මහනුවර ප්‍රසිද්ධ දෙවාලයක  බස්නායක නිළමේ ,බෙරකරුවෙකු සහ නිළමේ තනතුරට එන්න සිටි අයෙක් අතර ගැටුමක්

මහනුවර  ප්‍රධාන පෙලේ දේවාලයක බස්නායක නිළමේ වරයෙකු සහ දේවාලයෙ බෙර වාදක රාජකාරියේ නිරත  පුද්ගලයෙකු සහ  දේවාලයේ බස්නායක නිළමේ නිලවරණයට  ඉදිරිපත්වී පරාජයට පත්වූ  පුද්ගලයෙක් අතර පවතින  උග්‍ර ගැටුමක්  හේතුවෙන් දේවාලයේ බස්නායක නිළමේ වරයාට එරෙහිව  මහනුවර පොලීසියට  තුන් පාර්ශවයම  පැමිණිළි කර තිබේ.

බස්නායක නිළමේ වරයා තමන්ට මරණ  තර්ජනය කර තමන්ව දේවාලයේ බෙර ගැසීමේ රාජකාරියෙන් ඉවත් කල බවටද  ,බෙර කරුවා පොලීසියට  පැමිණිළි කර ඇති බව පොලීසිය පවසයි.

බෝනික්කා නම් අන්වර්ථ නාමයකින් පෙනී සිටින්නෙකු බස්නායක නිළමේ වරයා දේවාලයේ රන්බආභරණ වංචා කර ඇති බවටද  පොලීසියට පැමිණිළි කර  ඇත.කෙසේ වෙතත් මෙම  පාර්ශවයන්හී ගැටුම නිසා දේවාලයට  පැමිණෙන බැතිමතුන්ට අපහසුතාවයන් ඇති කරවන   පුද්ගලයන්  නිසා දේවාල රාජකාරී කටයුතු වලටද බාධා වන බව බස්නායක නිළමේ  පොලීසියට  දන්වා ඇත.

ඉතා  පෞරාණික මෙම දේවාලය ඉතා හාස්කම් සහිත පූජනීයස්ථානයක් බැවින් වැරදි කරුවන්ට  ශ්‍රී පත්තිනි මෑණියෝ නිසි දඬුවම්  යථා කාලයේ දෙනු ඇතැයි බැතිමතුන් සහ දේවාලයට සම්බන්ධ වූවන් පවසයි.

බෞද්ධ කටයුතු කොමසාරිස් වරයාද දේවාලයේ ගැටුම පත්තිනි මෑණියන්ට  භාරදී  නිහඬව සිටීයි.කෙසේ වෙතත්  මෙම දේවාලයේ වටිනා ඓතිහාසික ආභරණ  වලට වංචාවක් කල කවුරු වුවත් ඔහුට තරාතිරම නොබලා පත්තිනි මෑණියන්  දඬුවම් දෙනු ඇතැයි දේවාලයේ මෙම අලකලංචිය දන්නා දේවාලයට සම්බන්ධ පිරිස්   පවසති.තනතුරු ලබා ගන්නට ඉදිරිපත්වී  පරාජය වූ  වෙන්ඩ බස්නායක නිළමෙ වරයෙකු වන  අයෙක් දේවාලයේ ගැටුම් අවුලුවන බව බොහෝ  පාර්ශවයන් සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *