මත්ද්‍රව්‍ය පාතාලය මැඩීමට අලුත් නියෝජ්‍ය පොලිස්පති වරයකු ඕනෑ කර තිබේ

තිස්වසරක් පුරාවට උතුර නැගෙනහිර කේන්ද්‍ර කරගනිමින් ලංකාව නොව ලෝකය පුරාවට පැතිරී තිබූ ද්‍රවිඩ බෙදුම්වාදී ත්‍රස්තවාදය මීට වසර 16 කට පෙර මේ භූමියෙන් මුළුනුපුටා දැම්මත් අද මෙසිරිලක මුහුණ දී තිබෙන්නේ ඊටත් වඩා භයානක ලොව පුරාම පැතිර යන මත්ද්‍රව්‍ය මාෆියාවටය.

මත්ද්‍රව්‍ය පැතිරයාම වලක්වාලීමට ක්‍රියාත්මක වීමට ලංකාවේ පූර්ණ බලය නීත්‍යානුකූලව පවරා ඇත්තේ පොලීසියටය. එසේම පොලිස් දෙපාර්තමේන්තුව තුල එය පවත්වාගෙන යාම සදහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්ය්‍යංශයක් පිහිටුවා ඇත. එය රටේ මූලික අවශ්‍යතාවයක් ලෙස සලකා ඉතාමත් සක්‍රිය තත්වයට පත්වන්නේ 1983 න් පසුවය. ඒ උතුරේ ආරම්භ වූ බෙදුම්වාදීන් තමන්ගේ මුදල් ඉපයීමේ ව්‍යාපාරයක් ලෙස සහ දකුණ අකර්මණ්‍ය කිරීමට දකුණේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාවාරම සිදු කිරීම නිසාය.

එම කාර්ය්‍යයංශය තම කාර්ය භාරය කොතරම් දුරට ඉටු කලාද යන්න ප්‍රශ්න සහගතය. එයට නිදසුන් කීපයක් දැක්විය හැක. කොළඹ වෝඩ් පෙදෙසේ සිටි සියාම් නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුව අත් අඩංගුවට ගන්නේ කුඩු කිලෝ 30 කට ආසන්න ප්‍රමාණයක් සමගය. කඩවත පදිංචිව සිටි එම අත් අඩංගුවට ගැනීමේ ඔත්තුකරුට එවකට මත්ද්‍රව්‍ය කාර්‍යාංශය උසස් නිළධාරීන් විසින් තෑගි ලෙස ලබා දී තිබුනේ කුඩු කිලෝ 2 කි. එවකට එහි නියෝජ්‍ය පොලිස්පතිව සිට පසුව පොලිස්පති වී පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම වෙනුවෙන් වරදකරුවී ශ්‍රේස්ඨාධිකරණය විසින් රුපියල් කෝටි 10 ක් ගෙවීමට නියම වූ පූජිත් ජයසුන්දර විසින් එම නඩුව යට ගැසීමට රුපියල් කෝටි 10 ක් ඉල්ලා සිටියාය. සියාම් එය නොදුන් නිසා අධිකරණයෙන් වැරදිකරු වී මිය යනතෙක් සිරගත වීමට සිදුවිය. එදා ඔහු එම මුදල දුන්නා නම් සමහර විට අද ලංකාවේ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවරම මෙහෙය වන්නා ඔහු වීමට ඉඩ තිබුණි.

ත්‍රීකුණාමලයේ අයිස් මංජු දෙවුන්දර චමිල් සමග එල්ටීටීඊ ය සහ නාවික හමුදාවේ තෝරාගත් නිළධාරීන් පිරිසකගේ සහය ඇතිව කලක් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකළේය. ඉන්පසුව එම ජාවාරම තොටලග බන්දු, අයිරා ( රත්නපාලගේ බිරිඳ) මාදම්පිටියේ උදයා , රාජගිරියේ චින්තක පෙරේරා ඔහුගේ සහෝදරයා වන ධම්මික පෙරේරා වැල්ලම්පිටියේ කළු අජිත් යන අතර බෙදී ගියේය. ඔවුන් එකිනෙකා මරාගත් අතර යුද්ධය නිමවීමත් සමග එල්ටීටීඊ සතුව තිබූ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය කේපී අත් අඩංගුවට ගැනීමෙන් පසුව එවකට ගෝඨාභය රාජපක්ෂ වෙත පවරා ගන්නා ලදි. රාජ්‍ය අනුග්‍රහය සහ ආරක්ෂාව යටතේ ඔහු එම ව්‍යාපාරය පවත්වාගෙන යාමට දුමින්ද සිල්වාට පවරන ලදි.

