මිනිස් ජාවාරම කරන ඔලිම්පික් කමිටුව

ජාතික ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුභ්‍රමනියම් වංචනිකයෙක් බව සදහන් කරමින් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේට ලිඛිතව තොරතුරු දී මේවනවිට මාස දෙකකට වඩා වැඩියි. ඒත් මේ වෙනකම් කිසිම පියවරක් ගෙන නොමැත. ඒත් සුරේෂ්ගේ කීමට ලේකම් මැක්ස්වෙල් ද සිල්වාව නිදහසට කරුණු දැක්වීමට කිසිදු ඉඩක් ලබා නොදී දොට්ට දාන්න ඇමති දවස් කිහිපයක් ඇතුලත කටයුතු කළේය.

ඔලිම්පික් ලේකම් හෝ සභාපති පත් වෙන්නේ අනුබද්ධ ක්‍රීඩා සංගම්වල ඡන්දයෙනි. ඒ ඡන්දය නොතියා සභාපති මේ වන විට අත්තනෝමතිකව කටයුතු කරමින් සිටියි. මේ ගැටුම නිසා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ශ්‍රී ලංකාවට දෙන සියළු ප්‍රතිපාදන නවතා තිබෙි.

ශ්‍රී ලංකාවෙ පවත්වාගෙන ගිය ජාතික ඔලිම්පික් කමිටු ගිණුම් මේ වන විට අත්හිටුව ඇත. මේ නිසා ඔලිම්පික් හි සේවය කරන නිලධාරීන්ට වැටුප් ගෙවන්න මුදල් නොමැත. ඉමෙම තත්වය මත ජාතික ඔලිම්පික් කමිටුවේ සේවය කළ ඉහළම නිලධාරිණියන් තුන් දෙනෙක්ම ඉවත්ව ගොස් තිබෙි. ඔවුන් ඔලිම්පික් එකේ අවුරුදු 10කට වඩා සේවය කළ පැරණිම සේවිකාවන් ය.

ජාතික ඔලිම්පික් කමිටුවේ පරිපාලනය ආයේ ගොඩ ගන්න බැරි වෙන්නම මේ වන විට බිද වටිවා අවසන්ය.

ඒ අතර ලේකම්ට මිනිස් ජාවාරමට චෝදනා එල්ල වී ඇත. ඒ ජාතික ඔලිම්පික් කමිටු සේවකයන් දෙන්නෙක්ව ඇතුළු 15ක් එංගලන්තෙ පැන්නු බවටය. මේක ලොකු චෝදනාවක්. සභාපති සුරේෂ් සුභ්‍රමනියම් තමයි මේ කතාව කියන්නේ. ඒ පැන්න අය සුරේෂ්ගේ ඉස්කෝලේ හා ඔහුම සේවයට ගත්ත අයයි. එම නිසා මේගැන සෙවිය යුතුය. පොකට් ගහපු එකාම අන්න හොරෙක් අන්න හොරෙක් කියල දුවන සීන් එකමද මේ කියල සියිය යුතුවේ.

“එකට හිටපු එකට කාපු දෙන්නෙක් තරහ වුණාම මරු. එකට හොරකම් ගිහින් තරහ වුනා වගේ. හොරකම් ඔක්කොම ලෝකෙම දැන ගන්නව.”

ඇත්තටම ජාතික ඔලිම්පික් කමිටුව මෙහෙම නින්දා කරගනිමින් කුලල් කා ගන්නකොට ලෝකෙම උන් හිනා වෙනවා. උන් හිනා වෙන්නේ පුද්ගලයන්ට නෙමෙයි. ශ්‍රී ලංකාවටයි.

හසිත අකලංක දෙයාලගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *