නැගෙනහිර පළාත් සභාවේ හිටපු ඇමතිනියක වු ආරියවතී ගලප්පත්ති මාලිමාවේ ත්‍රිකුණාමලයේ නවක සහෝදරත්වය සමග ඩීල් දමමින් සිටින බව වාර්තා වේ.
ත්‍රිකුණාමලය කොඩ්බේ ධීවර වරායේ ඉන්ධන හලින් ඉන්ධන ණයට ගෙන නොගෙවා පැහැර හැරීම, ඇය කොඩ්බේ ධීවර වරායේ අයිස් ෆැකර්මාන්තශාලාවට පොලු තැබීම, හිටපු නැගෙනහිර ඉඩම් කොමසාරිස් අනුර ධර්මදාස හා එක්ව තිරියායා හා මහින්දපුර යන ප්‍රදේශ වල ඉඩම් අත්පත් කරගනිමින් ඉන්ධන හල් දැමීම, ලංකා පුත්‍ර බැංකුවට විශාල වශයෙන් පොලු තැබීම හා පාසල් අනධ්‍යයන කාර්‍ය් මණ්ඩල පත් කිරීමේ දී මුදලට රැකියා දීම වැනි කුප්‍රකට ක්‍රියා රැසක් කල කලු චරිතයකි.
ආරියවතී ගේ අයථා වත්කම් ගැන හා රජයට තබා ඇති ණය පොලු ගැන බලය ලබා ගැනීමට පෙර වහසි බස් දෙඩු සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා ද මේ වනවිට නිහඬ පිළිවෙතක් අනුගමනය කරයි.
පක්ෂයේ පහළ පෙළ නවක සහෝදරයන් ආරියවතී ගලප්පත්ති නීතියේ රැහැනට හසුවීමට ඇති ඉඩ අහුරමින් ඇයව ආරක්ෂා කරන බව දිස්ත්‍රික් අභ්‍යන්තර ආරංචි මාර්ග හරහා වාර්තා වේ. ඒ ආරියවතී ගලප්පත්ති ගෙන් විවිධ අවස්ථාවන් හී ලැබෙන මූල්‍ය අනුග්‍රහ නිසා බව වාර්තා වේ
2026-10-09

