දළදා මාළිගාවේ වැඩ සිටින ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වෙත නව රන් කරඬුවක් පූජා කිරීමේ සිද්ධිය පිළිබඳව උඩ පැන පැන යූටියුබ් නාලිකාවලට සාකච්ඡා ලබාදෙන හිටපු නිළමේ වරයෙකු දළදා මාළිගාවේ රත්‍රන් ගිල දැමූ ආකාරය දන්නේ ඔහුට සමීපව සිටිය වුන්ය.
නිළමේ තනතුර අහිමි වන විට මහනුවර නගරයේ කන්දක් උඩ සුපිරි මාළිගාවක් මිළදී ගත් දැන් කරඬුව ගැන කිඹුල් කඳුළු හෙළන නිළමේ ,එම සුපිරි මාළිගාව රුපියල් කෝටි ගනනකට විකුණන ලද්දේ මහනුවර සුපිරි කෝටිපතියෙකුටය.ප්‍රංශයේ පිඟන් සෝදන රැකියාවක් කර ලංකාවට පැමිණ සුද්දියක්ද කරගහ ගෙන පැමිණි මෙම නිළමේ සිය පියාගේ උදහසටද ලක්විය.
පසුව පියාගේ ඇවෑමෙන් දළදා මාළිගාවේ දියවඩන නිළමේ වන්නට වාසනාව හිමිකර ගත්තද ,එම ධූරය ඔහුට යලි ලබාගත නොහැකි විය.පසුව දේශපාළනයට පිවිස ,අවසානයේ මහනුවර මහ නගර සභාවටද මන්ත්‍රිවරයෙකු ලෙස පත්විය.නැවත දේශපාළනයට එන්නට උත්සාහ දැරුවද පරාජය විය.
දළදා මාළිගාවේ රත්‍රන් ගිල දැමූ මොහුට සහායක් වූයේ රන්කරුවෙකුවූ කෝසළ යන පුද්ගලයාය.දළදාමාළිගාවට කොටි ත්‍රස්තවාදීන් බෝම්බ ගසා විනාශයක් කල පසු ,විවීධ විදෙස් රාජ්‍ය වලින් සහ විදෙස් බැතිමතුන්ගෙන් දළදා මාළිගාව සංරක්ෂණය කරන්නට ලබා දුන් මුදල් රන්රදී පිළිබඳ ලේඛණ (ඉන්වෙන්ට්‍රි) මොහුගේ සමයේ අතුරුදහන්ය.
දළදා මාළිගාවේ කරඬුවහන්සේ ගැන කිඹුල් කඳුළු හෙළුවාට මොහු දළදා මාළිගාවේ භෞතික සංවර්ධනයට කල වැඩක්නැතැයි මාළිගාවේ සේවකයන් පවසයි.මොහු තමන්ගේ පුද්ගලික මඩිය තරකර ගත්තා විනා දළදා මාළිගාවට කල මෙහෙවරක් නැතැයි මාළිගාවේ සේවකයන් අදටත් පවසති.
දළදා වහන්සේගේ කරඬුවට විවිධ බැතිමතුන් පූජා කල ඉතා වටිනා රත්‍රන් මාළ වෙනුවට පවුම් බරින් අඩු රන්මාල සකසා ඒවා දළදා කරඬුවට පූජාකල කළ බව මහනුවර කවුරුත් දන්නා රහසකි.
2026-09-18

