ආණඩුවෙන් ලකුණු දමාගන්න පොලිස්පති ත්‍යාග අරමුදලට විදියි

පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා ආණ්ඩුවෙන් ලකුණු දමා ගැනිම සදහා පොලිස් ත්‍යග අරමුදලේ මුදල් යොදවා පොලිසියේ විධායක නිලධාරින්ට කාර් හා යතුරුපැදි ලබා ගැනිමට සැලසුම් ක්‍රිරිම සම්බන්ධයෙන් පොලිස් පොඩ්ඩන් විරෝධය පළ කරති.

පොලිස් පොඩ්ඩන් විසින් සිදු කරන වැටලීම්වලින් ලැබෙන උසාවි දඩමුදල් වලින් සියයට දහයකට ආසන්න මුදලක් ත්‍යාග අරමුදලට බැර වෙි.

එසේ බැරවී ඇති මුදල කෝටි ගණනක් පවතින අතර ඇතැම් වැටලීම් කල නිළධාරින්ට ත්‍යාග මුදල් ලැබි නොමැති තත්වයක් මත ආණ්ඩුවේ හිත හොද ලබා ගැනිමට එම අරමුදල් නිතී විරෝධිව යොදවමින් සහකාර පොලිස් අධිකාරිවරුන්ට කාර් රථ 250 ක් හා 240 සීසී වර්ගයේ යතුරු පැදි හත්සිය පනහක් මිලට ගැනිමට සැලසුම් කර ඇති බව වාර්ථාවෙි.

සාමාන්‍යයෙන් පොලිසියට අවශ්‍ය වාහන මිලදී ගැනිමට රජයේන් මුදල් ලබා දිය යුතු අතර පහළ නිලදාරින්ගේ කැපවිමෙන් එකතු කරගත් මුදල් යොදවා සිදු කිරන මෙම ක්‍රියාව නිතී විරෝධි බව එම නිලදාරින් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *