ඇතුළට දාලා ඉන්න රනිට ආයේ එළියට එන්න ඉඩ දුන්නොත් එහෙම NPP ආණ්ඩුවට වෙන්නෙත් නයාට ගහලා පොල්ල වරද්ද ගත්ත මිනිහට වුණ වැඩේම තමයි. මොකද ඇතුළට ගිය රනිල් එළියට ආවොත් නිකන් ඉන්නේ නෑ. අපි දන්නවා රනිල් කියන්නේ බටලන්ද වගේ වධකාගාර පවත්වාගෙන ගිය මෙලෙච්ඡ මිනීමැරු අපරාධකාරයෙක්. ඒ නිසා රනිල් කියන්නේ කිසිසේත්ම එළියෙ සමාජයේ තියන්න සුදුසු පුද්ගලයෙක් නෙවෙයි. අන්න ඒ නිසා රනිල් වික්‍රමසිංහව සිරගත කිරීම වෙනුවෙන් ගන්න ඕනෑම ක්‍රියාමාර්ගයකදී මේ ආණ්ඩුවට සහයෝගය දෙන්න අපි සූදානම්." 

        රනිල් වික්‍රමසිංහව මේ ආණ්ඩුව අත් අඩංගුවට අරගෙන තියෙන්නේ පොදු දේපොළ පනත යටතේ. අපිට තියන අත්දැකීම් අනුව නම් මේ පනතෙන් නඩු දැම්මාම මාස තුනක් යනවා ඇප ගන්න. නමුත් ඊලග නඩු විභාගයේදී රනිල්ට ඇප හම්බවුනොත් ආණ්ඩුව මේ ගත්ත ක්‍රියාමාර්ගය තේරුමක් නැතුව යනවා. ඒ නිසා ආණ්ඩුව මේ ගත්ත ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙනියන්න නම් රනිල්ට විරුද්ධව තියෙන සියලු චෝදනා උසාවිය හමුවට ගේන්න ඕන. රනිල්ට විරුද්ධව තියන බටලන්ද චෝදනාව උසාවියට ගේන්න ඕන. මහබැංකු මංකොල්ලය සම්බන්ධ ඡෝදනාව ඒ වගේම තමයි පාස්කු ප්‍රහාරය සම්බන්ධ චෝදනා මේ සියලු චෝදනා ගෙනල්ලා රනිල් වික්‍රමසිංහට නැවත එළියට එන්න බැරි විදිහට හිර කරන්න කටයුතු කරන්න කියන යෝජනාව අපි ආණ්ඩුවට කරනවා. අපි දන්නවා රනිල් කියන්නේ නයෙක්. හැබැයි ආණ්ඩුව මේ වෙලාවේ ඒ නයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕන කියලා ගත්ත තීන්දුව අපි අගය කරනවා. එහෙම අගය කරන ගමන් අපි ආණ්ඩුවට කියන්නේ දැන් නැවත හැරෙන්න එපා මේ ක්‍රියාමාර්ගයත් එක්ක ඉස්සරහට යමු කියලා "යැයි දුමින්ද නාගොමුව වැඩිදුරටත් පැවසීය.

            මේ ආණ්ඩුව මේ ක්‍රියාත්මක කරමින් යන IMF ආර්ථික වැඩපිළිවෙළ සහ ඉන්දියාවට රටේ ඉඩම් ටික විකුණමින් මේ යන දේශපානලන ගමන ගැන අපිට වෙනම විවේචනයක් තියනවා. නමුත් ඒ සියල්ල තිබියදී පවා ආණ්ඩුව මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහට එරෙහිව ගන්න සියලු ක්‍රියාමාර්ගවලදී සහයෝගය දෙන්න දේශපානලන ව්‍යාපාරයක් විදිහට අපි සූදානම්. ඒ සඳහා බටලන්ද වධකාගාරයේ දී රනිල් වික්‍රමසිංහ කරපු දේවල් ගැන අවශ්‍ය ඕනෑම මොහොතක උසාවියේදී සාක්ෂි දෙන්නත් අපි පසුබට වෙන්නේ නෑ. ඒ වගේම තමයි අපි රටේ ජනතාවටත් කියනවා රනිල් කියන්නේ මේ රටේ ආර්ථිකය විනාශ කරන්න දායක වුණු ආර්ථික ඝාතකයෙක්. ඔහු තමයි මේ රට මේ විදිහේ ණය උගුලක හිර කළේ..ඒ නිසා ඒ රනිල්ලට නැවත මේ රටේ සෙල්ලම් දාන්න ඉඩ තියන්න එපා. මේ දූෂිත දේශපානලන පිල්ලිවලට එරෙහිව මහජන බලයක් ගොඩනමු කියන යෝජනාවත් අපි මේ වෙලාවේ සමස්ථ ජනතාවට ඉදිරිපත් කරනවා. "

Leave a Reply

Your email address will not be published. Required fields are marked *