අපිට ශ්රී ලංකා ක්රිකට් ගැන කතා කරන විට නිසැකයෙන්ම ගාල්ල ගැන කතා නොකර සිටිය නොහැක.මන්දයත් ක්රිකට් ගැන බැදී ඇති අතිශය වැදගත් ස්ථානයක් වන්නෙ ගාලු ක්රිකට් සමජයයි.වැදගත් ඉතිහාසයක් ඇති ගාලු ක්රිකට් සමාජය විනාශ දැක දැක ප්රවීණයන් නිහඩව ඉන්නේ දිලිත් ගේ කුමන පිදේනිය නිසාද යන ගැටඵව පැන නගියි?

ගාලු ක්රිකට් සමාජයේ සාමාජිකත්වය මීට වසර 6කට පෙර දිලිත් ලබා ගත්තේය.පාසල් ඉතිහාසයේ ක්රීඩාපිටියකටවත් පානගා නොමැති දිලිත්ට 2020 වර්ශයේදී ගාලු ක්රිකට් සමාජයේ සාමාජිකත්වය ගෙන අනුශාසක වරයෙකු ලෙස රිංගගත්තේ කෑදර යටි අරමුණකින් නොවන බව එදින සිටි කිසිවකුට තේරුනේ නැත.ඔහුගේ ආගමනය ගැන නිකමට හෝ ප්රශ්නයක් නැගුවේ ගාල්ලේ ප්රවීන නීතිඥ වරයෙකු වන තිලින පන්ඩිතරත්න පමණි.ඔහුට එදා පාසල් සමයෙන් පසු ගාල්ලේ ක්රීඩාවට සතයකින් හෝ උදව්වක් කර නොමැති දිලිත් එකවර මේ එන්නේ දේශපාලන යටි අරමුණකින් බව වටහා ගත්තේ අතලොස්සකි.
එදා ගාලු ක්රිකට් සමාජයට පස්සෙදොරින් රිංගූ දිලිත් යටි අරමුණ එලිදැක්වීමට පටන්ගෙන ඇත.ඒ කෙසේද යත් ඔහුගේ පක්ෂයේ ජාතික සංවිධායක ඔහු මෙන්ම ක්රිකට් තරගයක්වත් නරබා නැති ප්රසාද් මංජුලට ගාලු ක්රිකට් සමාජය භාර දීමට සැලසුම් කරමින් සිටීයි.
රාජපක්ෂවරුන්ගේ කලඵ සල්ලි සුදු කිරීමේ ප්රධාන චරිතයක් වූ ප්රසාද් මංජුල සිය කලඵ සල්ලි සුදු කිරීමට ගාලු ක්රිකට් සමාජය සියතට ගැනීමට මුදලට ගිජු පිරිසක් සමග මූලික අඩිතාලම දමමින් සිටියි.
ඊලග ලිපියෙන් එහි සියලු සැලසුම් සමග පූර්ණ විස්තර බලාපොරොත්තු වන්න

