සජිත්ගේ නිල නිවේදකයා පගා මරුවෙක් ලු !

විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ (SJB) නායක සජිත් ප්‍රේමදාසගේ දේශපාලන රැලි සහ නිල උත්සව මෙහෙයවනු ලබන ප්‍රධාන සහ නිත්‍ය නිවේදකයා වන සමන් ගමගේ නැමැත්තා පක්ෂ සංවිධායකයින්ගෙන් අල්ලස් ඉල්ලන බවට චෝදනාවක් එල්ලවී ඇතැයි වාර්තා වේ.
මොහු මෙසේ අල්ලස් ඉල්ලන්නේ අදාළ නිල උත්සවවලදී ආසන සංවිධායකයින්ගේ නම් කියා ප්‍රචාරණයක් ලබාදීමටය.අදාළ චෝදනාව සම්බන්ධයෙන් සජිත්ගේ අගසවු ලක්ෂ්මන් ෆොන්සේකාට ද කිහිපවරක්ම සංවිධායකයින් පැමිණිලි කර ඇති බවද කියවේ.
කෙසේවුවද, ඔහු ඒ සම්බන්ධයෙන් අවම වශයෙන් සජිත් හෝ දැනුවත් කර නැති බව මෑතකදී හෙළිව තිබේ.ඒ ආසන සංවිධායකයකු සමගි ජනබල වෙිගයේ මහ ලේකම්වරයාට සිදු කළ පැමිණිල්ලක ප්‍රතිචාරයක් ලෙසය.
පසුව නම නොකී ආසන සංවිධායකයකු කියා සිටියේ මේ ඡාවාරම සිදු කරනු ලබන්නේ ලක්ෂමන්ද දැනුවත්ව බවයි.
සමන්ට මුදල් දී නම කියාගත් සජබ ආසන සංවිධායකයෝ හිසේ කෙස්ගානට ඇතැයි ද මේ අතර වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *