ත්‍රිකුණාමලය නිලාවෙලි පරවි දූපත ජාතික වනෝද්‍යානයට නිසි අවසරයකින් තොරව බලහත්කාරයෙන් පොලිස් ජීවිතාරක්ෂක ඒකකය ඇතුළුවී තිබෙි.
පොලිස් නිලදරුවන්ගේ පවුලේ පිරිස් ප්‍රවාහනය සඳහා යාත්‍රාවක් යෙදවීමට අවසර ඉල්ලා තිබු අතර පරවි දූපත උද්‍යානය භාරකරු ඊට අවසර ලබා දී නැත. ඒ මේ වනවිටත් යාත්‍රා 70 ක ට ආසන්න ප්‍රමාණයක් දූපතට නිතිපතා සංචාරකයන් ප්‍රවාහනය කරන බවත් තවත් යාත්‍රා එකතුවීම තුල පාලනය තවදුරටත් අසීරුවන බව පවසමිනි.
එසේ තිබියදී ත්‍රිකුණාමලය පොලිස් කොට්ඨාසයේ ජීවිතාරක්ෂක ඒකකය ඔවුන්ගේ යාත්‍රාවක් යොදාගනිමින් පසුගියදා (22) බලහත්කාරයෙන් ජාතික වනෝද්‍යානයට ඇතුළු වුයේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තු පනතද උල්ලංඝනය කරමිනි.
මීට වසර කිහිපයකට පෙර පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් මෙම වනෝද්‍යානය තුල රාජකාරි කල අතර ඔවුන් මුදලට ස්නොක්ලින් ගයිඩ් කිරීම (දියමත සංචාරකයන් සඳහා මගපෙන්වීම) කිමිදුම් උපකරණ කුලියට දීම වැනි ක්‍රියා සිදුකිරීම හේතුවෙන් සංචාරකයන් සදහා මගපෙන්වීම් කරන පුද්ගලයින් දැක්වු විරෝධය හේතුවෙන් දූපතින් ඉවත් කර ඇත.
මේ සම්බන්ධව අදහස් දැක්වු වනජීවි නිලධාරීන් පැවැසුවේ ජාතික වනෝද්‍යානයට ප්‍රවේශ වීමට නිසි අවසරයක් ඔවුන් ලබාගෙන නැති බවයි.
වනසත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ 51 (1) වගන්තිය උල්ලංඝනය කර තිබෙනවා එම පනතේ 10 වන වගන්තිය ප්‍රාකාරව දඬුවම් ලැබිය හැකි වරදක් කර ඇති අතර පරවි දූපත ජාතික වනෝද්‍යානය තුල වනජීවි දෙපාර්තමේන්තුවේ ජීවිතාරක්ෂකයන් ඇතුළු නිලධාරීන් 6 දෙනෙකු දිනපතා රාජකාරි කරමින් සිටියදී පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් සිව්දෙනෙකු බලහත්කාරයෙන් ඇතුළුවීම, නීතිය රකින පොලිසිය නීතිය උල්ලංඝනය කරමින් සිය බලහත්කාරය පෙන්වීමකි