මහනුවර ඇම්බැක්ක පුරාණ දේවාල පරිශ්‍රයේ රාජකාරියට යොදවා ඇති විස්සකට අධික පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවක සේවිකාවන්ට නියමිත කාර්ය්යක් පැවරි නොතිබිම හේත්වෙන් දවස පුරා ඔවුන්ට නිකරුණේ කාලය කා දැිමට සිදුව ඇති බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේම සුළු සේවකයන් පවසයි.
සත පහක වැඩක් නොකරන අඩුම වශයෙන් පුරාවිද්‍යාත්මක වටිනා කමක් සහිත වෙහෙර විහාර වල සිදුවන විනාශයන් පිළිබඳවවත් සොයා නොබලන පුරා විද්‍ය දෙපාර්තමේන්තුවේ වැටුප් ලැබ නිකරුණේ දවස ගත කර ජනතා මුදලින් කන බොන මෙවැනි අයවලුන්ගෙන් රටට වැඩ දායක සේවයක් ලබා ගත යුතු බව ජනතාව පවසයි.
ඓතිහාසික ඇම්බැක්ක දේවාලය බලා කියා ගන්නට බස්නායක නිළමේවරයෙකු මෙන්ම දේවලෙ ආවතේවාව සඳහා රජ දවසේ සිට පරම්පරාවෙන් පත්ව සිටින සේවකයන් සිටියි.එවන් තත්වයක් මත පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේන් මේසා විශාල කාර්ය මණ්ඩලයක් මෙම දේවාලයේ කරන්නේ කුමන රාජකාරියක් දැයි දේවාලෙට යන එන ජනතාව සහ අවට පදිංචි ජනතාව ප්‍රශ්ණ කරති.
මේවා ගැන සොයන්න බලන්න පත්ව සිටින සමහර රාජ්‍ය නිලධාරින්ද නිකමුන් සේ සිටිතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවකයන් පවසයි.