මාධ්‍යවේදී වෙස් ගත් මැදරට ඩොක්ටර් ආණ්ඩුකාරයාගේ රියදුරා ඇණයක් වෙලාලූ

මධ්‍යම පළාත් ආණ්ඩුකාර සුරංග ප්‍රනාන්දුගේ රියදුරා මාධ්‍යවේදීන්ට තග දාමින් බෙල්ලේනිල් පාට පටියක් එල්ලගෙන මාධ්‍යවේදීන් අස්සේ ගැවසෙමින් මාධ්‍යවේදියෙකු ලෙස හැසිරෙන බව මධ්‍යවේදීහු පවසති,
මොහු ආණ්ඩුකාර වරයාගේ රියදුරා වුවද ,ඔහු මාධ්‍යවේදීන් මැද්දට පැන මාධ්‍යවේදීන් හැසිරවීමටත් ,මාධ්‍ය වේදීන් වෙනුවෙන් වෙන්කර ඇති ස්ථානවල රැඳෙමින් මාධ්‍යවේදී භූමිකාවක් රඟ දක්වන්නෙකු බව මාධ්‍යවේදීන් පවසයි.
රියදුරු රැකියාව කරනවා වෙනුවට මොහුට ඇත්තේ මධ්‍ය උණක් වන අතර බල්ලගෙ වැඩේ කරන්න බූරුවට බැරිබව මෙම රියදුරා දැනගත යුතුය.ආණ්ඩුකාරවරයාගේ පට්ටමේ බලය පෙන්වන්න යන මේ පුද්ගලයා කොහේ සිටි අයෙක්දැයි මාධ්‍යවේදීන් ප්‍රශ්ණ කරයි,මාධ්‍යවේදීන් තේ මේසයකට ගියවිට මෙම රියදුරා ඒ තේ මේසේ වාඩිවෙයි,
ආණ්ඩුකාරයා ආරක්ෂිතව ඔහුගේ නිල වාහනයේ රැගෙන යාම,ඔහු වාහනයෙන් බහින විට වාහනයේ දොර ඇර දීම ,වාහනයේ රියදුරාගේ රාජකාරියයි,නමුත් මාධ්‍ය හසුරු වන එක නම් උගත් ආණ්ඩුකාරවරයාට එතරම් ගුණ නැත.ආණ්ඩුකාර වරයාපිළිබඳව මාධ්‍යවේදීන්ගේ හිතේ ඇඳී තිබූ ඡායාරූපයට අසූචී මුසු කරන්නේ ඔහු වටා ඉන්න බැලයෝ කීප දෙනක් බව දැන උගත් විශේෂඥ වෛද්‍ය තුමා දැනගත යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *