රටක ජනාධිපති වරයෙකු නොව මැති ඇමතිවරු ඉහලට එසවීම සහ උස්සා පොලවේ ගැසීමට කටයුතු කිරීමට ඔවුන්ගේ පුද්ගලික ආරක්ෂා යොදන සමීප ආරක්ෂයන්ට සහ ඔවුන්ගේ මාධ්‍ය ඒකක වල ක්‍රියා කාරකම් බලපානු ඇත.
වත්මන් ජනාධිපතිවරයා ගේ ආරක්ෂාව සපයන ආරක්ෂකයන් සිතා සිටින්නේ ජනාධිපතිවරයාව ශාරීරිකව ආරක්ෂා කිරීම තම රාජකාරිය බවය. ඇත්තම කතාව එය ඔවුන්ගේ රාජකාරියේ ඉතාමත් සුළු කොටසකි. එයට හේතු වන්නේ ඔවුන් පැමිණීමට පෙර පැමිණෙන පෙර ආරක්ෂක කණ්ඩායම් සහ අදාල ප්‍රදේශයේ පොලීසිය සහ විශේෂ කාර්ය්ය බලකායේ නිළධාරින් විසින් පූර්ණ ආරක්ෂා තහවුරු කර තිබීමය. ජනාධිපතිවරයා සමග පැමිණෙන සමීප ආරක්ෂකයන් කල යුත්තේ ජනාධිපතිවරාට සුළු අතපසු වීමක් හෝ වීමට ඉඩ නොදී අදාල සංචාරය අවසන් කරනතුරු රැක ගැනීමය.
ජනාධිපති අනුර කුමාර පසුගිය දිනක අනුරාධපුර සංචාරයේ යෙදෙන විට රුවන්වැලි සෑය වන්දනා කිරීමට ගිය මොහොතේ සිදුවූයේ කුමක්ද? ජනාධිපතිවරයා වෙහෙර මළුවට යන්නේ සපත්තු පැලඳ ගෙනය. ආරක්ෂකයන් සියළුම දෙනා පාවහන් රහිතව සිටී. එය ඉතාමත් නරක දෙයකි. එම ක්‍රියාව ජනාධිපතිවරයාව ඉතාමත් දැඩිලෙස විවේචනය කිරීමට ඔහුට එරෙහි පාර්ශවයන් යොදාගෙන තිබේ. ජනාධිපතිවරයාට සපත්තු ගලවන ලෙසට කොඳුරා කීමට එක සමීප ආරක්ෂකයකු නොසිටීම කණගාටු දායකය.
මේ පිළිබදව කරුණු සොයා බැලීමේදී හෙළිදරව් වූයේ ඉතාමත් පුදුම එලවන සුළු කරුණුය. මීට පෙර සිටි ජනාධිපතිවරුන්ගේ සමීප ආරක්ෂයන්ට උපදෙස් ලබා දී තිබුනේ ජනාධිපති ආරක්ෂක ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති වරයා හෝ එහි අධ්යක්ෂවරයා ය. නමුත් අද එහි නියෝජ්‍ය පොලිස්පති වරයා ඇතුළු සියළුම දෙනාට ජනාධිපතිවරයා ගේ ආරක්ෂා පිළිබදව උපදෙස් වෙන්නේ කලක් දෙහිවල ටේලර් ෂොප් එකක් පවත්වාගෙන ගිය ටේලර් කෙනෙක් ය. ඔහුගේ නියෝගය වී ඇත්තේ සමීප ආරක්ෂකයන්ට ජනාධිපතිවරයා සමග කතා නොකරන ලෙසයි. ඔවුන් එය එලෙසටම කිරීම නිසා පීචං වූයේ ජනාධිපතිවරයා ය.
මෙම සංචාරයේදී ජනාධිපතිවරයා පා ගමනින් යනවිට වන්දනා බසයක යන නඩයක් ජනාධිපතිවරයා ට අත් වනමින් ආචාර කරන දසුනක් විය. එය ඉතාමත් හොඳ දසුනක් වුවත් එම දර්ශනයේ ගොන් කොටස වූයේ කැමරා කන්ඩායමක් එම බසය තුල එය වීඩියෝ කිරීමය. ජනාධිපතිවරයා ගේ කීර්තිය ඉහල නැන්වීමට ජනාධිපති මාධ්‍ය ඒකකය එවැනි වීඩියෝව කලද එයින් වූයේ ජනාධිපතිවරයාව තව දුරටත් සමාජය ඉදිරියේ බාල්දු වීමය. ජනාධිපතිවරයා මාධ්‍ය අංශයට බයද කියා සිතෙන්නේ මේ ජනාධිපති මාධ්‍ය ඒකකය මෙවැනි ගොංකම් කීපයක්ම කලාය. ඒත් ජනාධිපතිවරයා එයට එරෙහිව ගත් කිසිදු ක්‍රියාමාර්ගයක් නැත.
වත්මන් ජනාධිපතිවරයාට ඉතිහාස කතාවක් කියා දීමට කැමතිය. ලංකාවේ පලමු රූපවාහිනී නාලිකාව වූයේ “ටීවී ශ්‍රීලකා” නාළිකාවයි. එය 1979 දී ආරම්භ විය. එහි අයිතිකරු වූයේ ජේආර් ගේ බෑනා වූ ශාන් වික්‍රමසිංහය ඔහු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අයියාය. 1981 වසරේදී ජනාධිපති ජේආර් ජයවර්ධන එම රූපවාහිනී නාළිකාවේ පැවති සාකච්ඡාවක් සදහා සහභාගී විය. ජනාධිපතිවරයා ගේ සම්මුඛ සාඛච්චාව යන අතරතුරදී මැස්සෙක් ජනාධිපතිවරයා ගේ ඇඟේ වැසුවාය. සම්මුඛ සාඛච්චාව අවසන් වී නිවසට පැමිණි ජේආර් ජයවර්ධන ජනාධිපතිවරයා කරේ ටීවී ශ්‍රීලංකා නාලිකාව රජයට පවරා ගැනීමට ගැසට් නිවේදනයක් පලකිරීමය. අද ස්වාධීන රූපවාහිනී නමින් ඇත්තේ එම නාළිකාව. රජයට පවරා ගැනීමට හේතුව වූයේ ජනාධිපතිවරයාගේ සම්මුඛ සාඛච්චාව මොහොතේදී ඔහුව අපහසුතාවට පත්වන සේ පරීක්ෂාවකින් තොරව කටයුතු කිරීමය.
ඇඟෙන් ආරක්ෂා සහ මාධ්‍ය මෙහෙයවීමට පමනක් නොව කටිං පමනක් දේශපාලනයද කිරීම අපහසු බව වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක අවබෝධ කරගත යුතුය. ඔය සියල්ලම සිහි නුවනින් නොකල හොත් අත්වන විනාශය ගැන අවුරුදු ගානක් කතා කිරීමට සිඳුවනු ඇති බව කනගාටුවෙන් වුවද සටහන් කළ යුතුය.

