ක්‍රිකට් එකෙන් රත්තරන් වැටක් ගහලා – (ක්‍රීඩා හොර 04)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2015 බලයට පත්වු යහපාලනයේ ජනාධිපතිවූ මෛත්‍රීපාල සිරිසේනව සාක්කුවට දා ගන්න ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටි බෝලයක් දැම්මේය. ඒ රුපියල් මිලියන 100ක වියදමින් 2016 වසරෙදි පොළොන්නරුවටත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියක් ලබා දිමටය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැමු මේ ගැටේට මිනිහා අහු වුණා විතරක් නෙවේ. ඒ වෙනකොට පාර්ලිමේන්තුවට ඇවිත් තිබ්බ මුදලට තරග පාවාදීම් වැලැක්වීමේ පණත එලියට නොගන්නත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ සහය දුන්නේය. මොකද මුදලට තරග පාවාදීම් පනත ආ ගමන් තිලංගව ක්‍රිකට් එකෙන් එලියට විසි වෙන නිසාය.

එහෙත් දේශපාලන අවුල් එක්ක ක්‍රීඩා ඇමතිකම හරීන් ප්‍රනාන්දුට ලැබුණු ගමන් 2015 ඉදන් පුස් කාපු ක්‍රීඩාවල වැරදි වැලැක්වීමේ පනත හදිස්සියේ එලියට අරන් සම්මත කළේය. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමු පැවැත්වීමේ ඉදන් පක්ෂය ඇතුලේ සල්ලි පොම්ප කළ ප්‍රධාන චරිතය වූ තිලංගව ක්‍රිකට් එකේ පස් පාගන්න බැරිවෙන්න ගැසට් පවා නිකුත් කරමිනි.

තිලංග යනකොට 2019 ක්‍රිකට් ආයතන සභාපතිකම ශම්මි සිල්වාට ලබාදී ගියේය. ඒ ශම්මි කියන්නේ හොරකමට සංවර්ධන වැඩ කියලා සල්ලි සාක්කුවට දා ගන්න උපන් හපනෙකි.

ශම්මි දැක්කා වල් වදින පොළොන්නරුව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටි සැලැස්ම. මේක හදන්න හැදුවට වල් බිහි වෙලා අනාචාරයේ යන අයට වගේම මත් වෙන්න නීති විරෝධී දේවල් භාවිතා කරන්නන්ගේ රජ දහනක් කියලා මාධ්‍ය වාර්තා කළේය.

ශම්මිට ඕන උනෙත් ඒක. මුලින් මේකට වැටක් ගහන්න එපෑ. වැට ගහන්න බඩු ගන්න විතරක් 2024 අවුරුද්දේ රුපියල් 5,833,885 ක් හෙවත් ලක්ෂ 58කට වඩා වැය කළා. දැන් බඩු හරි වැට ගහන්න එපෑ.

2024 අවුරුද්දෙම වැට ගහන්න රුපියල් මිලියන 25කින් පුලුවන් කියල පටන් ගත්ත. මේක ඉවර වෙන්නේ රුපියල් 14,386,500ක් හෙවත් ලක්ෂ 143කට වඩා වියදම් කරල. දැන් අහන්න එපා රත්තරන් වලින්ද වැට ගැහුවෙ කියල. මේක ක්‍රිකට් එකේ තවත් සොච්චම් වංචාවක් විතරයි.

ඔතනින් නවතින් නෑ පොලොන්නරු ක්‍රිකට් ක්‍රීඩා පිටි වංචාව හිටං.

රුපියල් ලක්ෂ 202කට වඩා රත්තරන් වැටක් සදහා වියදම් කළ, ශ්‍රී ලංකා ක්‍රිකට් අන්ත දූෂිත ශම්මි සිල්වා පාලනය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ තිබ්බ වානේ කැනපි දෙකක් පොලොන්නරුවෙන් ගෙනත් හයි කළේය. යකෝ අරහෙන් ගලවල මෙහෙන් ගෙනත් හයි කරන්න කීයක් යන්න ඇති කියලද හිතන්නේ.

වානේ කැනපි දෙකට රුපියල් 28,999,970 හෙවත් ලක්ෂ 289කට වඩා වියදම් කළ බව කියන්න අන්න බිල් දාල තියෙනව. මුගේ අම්මගේ ගැහිල්ලක්නේ මේක. එහෙම හිතුන නේද ශම්මි සිල්වා ගැන.

ඔන්න ඔක්කොම සාක්ෂි එක්ක අනාවරණය කළා. ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේට පුලුවන් කොන්ද කෙළින් තියන් මේක ගැන හොයන්න. අඩුම විශේෂ විගණනයක් කරන්න.

මේ පොලොන්නරු ක්‍රිකට් හොරකමේ මුදල් පසුගිය මැතිවරණ සදහා රනිල් සීයට වියදම් කරන්න එවක අමාත්‍ය හරීන් අරන් දුන්න කියලත් කතාවක් තිබේ. ඒ අස්සේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් මේ මුදලින් කොටසක් ගියා කියලත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුලේ කතාවත් තියනවලු.

දූෂිතයන්ව නිරුවත් කරන්න බලයට ආපු ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු මාලිමා ආණ්ඩුව ක්‍රීඩා හොරුන්වත් අල්ලයි. ඉතින් අන්න ඒ ක්‍රීඩා හොරු අල්ලන දවස එනකම් රට්ටු ඇගිලි ගනිනවා. නැත්නම් ඉතින් හොරු ආණ්ඩුව අල්ලලා තමයි කියන්න නම් වෙන එකක් නෑ.

හසිත අකලංක දෙයාලගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *