තෙල් ගබඩා සමාගමේ (CPSTL ) අරුම පුදුම software engineersලා තෝරා ගැනීමේ ප්‍රායෝගික පරීක්ෂණය.

තෙල් ගබඩා පරියන්ත සමාගමේ දත්ත පද්ධති අංශය සඳහා A/06ව් ශ්‍රේණියේ software engineers තනතුර සඳහා අභ්‍යන්තර ඇබෑර්තු නිවේදනයක් මගින් පසුගිය වසරේ දෙසැම්බර් 17 දින අයදුම් පත් කැඳවා ඇත.
මාස 08 ඉක්මවා ගොස් තිබියදී අදාළ අභ්‍යන්තර නිවේදනය සම්බන්ධයෙන් සමාගමේ මානව සම්පත් කළමනාකරණ කාර්යාංශය කටයුතු කර ඇත්තේ කල් ඉකුත් වූ අභ්‍යන්තර නිවේදනයකට ප්‍රායෝගික පරීක්ෂණයක් මුදල් ගෙවා කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයන ආයතනය හෙවත් University of Colombo School of Computing (UCSC) ඒකකයේ ප්‍රායෝගික පරීක්ෂණයක් පවත්වමින් කටයුතු කර ඇත්තේ දැනට දත්ත පද්ධතියේ අංශයේ සුළු සේවකයන් පිරිසකට අවස්ථාව උදාවන අන්දමින් කටයුතු කරමින් බව විධායක ශ්‍රේණියට අයත් වෘත්තීය සමීති නායකයෙකු අපට ප්‍රකාශ කර සිටියා.
එම විධායක ශ්‍රේණියේ වෘත්තී සම්ති නායකයා පවසා සිටියේ software engineer කියන තනතුර සඳහා IT උපාධියක් තිබූ පමණින් සුදුසුකමක් ලෙස ගණනය කරමින් මෙවැනි ආර්ථික මර්මස්ථානයක රාජකාරී කිරීමේදී දත්ත පද්ධතිය සම්බන්ධයෙන් විශාල දැනුම් සම්භාරයකින් පරිපුන් සහ it දැනුම උසස් ලෙස හදාරා ඉහළ නිලධාරීන් ලෙස රාජකාරී කරන සැබෑ වෘත්තිකයන්ට තම වෘත්තීය සිදුකරගෙන යාමට අපහසු තත්ත්වයක් ඇති කරලීමේ ක්‍රියාවලියක් බවයි .
ගබඩා පරියන්ත සමාගමේ විශාල පරිගණක දැනුම ඇති නිලධාරීන් පිරිසක් මෑත භාගයේ බදවා ගැනීම් කරමින් බාහිරව බඳවා ගත් අතර එම කාර්යාංශයේ දැනට විශ්‍රාම ගොස් සිටින ඉහළම නිලධාරීන් දෙදෙනකුගේ සහ දැනට රාජකාරී කරන ඉහළම නිලධාරිනියන් දෙදෙනෙකුගේ ක්‍රියා කලාපය හේතුවෙන් දැනුමෙන් පරිපුන් ,උගත්කමින් යුත් වෘත්තිකයන් සේවයට පැමිණියද ඔවුන්ට නිසි ඇගයීම නොලැබීම හේතුවෙන් වෙනත් රැකියාවන් සඳහා සේවයෙන් ඉවත්ව යන බවයි.
වර්තමාන කළමනාකාරවරියන් ලෙස කටයුතු කරන සමන් ලදා ගජදීර සහ සකුන්තලා ඒකනායක යන දෙදෙනා මෙම ප්‍රායෝගික පරීක්ෂණය පැවැත්වීමට කටයුතු කර ඇත්තේද ඔවුන්ට හිතවත් software engineer කාර්ය ක්ෂේත්‍රයේ කිසිදු රාජකාරියකට රාජකාරී ලැයිස්තුව රැකියා විස්තරය මගින් ලබා දීමක් සිදු නොවූ ඔවුන්ට ගැටි සේවකයන් කිහිප දෙනෙකුට ප්‍රමුඛතාවය දෙමින් උසස් වීම් ලබා ගැනීමට අවස්ථාව ලබා දීමට බව හෙතෙම අප සමග පවසා සිටියේ දත්ත පද්ධති අංශයේ සෘජුව විධායක ශ්‍රේණියට බඳවාගත් විධායක නිලධාරීන් ලෙස අප ඉතා කණගාටුවට සහ ශෝචනීය තත්ත්වයකට පත්ව ඇති බවද පවසමිනි.
ඔවුන් වැඩිදුරටත් පවසා සිටියේ පසුගිය රජයන්වල සේවක දරුවන් ලෙස සහ දේශපාලනයම වශයෙන් බඳවා ගත් කිහිප දෙනෙකුට වර්තමාන දත්ත පද්ධති අංශයේ ඉහළ නිලධාරීන් දෙදෙනකුට එසමයෙහි වෘත්තීය සමීති නායකයන් ලෙස පෙනී සිටිමින් දේශපාලන රැකවරණය ලබා දුන් සේවක දරුවන් කිහිප දෙනෙකුට සන්තෝසම් අල්ලස් ලබාදීමක් ලෙස මෙවැනි software engineer තනතුරකට උසස් වීමට කටයුතු කරන්නේ ඔවුන්ගේ දෙමාපියන්ට කෘතගුණ සැලකීමක් වන අයුරින් බවද පවසා සිටියා.
වර්තමාන අනුර කුමාර දිසානායක රජය බලයට පත් කළද ගබඩා පරියන්ත සමාගම තුළ පවතින දූෂිත පරිපාලන ක්‍රියාවලිය එලෙසම පවතින්නේ රජයට සම්බන්ධ වෘත්තීය සමිති නායකයකු ලෙස කටයුතු කළ සභාපතිවරයෙකු පත් කර ගැනීම තුළින් බවද එම විධායක නිලධාරියා ප්‍රකාශ කර සිටියේය.
කෙසේ වෙතත් වර්තමාන රජය බලයට ගෙන ඒමට බාහිර උපාධිධාරී සංගම් රැසක් කටයුතු කලේ විරැකියාව අවම කරමින් සුදුස්සාට සුදුසු තැන ලබා ගැනීමේ අටියෙන් වුවද වර්තමාන ලංකා ඛනිජ තෙල් ගබඩා පරියන්ත සමාගමතුල වැඩ බලන මානව සම්පත් කළමනාකාරවරයෙකු පත්පත් කර ගැනීමේ සිට මෙම සෑම ක්‍රියා වලියක් පිටුස් බසම පවතින්නේ වර්තමාන රජයේ දැක්ම පිටුදැකීමේ ක්‍රියාවලියක් බවත් පුනරුද යුගයක් ලස්සන ජීවිතයක් පෝසත් රටක් නිර්මාණය කිරීමට නම් මෙවැනි දූෂිත නිලධාරීන් කණ්ඩායමට රැකවරණය දෙන පැලවත්ත පක්ෂ කාර්යාලයේ සහ ජනාධිපති ලේකම් ලේකම් කාර්යාලයේ සෙවණට මුවා වී ප්‍රබලයන් පිළිබඳව ආණ්ඩුව විසින් සම්පූර්ණ සොයා බැලීමක් සිදු කළ යුතු බවයි.
වර්තමාන ආණ්ඩුවේ දර්ශනය සහ දැක්ම දූෂණය වංචාව පිටුදැකීම නම් තෙල් ගබඩා පරියන්ත සමාගමේ දත්ත පද්ධති අංශයට software engineer තනතුරට බඳවා ගැනීම සඳහා පැවති ප්‍රායෝගික පරීක්ෂණය සඳහා පෙනී සිටි දත්ත පද්ධති අංශයේ සියලුම සේවකයන්ගේ පෞද්ගලික ලිපිගොනුව පරීක්ෂා කර පත්වීම් ලද දිනයේ සිට මේ දක්වා රැකියා විස්තරය මගින් ලබාදී ඇති රැකියා ලැයිස්තු පිළිබඳව සොයා බලා හෝ ඉගෙනනයක් පවත්වා මෙම යටත් පිරිස software engineering වලට අදාල රාජකාරී ලැයිස්තුවක රාජකාරී කළේ ද යන්න සොයා බැලීම සිදුකර ජනාධිපති විමර්ශන ඒකකය හෝ බලශක්ති අමාත්‍යාංශය විගණන ඒකයකය මගින් සම්පූර්ණ පරීක්ෂණයක් පවත්වා සුදුසුකම් ඇති පිරිසක් බඳවා ගැනීමට කටයුතු කිරීම සුදුසු නොවේද ?.
මෙහි වඩාත්ම සමීපතම අවස්ථාව නම් මෙම බදවා ගැනීම් සඳහා මානව සම්පත් කළමනාකරණ කාර්යාංශයේ වැඩ පවරා ඇති නිලධාරිනිය මානව සම්පත් කළමනාකරන කාර්යාලයට අනුයුක්ත කොට වසරක කාලයක් හෝ ඉක්මවා නොමැති අතර ඇයට මානව සම්පත් කළමනාකරණ කාර්යාංශයේ බඳවා ගැනීම් කටයුතු පිළිබඳව කිසිදු පූර්ව දැනීමක් හෝ අවබෝධයක් නොමැතිව කටයුතු කිරීම තුළින් මෙවැනි විනාශකාරී පරිපාලන සිදුවීම් සිදු කිරීම මතු දිනයක මෙවැනි ආයතනයක කඩා වැටීමට හේතු වීමක් විය හැකිය.
ඇයව හසුරවන ඉහළම නිලධාරියකුගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ඉදිරි දිනකදී සම්පූර්ණ හෙළිදරව්වක් මෙම පිටුව මගින් නොබෝ දිනකින් බලාපොරොත්තු වන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *