මහනුවර ප්‍රධාන විදුහලක ස්පා එක පිළිබඳව විමර්ශනක්

මහනුවර ප්‍රධාන විදුහලක ස්පා හෙවත් සැලූන් එක පිළිබඳව අප කළ හෙළි කිරිමත් සමග මධ්‍යම පලාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එම් .පියසේන මහත්මියගේ උපදෙස් මත මධ්‍යම පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ජේය්‍ය්ෂ්ඨ සහකාර ලේකම් ප්‍රභාත් මද්දුමආරච්චි මහතා එම විදුහලට ගොස් සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් කර තිබේ.

කලින් එම විදුහල් පරිශ්‍රයේ සැලූන් එකක් සහ තෙරපී මධ්‍යස්ථානයක් තිබී පසුව එය වසා දමා ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන ඇත.දළදා වන්දනා සමයේ නුවර පැමිණි බැතිමතුන්ට අත් පා සම්බාහනය කර ප්‍රතිකාර කිරීම සදහා එම කාමරය  ආයූර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානයකට තාවකාලිකව ලබා දී ඇති බවට තොරතුරු හෙළි කරගෙන තිබෙි.

එහෙත් විදුහල් පරිශ්‍රයක කාමරයක් තාවකාලිකව හෝ එවැනි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ලබාදිය නොහැකි බව මධ්‍යම පලාත් ඒකාබද්ධ ගුරු වෘත්තීය සංගම් පවසති.කෙසේ වෙතත් මෙම සැලූන් එක  කලබලයෙන් පසු රහසිගතව වසා දමන්න්නට රූප  සුන්දරියක් වෙන්න දඟලන , හිටපු පොහොට්ටු දේශපාලකයෙකුගේ හිතවතියක් වූ   පලාතේ අධ්‍යාපන ලොක්කියක් සහ  වසර  20 කට හිරේ ගිය මහින්දානන්දගේ සුවච කීකරු ගෝලයෙකු වූ අධ්‍යාපන ලොක්කෙක් උපදෙස් දී ඇති බව  වාර්ථාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *