සාමාන්‍යයෙන් රටක රාජ්‍ය නායකයාට නිළ රාජ්‍යතාන්ත්‍රික ගමනක් සදහා රටකට පැමිණීමට ආරාධනා කරන්නේ මාස තුනකට හෝ ඊට වඩා කලින් ය. රටක නායකයකු බලයට පත්වූ විඟස අසල්වැසි රාජ්‍යයන් වෙත රාජ්‍යතාන්ත්‍රික සංචාරයන් සදහා පැමිණෙන ලෙස ආරාධනා කරයි. එවැනි ආරාධනාවක් අනුව වුවත් වත්මන් ජනාධිපතිවරයා ඉංදීය සංචාරය සදහා පිටව යන්නේ මෙතෙක් ලංකාවේ බලය හෙබවූ ජනාධිපතිවරුන්ට වඩා වැඩි කාළයක් ගත කිරීමෙන් පසුවය.
ජර්මනිය තකහනියේ වත්මන් ජනාධිපතිවරයා ට එරටට රාජ්‍යතාන්ත්‍රික සංචාරයක් සදහා ජූනි 10 සිට පැමිණෙන ලෙසට ආරාධනා කලාය. ඒ ආදරේට නොවන බව අදාල සංචාරය ගැන සොයා බැලීමේදී තොරතුරු අනාවරණය විය. ජර්මනිය යනු යුරෝපා සංගමයේ රටවල් අතරින් ස්විට්සර්ලන්තය හැර අනෙක් සියළුම රටවල්වලට වඩා ආර්ථිකය ශක්තිමත් රටයි. එසේම යුරෝපා සංගමයේ මෙහෙයවන්නාද ජර්මනිය යි.
ජනාධිපතිවරයා ට ජර්මනියට එන්න කියන්නේ ජර්මනියේ තීරණයක් දැනුම් දීමට වඩා යුරෝපා සංගමයේ තීරණයයක් හරහා බලපෑමක් කිරීමටය. ඒ ලංකාවේ දැනට ස්ක්‍රියව පවතින 1979 ත්‍රස්තවාදය වැලක්වීමේ ආඥාපනත හැකි ඉක්මනින් අහෝසි කරන ලෙසට බලපෑම් කිරීමටය.
අද ලංකාව තුල හදිසි නීතිය ක්‍රියාත්මක වන්නේ නැත. එමනිසා යම් පුද්ගලයකු රදවා තබාගැනීම සදහා පොලිස් දෙපාර්තමේන්තුව පාවිච්චි කරන්නේ මෙම ත්‍රස්තවාදය වැළැක්වීමමේ ආඥාපනත යි. දැනටද අත් අඩංගුවට ගෙන සිටින සිවනේෂතුරෙයි චන්දකාන්තන් හෙවත් පිල්ලේයාන්ව මාස තුනක රැදවුම් නියෝග යටතේ රඳවාගෙන සිටින්නේද මෙම පනත මගින් ඇති ප්‍රතිපාදන යටතේය. එයද අද අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කර ඇත එය වෙනමම කතා කලයුතු මාතෘකාවකි. ආණ්ඩුවට වඩා ත්‍රස්තවාදය වැළැක්වීමේ ආඥාපනත අවශ්‍යව ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටය. ඒ සැකකරුවන් කාළයක් ඔවුන් බාරයේ රඳවා තබාගෙන සිටීම ඔවුන්ට වෙනමම ආදායම් මාර්ගයක් නිසාය. හොඳම උදාහරණය නඳුන් චින්තක නොහොත් හරක් කටාය.
ජාත්‍යන්තරය සේම යුරෝපා සංගමය ත්‍රස්තවාදය වැළැක්වීමේ ආඥාපනත අහෝසි කරන ලෙසට වත්මන් ආණ්ඩුවට බලපෑම් කරන්නේ එවැනි පනතක් තවදුරටත් පවත්වාගෙන යාමට තරම් වටපිටාවක් ලංකාවේ සමාජය තුළ නොමැති වීමයි. ඔවුන් පෙන්වා දෙන්නේ එවැනි අවශ්‍යතාවයක් පැන නගින ඕනෑම මොහොතක එවැනි පනතක් පාර්ලිමේන්තුවේ දී සම්මත කරගත හැකි බවයි.