අන්තරායක ඖෂධ  පාලක මණ්ඩලයට ප්‍රථිකාර ඕනෑ කර තිබෙි

අන්තරායක ඖෂධ  පාලක මණ්ඩලයේ කටයුතු එහි සභාපතිවරයාගෙන් ගිළිහි ගොස් ඇති නිසා එහි උසස් සේවකයින්ට රජමගුලක් බවට පත්ව ඇති බව වාර්ථාවෙි.

එහි සභාපතිවරයා පුර්ණ කාළීණව එහි සේවය නොකිරිම නිසා රෝහලක අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කරන අතරතුර මෙහි සේවයට පැමිණෙන බව සදහන්වේ.ඔහු එම තනතුරට පත්ව දැනට මාස කිහිපයක් ගතව ඇතත් මේවනතෙක් මත්ද්‍රව්‍ය සදහා ඇබිබැහිවුවන් පුනරුත්ථාපනය කළ යුතු ආකාරය , නව ප්‍රවනතාවයන් හදුනා ගැනිම ආදි ආයතන සංවර්ධනය සදහා කිසිදු සැලසුමක් ඉදිරිපත් කර නොමැත.

මෙම තත්වය මත මිට මාස කිහිපයකට පෙර ආයතනයට බදවා ගත් අධ්‍යක්ෂ ජෙනරාල්, අධ්‍යක්ෂ පරිපාලන හා අධ්‍යක්ෂ පුනරුත්තාපන යන නිළධාරින් තිදෙනා පසුගිය සතියේ පුනරුත්තාපන පුහුණු මධ්‍යස්ථාන නිරික්ෂණය මුවාවෙන් විනොද් චාරිකාවක් දින තුනක් තිස්සේ ගොස් ඇත. එම නිළධාරින් තිදෙනාම හිටපු නාවික හමුදා නිළධාරින් වන අතර ඒ සදහා තොරගෙන ඇත්තේ ත්‍රිකුණාමලය ප්‍රදේශයයි.මේ සදහා ආයතනයේ තවත් නිළධාරින් කිහිප දෙනෙකුද සම්බන්ධ කර ගෙන ඇති අතර රාජකාරි කටයුත්තක මුවාවෙන් මෙම ගමන ගොස් ඇත.

එහෙත් ආයතනය මගින් පවත්වා ගෙන යන පුනරුත්ථාපන මධ්‍යස්ථාන හතරක් ඇති අතර ත්‍රිකුණාමලය ප්‍රදේශයේ එවැනි මධ්‍යස්ථානයක් නොමැති බව එම නිළධාරින් නොදන්නවාම නොවෙි.එ මධ්‍යස්ථාන ඇත්තේ මහනුවර, ගාල්ල , ගම්පහ සහ කොළඹ පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *