පිටකොටුවේ කරවල විල්සන්ටත් පදිරි වූ ජනාධිපති AKD 

ජාතික ජනබලවෙිග  ආණ්ඩුවේ තුන්වන අයවැය නොහොත් 2027 වර්ෂයේ අයවැය ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගිය 12  වෙනිදා ඉදිරිපත් කළේය.

එහිදී සාමාන්‍ය ගැසට් නිවේදනයකින් ඉදිරිපත් කරන දෑද එම අයවැයෙහි තිබුණි. ඉදිරිපත් කර තිබූ අයවැය තනිකරම පෘට්සැලඩ් එකකි. 2027 නැති ජාත්‍යන්තර මලල ක්‍රීඩා වලින් ජයග්‍රහණය ලබන අයට රුපියල් කෝටි දහය දක්වා මුදල් ත්‍යාග ලබාදෙන බවට සදහන් කර තිබුණි. එවැනි දේ කිරීමට අවංක අදහසක් ජනාධිපතිවරයා ට තුබුණේ නම් කලයුතුව තිබුණේ එය පාර්ලිමේන්තු පනතක් මගින් එම යෝජනාව ඉදිරිපත් කිරීමය. එවිට මොකා බලයට ආවත් එය ඉටුකල යුතු වන්නේය. අයවැය ඉදිරිපත් කිරීමේදී මෙවැනි යෝජනා ඉදිරිපත් කරන්නේ පැහැදිලි ලෙසම හුදී ජනයා රැවටීමට ය. බොරුවක් තම කතාවට ඇතුලත් නොකරොත් එය අඩුවක් ලෙසට ජනාධිපති අනුර කුමාර දිසානායකට දැනෙන නිසා මෙවැනි දේ අයවැය කතාවට ඇතුලත් කලා විය හැක.

 ආනයනික හාල්මැස්සන් උම්බලකඩ වියළි මිරිස් සහ වියළි කහ වලට අයකරණු ලබන බදු රේගු බදු අඩුකර තිබුණි. ඒවා මෙසේය ආනනික හාල්මැස්සන් සදහා රුපියල් 100/= බද්ද රුපියල් 10/= දක්වාද , උම්බලකඩ සදහා අයකල රුපියල් 302 ක බදු මුදල රුපියල් 10/= දක්වාද, ආනයනික වියළි මිරිස් සහ වියළි කහ සදහා තිබූ බද්ද රුපියල් 50/= කින් අඩුකර තිබුණි. අයවැයට මෙම යෝජනාව ඉදිරිපත් කරන විට කොළඹ වරාය තුල නිදහස් නොකර තිබූ  අදාල භාන්ඩ කන්ටේනර් ප්‍රමාණය මෙසේය.

 මෙට්‍රික් ටොන් 20 බැගින් වූ වියළි හාල්මැස්සන් කන්ටේනර් 50 කි. උම්බලකඩ  මෙට්‍රික් ටොන් 50 ක් අඩංගු කන්ටේනර් 8 කි. ( එක් කන්ටේනරයක ටොන් 5 ත් 7 ත් අතර ඇත.)  වියළි මිරිස් කන්ටේනර් 60 කි. වියළි කහ කන්ටේනර් 6 ක් ලෙසට ය

 මින් වියළි හාල්මැස්සන් සහ උම්බලකඩ ආනයනය කර තිබුණේ පිටකොටුවේ 4 වෙනි හරස් වීදීයේ විල්සන් නැමති කරවල මුදලාලිය. ජනාධිපති අනුර කුමාර දිසානායක ගැසට් නිවේදනයක් මගින් කල යුතු දෙයක් අයවැය යෝජනාව අතරේ ඉදිරිපත් කර කරවල විල්සන්ට ලබා දුන් ලාභය මෙසේය

  වියළි හාල්මැස්සන් සදහා අඩුවූ බදු මුදල කිලෝග්‍රෑම් එකක් සදහා රුපියල්  90 කි.ඒ අනුව ටොන් 1000 ක් සදහා රුපියල් කෝටි  9 කි. ( 1000 x90x  1000 = 90000000/=)

  උම්බලකඩ සදහා අඩුවූ බදු මුදල රුපියල් 292/= කි.  ඒ අනුව ටොන් 50 ක්     සදහා රුපියල් එක් කෝටි හතලිස් ලක්ෂ යකි ( 292x90x50= 14600000) කි.  ඒ අනුව කරවල විල්සන්ට රුපියල් දස කෝටි හතලිස් හය ලක්ෂයක ( 104600000 කි )ශුද්ධ ලාභයක් ජනාධිපතිවරයා විසින් ලබාදී තිබුණි.                                                                                           

 මෑතදී  ජාතික ජනබලවේගයේ විද්වත් සහ වෘත්තිය සමිති සදහා මාලිගාවත්ත පීඩී සිරිසේන ක්‍රීඩාංගණයේ පැවති රැස්වීම් දෙක පැවැත්වීම සදහා කරවල විල්සම් මූල්‍ය දායකත්වය ලබා දී තුබුණි.                                                 

මෙම ක්‍රියාව දෙස බැලූ විට මතක් වෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එකල රුපියල් 50/= කට තිබූ ආනයනික සීනි සදහා බද්ද ශත =/25  දක්වා අඩුකිරීම මගින් සජාත් මවුසීන් නම් ව්‍යාපාරිකයකයාට රුපියල් මිලියන 1600 ක ශුද්ධ ලාභයක් ලබා දීම නීතිය ඉදිරියේ පවා කතිකාවට භාජනය විය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමට පෙර ඔහු වෙනුවෙන් පැවැත්වූ ප්‍රධාන රැස්වීම් වලට ඔහු මූල්‍ය දායකත්වය ලබා දී තිබුණි.                                  

 ගෝඨාභය රාජපක්ෂ සහ අනුර කුමාර දිසානායක යන ජනාධිපති වරුන් දෙදෙනාම කර ඇත්තේ තමන්ගේ ප්‍රතිරූපය නන්වා ගැනීමට කූඨ ව්‍යාපාරිකයන් ඉදිරියේ පීචං වී ඇත. ඔවුන් පීචං වුනාට අපිට කම්නැත. ඒත් ඔවුන් කූඨ ව්‍යාපාරිකයන්ට ලබාදෙන අයුතු ලාභයට  වන්දි ගෙවන්නේ රටේ හුදී ජනතාව වීම ඉතාමත් කණගාටු දායකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *