වයඹ හිටපු නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් ඔහුගේ පෞද්ගලික සහකාර ලෙස හිටපු තිස්ස විතාන නැමති නැමති දැනට මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලෙස කටයුතු කරන පොලිස් නිලධාරියාව ඔහුගේ පාලනයට යටත්ව තිබූ කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට දැමීම සඳහා උපක්‍රමයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවට වාර්ථාවේ.
මොහු දැනට දකුණු පළාතේ වැඩ බලන අතර කුරුණෑගල ඔහුට අහිමිවී ගිය ඒකාධිකාරිය පවත්වාගෙන යාම සඳහා ඔහුගේ පෞද්ගලික සහකාර ලෙස සිටි තිස්ස විතාන් නමැති ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා කුරුණෑගලට දැමීම සඳහා දැනට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතී.
පොලිස් කොමිසමෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස පත්වීම ලද සංජීව බණ්ඩාර මහතා කුරූණැගල ජේෂ්ඨ පොලිස් අධිකාරි ලෙස පත් කර වැඩභාර ගැනිමට දිනක් තිබියදී ඔහුලවාම එම පත්විමට අකමැති බව සදහන් ලිපියක් වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමු කරවා ගැනිමට මෙම ඉහළ නිළධාරින් සමත්වී ඇති බව වාර්ථාවෙි.
ඒ කුරුණැගල තමාගේ ගම, පාසල, බැවින් ,තමන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වශයෙන් කුරුණෑගලට ආවොත් මගේ රාජකාරිය නිසියාකාරව කිරීමට නොහැකි බව බව සදහන් කරමිණි.
සංජීව බණ්ඩාර මහතා කැමැත්තෙන් ලියන ලිපියක් ලෙස මෙය ලබාගෙන කිසිරි ජයලත් මහතාට අවශ්‍ය පුද්ගලයකු කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලෙස පත්වීම සඳහා ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් ලෙස හුවා දක්වමින් සිදු කිරීමට යන මෙම කුමන්ත්‍රණයෙන් ආණ්ඩුව දැඩිව විවේචනයට පත්වන අතර ශ්‍රී ලංකා පොලිසියට ආණ්ඩුවේ මැදිහත්වීම පිළිබඳවද මහජනයා අතර වැරදි මතයක් අතුරවාලීම සඳහා මෙම සිද්ධිය ඉවහල් විය හැකි බව නගරයේ වැසියන් පවසයි.