බිලියන 13කට වැඩි ඔලිම්පික් සභාපතිගේ සුවිස් ගිණුම්

ජාතික ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුභ්‍රමනියම් ඒකාධිපතියෙක් ලෙස මේ වන විට ඔලිම්පික් කමිටුව පාලනය කරමින් ඇත්තේ නෝංජල් ඇමැති සුනිල් කුමාර ගමගේගේ ආශිර්වාදයෙන් බව වර්ථාවෙි. හොරු අල්ලන ජනාධිපති අනුර කුමාර දිසානයකගේ ආණ්ඩුවට ක්‍රීඩා හොරු නොපෙනිම කනගාටුවකට කරුණකි. සුවිස් ගිණුම්වල ලංකාවේ කළු සල්ලි හංගල තියෙනව කියල ජනාධිපති හා ආන්ඩුවේ කයිය නායකලා වේදිකාවේ අඩි පොළවේ ගහල කිව්ව එක අද වන විට අමතක වී ඇති සේයකි.

මේ කියන්න යන්නේ අන්න ඒ වගේ කළු සල්ලි හංගපු ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුභ්‍රමනියම් ගැනය. මිනිහ ගැන පැන්ඩෝරා හා පැනමා පේපස් වලත් සදහන් විය.

2015 වන විට සුරේෂ් සුභ්‍රමනියම් හා බිරිඳ සතුව සුවිස් බැංකු ගිණුම්වල ඇමරිකා ඩොලර් 13,129,904ක් තිබි ඇත . ඒ කියන්නේ රුපියල් 3,931,743,476.71ක් හෙවත් රුපියල් බිලියන 3කට වඩා, හතරකට ඉතාම ආසන්න ගානකි. මේ මුදල් උපයාගෙන ඇත්තේ LTTE  සංවිධානයට ආයුධ ලබාදීමෙන් හා විදුලි බල ව්‍යාපෘති වලින් බව පසුව තහවුරු විය.

මේ මුදල සුවිස් ගිණුම් දෙකක තිබ්බේ මෙන්න මෙහෙම.

සුරේෂ් සුභ්‍රමනියම්ගේ සුවිස් ගිණුමේ තිබ්බ ගාන ඇමරිකා ඩොලර් 6,564,952ක් හෙවත් රුපියල් 1,965,871,738.35 එක් බිලියන 965මිලියනයකට අධික මුදලකි. අනෙක් ටික මිනිහගේ නෝන වන චාර්ලට් රංජිතාගේ සුවිස් ගිණුමේ තිවි ඇත.

එම තොරතුරු හෙළිවුයේ  2-16  යහපාලනය ආණ්ඩුව කාලේ නිසා සුරේෂ් සුභ්‍රමනියම් එකපාර එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රම සිංහගේ අති ජාත මිත්‍රයෙක් විය.

මේ මිත්‍රකම නැවතුනේ එවක ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටත් මිත්‍රකමක් හැදිලා. හේමසිරි ඒ මිත්‍රකම නිසාම ඔලිම්පික් කමිටු සභාපතිකම  සුරේෂ් සුභ්‍රමනියම්ව දිලා ඔහු එළියට ගියේය. . හේමසිරි  පාස්කු බෝම්බේ වෙනකොට ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළේය. පාස්කු බෝම්බය දන්නව හැබැයි මෙහෙම ලොකු එකක් කියල හිතුවේ නෑ කියල පොර තමයි කිව්වේ.

හේමසිරි හොද UNP මෑන්. එකපාරක් කොළඹින් ඡන්දය ඉල්ලන්න UNP ආරාධනාත් ආපු එළ කොල්ලෙක්. මිනිහා තමා මැතිණි එහෙමත් නැත්නම් සිරිමාවෝ බණ්ඩාරනායකගේ ලේකම්. හේමසිරි යනකොට දැන හෝ නොදැන ඔලිම්පික් කමිටුව විනාසම කරල දාල යන්න සුරේෂ් සුභ්‍රමනියම්ට සභාපති යතුර දුන්න.

ක්‍රීඩා ඇමති සුනිල් කුමාර ගමගේට පුලුවන් කොන්දක් තියෙනව නම් සල්ලි පිටිපස්සේ දොරෙන් කාර් එකට දා ගත්තේ නැත්නම් ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුභ්‍රමනියම්ගේ සුවිස් බැංකු ගිණුම් ගැන හොයන්න. අනුර කුමාර දිසානායක ජනාධිපති සහෝදරයටත් පුලුවන් මේ සල්ලි ටික ලංකාවට ගෙනත් අපේ ණය බරෙන් මිදෙන්න වියදම් කරන්න.

කලින් හිටපු ජනාධිපතිවරුන්ව හා ක්‍රීඩා ඇමතිවරුන්ව ක්‍රීඩා හොරු ඇල්ලුවා කියන එක රටේ ප්‍රසිද්ධ රහසක්. ඉතින් අලුත් ජනාධිපති හා ආණ්ඩ්ුව ක්‍රීඩා හොරු අල්ලයිද ක්‍රීඩා හොරු ආන්ඩුව අල්ලයිද කියලා බලමු.

හසිත අකලංක දෙයාලගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *