සිනෝපැක් පිරවුම්හල් 149 වැසියාමෙි තර්ජනයට ඉන්ධන හිගයෙන් නියෝජිතයන් හා ජනතාව අමාරුවේ

ලෝක වෙළද පොළේ ඉන්ධන මිල ඉහළ යාමත් සමග මෙරට ඉන්ධන බෙදාහරින වීදේශිය තෙල් සමාගම් ඉන්ධන ලබාදිම සිමාකර ඇති අවස්ථාවේ චින සමාගමක් වන සිනෝපැක් ආයතනය ඔවුන්ගේ බෙදුම්කාර ජාලයට ඉන්ධන බෙදහෙැරිම හරි ආකාරව සිදු නොකිරිම නිසා එම අලෙවි නියෝජිතයින් දැඩි ගැටලුවකට මුහුණපා ඇති බව වාැ්තාවෙි.
මෙි වන විට සිනෝපැක් අලෙවි නියෝජිතයන් 149 ක් රට පුරා සිටින අතර ඔවුන් වෙත ඉතාමත් අක්‍රමවත් සහ දුෂිත අකාරයෙන් ඉන්ධන ලබාදෙන බව සිනෝපැක් බෙදුම්කරුවෝ චෝදනා කරති.
ලබාදෙන සිමිත ඉන්ධන ප්‍රමාණය පිලිබදව අලෙවි නියෝජිතයන් පෙර දැනුවත් කිරිමකින් තොරව ඉන්ධන තොග සදහා මුදල් ලබාගන්නා සමාගම එම අලෙවි නියෝජිතයන් වෙත බෝහෝවට ඉන්ධන ලබා දෙන්නේ දින 5, 6කට පසුව බව සදහන් වේ.


සමාගමේ බෙදාහැරිමේ අංශය දුෂිත ගනුදෙනුවට ඉන්ධන ලබා දිම නිසා බොහෝ ප්‍රදේශ වල සිනෝපැක් ඉන්ධන පිරවුම්හල් වසා දමා ඇති බැවින් පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවයට පත්වි ඇත.
ආසන්නයේ පිරවුම්ල් නොමැති ග්‍රාමිය ප්‍රදේශවල ජනතාව පිරවුම්හලේ කළමනාකාරිත්වයට සහ සේවකයට බැනවැදිමේ සහ තර්ජනය කිරිමේ අවස්ථාද පැණනැගි ඇතිබව නියෝජිතයෝ පෙන්වා දෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *