පසුගිය දිනක පාර්ලිමේන්තු සහ මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පල්ලන්සේන රැදවුම් මද්ධ්යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක යෙදුන මොහෙතේ ඉතාමත් වටිනා ප්රකාශයක් කළේය. ඒ පොලීසිය විසින් සැකකරුවන් අල්ලා ඔවුන්ට කෘතිමව මත්ද්රව්ය හදුන්වාදී බොරු නඩු දැමුව හොත් පොලිස් ස්ථානාධිපතිට එරෙහිව ඒ හා සමාන නඩුවක් පවරන බවයි. එම ප්රකාශයට රජයේ මාධ්ය වලට වඩා ප්රසිද්ධියක් සමාජ මාධ්ය ජාලා සහ පුද්ගලික මාධ්ය ආයතන මගින් ලබා දෙනලදි. එයට හේතුව වූයේ පොලිස් නිළධාරින් විසින් තමන්ට ඉහල නිළධාරින් ලබාදෙන නියෝග අනුව ටාගට් කවර් කිරීමට සැකකරුවන් බොහෝ දෙනෙකුට මත්ද්රව්ය හදුන්වා දීම පිළිබදව පොලීසියට එරෙහිව පැමිණිලි ලැබී තිබීමය. එම ප්රමාණය 80% ක තරම් ඉහල අගයකි. 18000 ක් රැදවියන් රදවා තැබිය හැකි ශ්රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුල රැදවියන්ගේ සංඛ්යාව 44000 ක් දක්වා ඉහල එය හේතුවක් විය.
දැනට මාස කීපයකට පෙර ගම්පහ මහේස්ත්රාත් අධිකරණයේ දී පොලීසිය විසින් සැකකරුවකු සදහා කෘතිමව මත්ද්රව්ය හදුන්වා දුන් නඩුවකදී අදාල සැකකරු නිදොස් කර නිදහස් කර එම මත්ද්රව්ය හදුන්වා දුන් පොලිස් නිළධාරින් විසින් සැකකරුට රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් ගෙවන ලෙසට නියෝග කරමින් නඩු තීන්දුව ලබා දුන්ණ්ය.
ඇමති වරයා පොලිස්පති ප්රියන්ත වීරසූරියට පුද්ගලිකවම උපදෙස් ලබා දුන්නද පොලිස්පති වරයා ගැසුවේ අමුතුම වංගුවකි. ඒ පොලිස්පති විසින් 2026 -08-17 දින ආර් ටීඑම්- 409 සහ සී ආර්ටීඑම් 329 යටතේ පිටු 8 ක නියෝගයක් නිකුත් කර ඇති අතර එහි කිසිම තැනක පොලීසිය භාර ඇමතිවරයා ලබාදුන් උපදෙස් ගම්ය වන කිසිවක් නැත. එහි පුන පුනා කියන්නේ රස පරීක්ෂක වාර්ථා ගැනය. ඇමති වරයා කීවාට කෘතිමව හදුන්වා දුන් මත්ද්රව්ය ප්රමාණයට අදාල නිළධාරියාට එරෙහිව නඩු දැමීමට බැරිය. ඒත් එසේ කෘතිමව මත්ද්රව්ය හදුන්වා දී පුද්ගලයන් අපහසුතාවට පත් කරන නිළධාරින්ට එරෙහිව අසත්ය පැමිණිලි ඉදිරිපත් කිරීම පිළිබදව නඩු පැවරීමටත් ඊට අමතරව එම නිළධාරින්ට එරෙහිව චෝදනා පත්ර නිකුත් කොට විනයානුකූලව ක්රියාත්මක වී සේවයෙන් පහකිරීමට කටයුතු කරන බවට නිළධාරින් දැනුවත් කිරීම කල හැක. නමුත් පොලිස්පති වරයා එසේ නොකිරීම හරහා නොකියා කියන්නේ කෘතිමව මත්ද්රව්ය හදුන්වා දී සාමාන්ය පුරවැසියන් අපහසුතාවට පත්කරාට කමක් නැහැකියා නොවේ නම් වෙන කුමක්ද?