ගෝඨාභය කරේ මාස් පතා ලාභය එකතු කිරීම පමණි. එම ව්‍යාපාරයට එරෙහිව රාගම ලොකු සීයා ප්‍රින්ස්කොලම් ඇතුළු කන්ඩායම මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට එක්වූ අතර ඔවුන්ට දේශපාලන සවිය ලබා දුන්නේ මර්වින් සිල්වා විසිනි. මෙම කන්ඩායම් දෙක අතර තරඟය නිම වූයේ ගෝඨාභයට එරෙහි කන්ඩායමේ බොහෝ දෙනෙකුට මරණය අත්කර දෙමිනි. මෙම මත්ද්‍රව්‍ය ව්‍යාපාරය පවත්වාගෙන යාමේදී පොලීසියේ මත්ද්‍රව්‍ය කාර්‍යාංශය අඩුවැඩි ලෙස සහය වී ඇත.

මේ සියල්ල් උඩු යටිකුරු වන්නේ මාකදුරේ මධූෂ් මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට පිවිසීමත් සමගය.ඊට පසු කිකිළිය බිත්තර දමන්නාසේ දිනකට එකා බැගින් මෙම ජාවාරමට එක් විය. එය පෙරට වඩා භයානක විය. ඒ අලුතින් එක්වූ සියළුම මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග ත්‍රිවිධ හමුදාවේ හෝ පොලීසියේ සේවය කල ආයුධ හැසිරවීමේ මනා පලපුරුද්දක් ඇති පුද්ගලයන් එක් වීමය. එය එසේ වෙද්දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශයේ ලොක්කන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ නියෝජිතයන් බවට පත් විය. එසේ වූයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ලෝභ නොවී ලබාදෙන කෝටි ගනනක මුදල්‍ නිසාවෙිනි.

මෑතදී දෙවුන්දර සිංහාසන පාරේදී තරුණයන් දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්දියට කෙලින්ම ඇගිල්ල දිගු වූයේ දැනට ඩුබායි රාජ්‍යයේ සැගවී සිටින දෙහි බාලා නම් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුටය. පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින ඔහුගේ හොඳම හිතවතා වන්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශයේ වත්මන් නියෝජ්‍ය පොලිස්පති ඔෂාන් හේවාවිතාරණය. දෙදෙනා කොතරම් හිතවත්ද නම් ඩීඅයිජී සහ ඔහුගේ පවුලේ අය වෙනුවෙන් වෙන්වූ වෙනම කාමරයක් අදටත් දෙවුන්දර දෙහිබාලාගේ නිවසේ තිබීමයි.  වසරේ ඩීඅයිජී ඔෂාන් හේවාවිතාරණ ඔහුගේ පවුලේ සාමාජිකයන් සමග දෙවුන්දර දේවාලයේ පෙරහැර නරඹන්නේ දෙහිබාලාගේ නිවසේ උඩු මහලේ සිටය.

වත්මන් ඩීඅයිජී මාරුකල හොත් ඒ අඩුව පුරවන්න ඒමට අමුඩය ගසමින් සිටින්නේ මීට පෙර පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශයේ හිටපු අධ්‍යක්ෂක වත්මන් ඩීඅයිජී සාමන්ත විජේසේකර ය. ඔහු ඩීඅයිජී වීමට පෙර පොලිස් මත්ද්‍රව්‍ය  කාර්‍යාංශයේ අධ්‍යක්ෂක වරයාව සිටියදී හොඳ හොඳ වැඩ කල අයෙකි. ඉන් නොලියාම බැරි කරුනක් මෙසේය.

අද විශේෂ මාතෘකාවක් වී ඇති නඳුන් චින්තක නොහොත් හරක් කටාගේ  හොදම ගෝලයන් දෙදෙනා වූයේ රං මල්ලී සහ අශුන්චාමරය. මේ දෙන්නා ගෙන් අශුන් චාමර තනිවම ගමනක් යාමට සූදානම් වන බවට හරක් කාට ට තොරතුරු ලැබුන අතර එයට උත්තර දීමට හරක් කටා තීරණය කළේය.

