ලංකාවේ ජනතාවට හොඳ පොලිස් සේවයක් ඇති කිරීමේ මූලික පරමාර්ථය ඇතිව 2001 වර්ශයේදී 17 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනය අනුව ස්වාධීන ජාතික පොලිස් කොමිෂන් සභාව පිහිටවන ලදි. එතැන් සිට මේ දක්වා 18 , 19 ,20 සහ 21 යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කිරීමේදී ජනාධිපතිවරා විසින් ජාතික පොලිස් කොමිෂන් සභාව සතු බලතල පවරා ගැනීම සහ අත් හැරීම අඩුවැඩි වශයෙන් සිදුවිය.
පොලිස් කොමිෂන් සභාව මගින් යම් අසාධාරණයක් සිදුවූයේ නම් එයට එරෙහිව අභියාචනාධිකරණයට හෝ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යාමට පෙර අභියාචන විනිශ්චය අධිකරණය වෙත යෑමට අවස්ථාව නීත්‍යානුකූලව සෑම පොලිස් නිළධාරියෙකුට හිමිව තිබූ අයිතිවාසිකමකි. එසේම පොලිස් කොමිෂන් සභාවේ ජීවිකාලය වසර 3 කි. වසර 3 කට වරක් සභාපති වරයා ඇතුළු පොලිස් කොමිෂන් සභාවේ සභිකයන් පත්කිරීම ව්‍යවස්ථාදායකය සභාවේ අනුමැතියට යටත්ව පත් කිරීම ජනාධිපති වරයා හෝ වරිය විසින් සිදුකල යුතුය.
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ගැන ඔහුගේ අනුගාමිකයන් සහ ජනාධිපති මාධ්‍ය ඒකකය කුමක් කීවත් සුදුසු තැනට සුදුසු පුද්ගලයන් පතිකිරීම අතින් ඔහු අසමත් පුද්ගලයකි. එය ඔහු ඕනෑවටත් වඩා ඔප්පුකර ඇත. එසේ පුරප්පාඩු පුරවන්නේ නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු පුරප්පාඩු 4 ක් සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු 5 ඇති වන්නේ නැත. එය වෙනමම සාකච්ඡා කලයුතු දෙයකි.
දැනට ක්‍රියාත්මක වන්නේ 2026 මැයි මස 15 වෙනි දින කාළය අවසන්වූ පොලිස් කොමිෂන් සභාවයි. එම පොලිස් කොමිෂන් සභාවට සභාපති ලෙසට ඊ ඩබ්ලිව් එම් ලලිත් ඒකනායක පත්කරන්නේ 2023 දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වුවත් ඒ සදහා ක්‍රියාත්මක වූ හස්තය වූයේ එවකට පොලීසිය බාරව සිටි ඇමති ටිරාං අලස් ය. ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයට පෙර සිට ජනාධිපති වූ පසුව ප්‍රසිද්ධියේ කියූ කතා අනුව ලංකාවේ පමනක් නොව ලෝකය පුරා විසිරී සිටි ලාංකිකයන් සිතුවේ 2026 මැයි 16 වෙනිදා වෙනවිට අලුත් සභාපති වරයෙකු ඇතුළු සාමාජික මණ්ඩලයක් පොලිස් කොමිෂන් සභාව වෙත පත්කරනු ඇතැයි කියාය.
නමුත් එසේ නොවුනේ ඇයි. අදටත් ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුව භාර ඇමති ටිරාං අලස් වීමයි. 2024 නොවැම්බර් මහමැතිවරණයෙන් පසුව පොලීසිය බාර ඇමති ලෙසට ආනන්ද විජේපාල පත්කරේ රටක් ලෝකයක් රැවටීමටය. ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ පොලීසිය භාර ඇමති ටිරාං අලස් නොහොත් ටිරාං අයියාය. එසේ සිදුවීමට හේතුව ජනාධිපති අනුර කුමාර දිසානායක යේ පණ රැඳී ඇත්තේ ටිරාං අලස් කියන ගිරවා ලග වීමයි. ටිරාං අලස් ගේ කීම මත ජනාධිපති අනුර කුමාර දිසානායක නියෝග කරේ 2026 මැයි 16සිට පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඇතුළු සමාජිකයන් ට අලුත් සභාපති වරයෙකු පත්කරන තෙක් දැරූ නිළයන්හි රැදී සිටින ලෙසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක ටිරාං අලස්ට ඒ තරමට පරාන බයය. ඒ බය අනුර කුමාර දිසානායක පමණක් නොව විපක්ෂයේ හැම එකාටම නඩු දාන අල්ලස් කොමිෂන් සභාවේ සභාපති රංග දිසානායකද ඒ තරමටම බයය. ලංකාවේ බිලියන සිය ගනනක් පාඩු කල ඊ වීසා වංචාව ගැන කිසිදු පරීක්ෂණයක් නොකර ඉන්නේ ඒනිසාය.
2019 අප්‍රේල් 21 සිඳුවූ පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම වෙනුවෙන් චෝදනා එල්ලවී තිබූ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් , ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක ඇතුළු උසස් නිළධාරින් 8 දෙනෙකුට එරෙහිව නිකුත් කරතිබූ චෝදනා පත්‍ර සියල්ලම ටිරාං අලස්ගේ ඍජු මැදිහත් වීම නිසා පොලිස් කොමිෂන් සභාව විසින් දින කීපයකින් අසා අවසන් කොට ඔවුන්ව නිදොස්කොට නිදහස් කළේය. ඒ පොලිස් කොමිෂන් සභාවම පාස්කු ප්‍රහාරය පිළිබදව තොරතුරු ලබා දුන් එවකට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහි පැවති චෝදනා පත්‍රය විභාග කොට ඔහුව සේවයෙන් පහකරන ලදි.
එම චෝදනා පත්‍රය වෙනුවෙන් පැමිණිල්ලේ ප්‍රභල සාක්ෂි කරුවෙකු ලෙස නම් කර සිටි වත්මන් පොලීසිය භාර අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න සාක්ෂි දීමට පැමිණියේ නැත. ඔහු පරීක්ෂණ මණ්ඩලය මගහැර සිටියේ ඇයිද යන්න පිළිබදව කිසිම ක්‍රියාමාර්ගක් ගත්තේ නැත. නමුත් ලැබුන ඔත්තුව අනුව ප්‍රහාරය වලක්වා නොගත් උන්ව නිදොස්කොට නිදහස් කල ජාතික පොලිස් කොමිෂන් සභාව ඔත්තු කරුට වෙඩි තැබීම කොතරම් හාස්‍ය ජනකද?
ඒ සදහා පොලිස් කොමිෂන් සභාවට ඍජුවම උපදෙස් ලබා දී තිබුනේ ටිරාං අලස් ය. ඒ නමට බෞද්ධයක්වී සිටින උප්පත්තියෙන් රෝමාණු කතෝලිකයකු වූ ටිරාං අලස්ගෙන් කාදිනල් මැල්කම් රංජිත් විසින් කල ඉල්ලිමකට ප්‍රතිචාරක් ලෙසය. ( අලස් පවුලේ අයගේ බෞද්ධ කමේ සර්ධාව කොතෙක්ද යන්න මරදානේ ජයසේකරා රාමයට ගොස් එහි ඇති ටිරාං අලස්ගේ සහෝදරයා වූ මලික් අලස්ට පිංපිණිස සදා ඇති බුද්ධ ප්‍රතිමා සාක්ෂි දරණු ඇත)
පොලිස් කොමිෂන් සභාවට එරෙහිව මෑතදී තීන්දු දෙකක් අභියාචන විනිශ්චය අධිකරණය විසින් ලබා දුන්නාය.
ඒ බොරු චෝදනා එල්ලකරමින් වසර ගනනාවක් රිමාන්ඩ් බාරයේ තබාගෙන සිට අවසානයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම නොදොස්කොට නිදහස් කල හිටපු පොලිස් අධිකාරී ලක්ෂ්මන් කුරේව නැවත සේවයේ පිහිටුවා ඔහුට හිමි ජ්‍යෙෂ්ඨත්වය ලබා දෙන ලෙසට සහ ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට නියෝජ්‍ය පොලිස්පති ධූරය ලබාදෙන ලෙසට යි. දෙවන තීන්දුව ලෙසට ලද ශානි අබේසේකර 2020 සිට නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස් කිරීමට අදාල නියෝගය පොලිස්පති වරයා වෙත යොමුකර තිබූ අතර පොලිස්පති වරයා විසින් ඒ අනුව පොදු පනිවිඩයක් නිකුත්කරමින් ඒ බව නිළධාරියාට දැනුම් දී ඇත. නමුත් ලක්ෂ්මන් කුරේට ඒ සහය පොලිස් කොමිෂන් සභාව මගින් මේ වනතෙක් ලබාදී නැත. ඒ ඔහු මාලිමාවේ දේශපාලන නොකල නිසාදැයි ප්‍රශ්නයකි.
මෙම නියෝග දෙක පොලිස් කොමිෂන් සභාවට එරෙහිව ලබා දුන් පසුව පොලිස් කොමිෂන් සභාව අභියාචනාධිකරණය වෙත ගොස් පොලිස් කොමිෂන් සභාවට එරෙහිව ඇති පැමිණිලි විභාග නොකරන ලෙසට අභියාච විනිශ්චය අධිකරණය ට එරෙහිව රිට් ආඥාවක් ලබා ගත්තේය. එම රිට් ආඥාව නිසා අගතියට පත් ජේෂ්ඨ පොලිස් නිළධාරින් සංඛ්‍යාව 100 කට අධිකය. මෙසේ කිරීමට පොලිස් කොමිෂන් සභාවට ඍජුවම නියෝග කර තිබුනේ ටිරාං අලස් ය. ඒ කාදිනල් මැල්කම් රංජිත් ගේ ඉල්ලීමටය. කාදිනල් මැල්කම් රංජිත් එසේ ඉල්ලීමට හේතු වූයේ ඔහුගේ ඉල්ලීම මත සේවයෙන් ඉවත්කල ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන විසින් පොලිස් කොමිෂන් සභාවේ තීන්දුවට එරෙහිව අභියාචන විනිශ්චය අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති පැමිණිල්ල නිසාය. අප දන්නා පරිදි ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පුද්ගලයකු විසින් අභියාචනක් සදහා ඉදිරිපත් කර ඇති විශාලතම ලිඛිත සාක්ෂි ප්‍රමාණයක් ඔහු ඉදිරිපත් කර ඇත. එම ප්‍රමාණය 3200 කට අධිකය. එම අභියාචනය විභාග කරාට පසු කාදිනල් මැල්කම් රංජිත් ඇතුළු බොහෝදෙනෙක් සමාජය ඉදිරියේ නිරුවත් වීම වත්මන් තිරේ පිටුපස පොලීසිය බාර ඇමති ටිරාං අලස්ට නොව සක්කරයාගේ පුතා වයිමාට වත් නතර කල නොහැක.
(ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ආර් එස් එම්)

