ශ්‍රී ලංකාවට මුහුදු මාර්ගය හරහා විශාල වශයෙන් මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී භාණ්ඩ ගෙන එනු ලබන්නේ කල්පිටිය මුහුදු තීරය හරහාය. ලංකාවේ සිට ඉංදියාවට බෝට්ටු මගින් පලායන බොහෝ අපරාධ කරුවන් යන්නේද කල්පිටිය හරහාය. මෑතදී අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය තුලදී ගනේමුල්ල සංජීව ඝාතනය කල ඝාතකයා සහ ඔහුගේ සාහිකාව වූ සෙව්වන්දි ඉංදියාව පලා යාමට ගියේද කල්පිටිය හරහාය. එහිදී ඝාතකයා පමණක් අත් අඩංගුවට ගත් අතර අපරාධ සාහිකාව වූ සෙව්වන්දි විශේෂ කාර්ය්‍ය බලකායේ නිළධාරීන් ගේ සහය ඇතිව ඉංදියාවට පලාගියේ කල්පිටියෙනි.
කල්පිටිය පොලීසිය නැවත කරළියට පැමිණෙන්නේ දුමින්ද සිල්වා, නියුමාල් පෙරේරා. නිමල් ලන්සා වැනි ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට කල්පිටිය හරහා මත්ද්‍රව්‍ය රටතුලට ගෙන ඒමට සහය දැක්වූ කලක් අමාත්‍යය වරයෙකු වූ මිල්රෝයි ප්‍රනාන්දුගේ හොඳම ගේ හොඳම ගෝලයා ලෙසත් හොඳ මහින්ද වාදියකු ලෙසත් කලක් කලිපිටිය ස්ථානාධිපති ලෙස සිට යාපනය කොට්ඨාශයේ අඩප්පන් පොලිස් ස්ථානාධිපති ලෙස ස්ථාන මාරුවීම් ලබා පිටව ගිය ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර් ඒ ආර් ලක්ෂ්මන් නැමති නිළධාරියා නැවත කල්පිටිය ස්ථානාධිපති ලෙසට ස්ථාන මාරුවීම් ලබා පැමිණීම නිසාය. ඔහු වසර හයහමාරක් කල්පිටිය පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කර සිටියදී අඩම්බන් පොලිස් ස්ථානාධීපති ලෙස මාරුකර සිට ඇත.
මෙවැනි කූඨ නිළධාරියකු නැවත පෙර රාජකාරී කල පොලිස් ස්ථානයට පැමිණීම කෙසේ වුවද යන්න සොයා බැලීමේදී තහවුරු වූයේ එය තනිකරම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රණවීර ගේ සහ අමාත්‍යාංශයේ සම්භන්ධීකරණ ලේකම් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ගජසිංහ යන දෙදෙනාට සහ අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් රවී සෙනවිරත්න යන තිදෙනාගේ නිර්දේශය මත මෙම පත්කිරීම පොලිස් කොමිසම විසින් සිදුකර ඇති බවයි. මේ තිදෙනාම අඩුවැඩි වශයෙන් පෙර පැවති ආන්ඩු සමග ගණුදෙනු කල නිළධාරීන්ය.
මෙම නිර්දේශය ලබා ගැනීමට මේ තිදෙනාටම මුදල් මත්පැන් සහ නාරිමාංශ වලින් සලකා ඇත. පොලිස් ස්ථානාධිපති වරයකු පත් කිරීමේදී පොලිස්පති වරයාගෙන්ද යම් විමසීමක් කලයුතු වුවත් වත්මන් වැඩබලන පොලිස්පති වරයාව මායිම් නොකර තමන්ට අවශ්‍ය පුද්ගලයා තමන්ට ලැබෙන තුටුපඬුරු වලට සරිලන සේ පොලිස් ස්ථානාධිපතිවරු ලෙස පත්කිරීමට පොලිස් කොමිසම වෙත පොලිස්පති හරහා දන්වා යැවීම මෙම තුන් පූට්ටුව විසින් සිඳුකරණු ලබයි. උපදේශක රණවීර සහ සම්භන්ධීකරණ ලේකම් ගජසිංහ දෙදෙනා වත්මන් අමාත්‍යය ආනන්ද විජේපාලගේ පොලිස් සමකාලීනයන් බැවින් අමාත්‍යවරයා සමග ඇති එම සම්භන්දය සහ විශ්වාසය උපයෝගී කරගෙන අමාත්‍යවරයාට වැරදි තොරතුරු ලබා දී තමන්ට අවශ්‍ය තුටුපඩුරු ලබාගනිමින් වත්ඹන් ආණ්ඩුව අපකීර්තියට පත්වන ලෙසට කටයුතු කරයි. මේ ගැන අමාත්‍යවරයා පමණක් නොව ජනාධිපතිවරයා ද සිහි බුද්ධියෙන් විමසා නොබැලුව හොත් ආණ්ඩුව බොහෝ අපහසුතාවයන්ට පත්වීම කිසිවෙකුටත් වැලැක්විය නොහැකි වන්නේය.
(පුත්තලම පොලිස් ස්ථානයක නිළධාරියෙකු විද්‍යුත් තැපැලට යොමු කළ ලිපියකි.)