හරක් කටා විසින් අශුන් චාමරට මත්ද්‍රව්‍ය තොගයක් ලබා ගැනීමට කියා අහුන්ගල්ලට ගෙන්වාගෙන ඝාතනය කළේය. එම ඝාතනය පිලිබදව පරීක්ෂණ  පැවැත්වූයේ ගාල්ල දිසා විශේෂ විමර්ශන ඒකකය විසිනි. එහිදී ඝාතකයන් පිළිබඳව විශේෂ සාක්ෂි දෙකක් එම නිළධාරීන් විසින් සොයා ගත්තේය. එනම් අශුන් චාමර භාවිතාකල ජංගම දුරකතන දෙක සහ වාහනය පැදවූ රියදුරුය. හරක් කටා ඒ මොහොතේ ඍජුවම කතාකර ඇත්තේ එවකට පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාලයේ අධ්‍යක්ෂක සාමන්ත විජේසේකරටය .

වහාම ක්‍රියාත්මක වූ සාමන්ත විජේසේකර ගාල්ල විශේෂ විමර්ශන ඒකකය භාරයේ තිබූ අශුන් චාමරගේ ජංගම දුරකතන දෙක තමාවෙතට එවන ලෙසට දැනුම් දුන්නාය. එම ජංගම දුරකතන දෙක නිසි පිළිවෙළට පොත්වල ලියා බාර නොදෙන ලෙසට එය රැගෙන ආ පොලිස් කොස්තාපල් වරයාට එවකට ජේෂ්ඨ පොලිස් අධිකාරී සාමන්ත විජේසේකර උපදෙස් ලබාදුන්නාය. අද එම නියෝගය පිළිපැදි පොලිස් කොස්තාපල් වරයා ඩුබායි රාජ්‍යයේ සිටින හරක් කටාගේ ගෝලයන් සමග ජීවත්වේ.

සාමන්ත විජේසේකර තමා බාරයට ගත් එම ජංගම දුරකතන 2 රාජ්‍ය බුද්ධි අංශය වෙත යවා ඒ පිළිබදව සවිස්තරාත්මක වාර්ථාවක් ලබාගෙන වාර්ථාව පමණක් ගාල්ල විශේෂ විමර්ශන ඒකකය වෙත යවා අදාල ජංගම දුරකතන දෙක අතුරුදහන් කලේය.

ජංගම දුරකතන දෙක අතුරුදහන් කිරීම පිළිබද වගකීම  පොලිස් කොස්තාපල් හර්ෂලාල්ට පැවරුවාය. ඔහු සාමන්ත විජේසේකර ගේ හොඳම සුහච කීකරු ගෝලයාය. සාමාන්ත විජේසේකර පොලිස් කොස්තාපල් හර්ෂලාල් වද ඩුබායි රාජ්‍යයේ සිටින හරක්කටා ගේ ගෝලයන් වෙත යැවීය. එසේ හර්ෂලාල්ව පිටත්කර හැරියේ නිකංම නොවේ. ලංකාවේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය හදුනාගැනීම සදහා සකසා තිබූ පරිඝණක දත්ත පද්ධතියද ඔහු සමග මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වෙත යැව්වාය. මේ අතර වත්මන් ඩීඅයිජී සාමන්ත විජේසේකර අයිති සංචාරක හෝටලයක්ද දකුණු වෙරළ තීරයේ ඇත.

වත්මන් රජයේ මූලික ප්‍රතිපත්තියක් වන්නේ මත්ද්‍රව්‍ය මෙරටින් තුරන්කර දැමීමය. එය සාත්සාත් කරගැනීමට නම් අවංක සහ කාර්‍යශූර නිලධාරින් කන්ඩායම ක් සහ ඔවුන් මෙහෙය වීමට හොඳ ඩීඅයිජී කෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශය පත්කල යුතුය.එසේ නොකල හොත් 2029 ජනාධිපතිවරණ සහ මහමැතිවරණ වේදිකාවේ ප්‍රධාන පොරොන්දුව ලෙසට ඉදිරිපත් වන්නේ ලංකාව මත්ද්‍රව්‍ය උවදුරෙන් බේරාගැනීමට ඔබේ චන්දය ලබා දෙන ලෙසටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *