පොලිස්පති ප්‍රියන්ත වීරසුරියට හිතවත් නිළධාරින්ට අවශ්‍ය වන ආකාරයට පොලිස් කොඨ්ඨාශවලට නිලධාරින් පත් කිරිමට යාමෙිදී පොලිස් කොම්ෂම ඒම යෝජනා ප්‍රතික්ෂේප කිරිම හේතුවෙන් ඇතැම් පොලිස් කොඨඨාශවලට නිළධාරින් පත් කර ගැනිමට නොහැකිවිම මත එහි පරිපාලන ගැටලු මතුවී ඇති බව වාර්ථාවෙි.
ඒ අනුව මාතලේ හා කෑගල්ල පොලිස් කොටඨාශවලට ජේෂ්ඨ පොලිස් අධිකාරිවරුන් පුරප්පාඩු පිරවීමට නොහැකි විම නිසා එම තත්වය උදාවී ඇත.
මාතලේ පුරප්පාඩු වී ඇති ජේෂ්ඨ පොලිස් අධිකාරි තනතුර සදහා පොලිස්පති ප්‍රියන්ත වීරසුරියගේ රළහාමි කාලයේ සිට හිතවතා වන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ ඉල්ලිමට ඔහුගේ ගෝලයාවන දැනට මාතර කොඨඨාශයේ සිටින ජයමිණි පත්කරන ලෙසට පොලිස් කොම්ෂමට යෝජනා කර ඇතත් කොම්ෂම එය ප්‍රතික්ෂේප කර තිබෙි. කොම්ෂමේ තර්කය වී ඇත්තේ දැනට යාපනයේ වසර දෙකහමාරකට අධික කාලයක් රාජකාරි කරන ජේෂ්ඨ පොලිස් අධිකාරි ජයමහ ඒ සදහා අනුයුක්ත කළ යුතු බවයි.
ඒ අකාරයට කෑගල්ල පොලිස් කොඨඨාශයටද පොලිස්පතිවරයා නම් කළ අය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්ථාවෙි.

