මහනුවර ජාතික රෝහල ඉදිරිපිට ඖෂධ වෙළඳසල් (ෆාමසි) මාෆියාවක් මගින් රෝහලට පැමිණෙන අසරණ රෝගීන් ගසා කෑමෙහි නිරත වන බව රෝගීන් මෙන්ම ඇතැම් රෝහල් සේවකයොද පවසති.
මෙම කළුකඩ ෆාමසි වල සේවකයන් හිමිකරුවන් හිතු හිතූ මිළ ගනන් අයකරමින් අසරණ රෝගීන් ගසා කද්දී මහනුවර පාරිභෝගික අධිකාරී කාර්යාලයේ දූෂිත සමහර නිලධාරින් ෆාමසි හිමිකරුවන්ගේ ජරාවට යටවී සිටියි.
මෙම කළුකඩ ෆාමසිවල තුවාළ වෙළුම් පටි සාමාන්‍ය රෝලක් ( බැන්ඩේජ්) රුපියල් 350/= කි,නමුත් මහනුවර නගරයේ ඇතැම් පාමසි වල රුපියල් 150/= කි,රෝහලේ වෙළුම් පටි එන්නත් කටු ඇතැම් විට රෝගීන්ට පිටින් මිළදී ගන්නට සිදුවන අවස්ථාවල රෝහල ඉදිරිපිට ෆාමසි හිමියන් රෝගී ජනතාව ගෙන් අධික ලෙස මුදල් අයකර මෙම වෛද්‍ය උපකරණ අළෙවි කරන බවට චොදනා එල්ලවී ඇත.
රෝහල් පිවිසුම් ගේට්ටුව ආසන්නයේ සිටින ඇතැම් ෆාමසිකරුවන් රෝහලේ ඇතැම් වෛද්‍ය වරුන්ට සහ වෛද්‍ය කාර්ය මණ්ඩලවලට එසේ අසාධාරණ ලෙස ලබන මුදලෙන් කොටසක් කොම්ස් ලෙස ගෙවන බවටද වාර්ථාවේ. මෙම තත්ත්වය මත මෙම ෆාමසීවල බෙහෙත් සදහා අධික මිළ ගනන් අයකරමින් අසරණ රෝගීන්ගේ මුදල් ගසා කෑම ගැන සොයන්න බලන්න වගකිවයුත්තෙක් නැති නිසා බොහෝ රෝගීහු අසරණ වී සිටිති.

