සූරසේන රකින්න අනුර ගෙනා 22 අස්සේ අළුත්කඩේ මහාධිකරණයේ කොටසක් කඩා වැටේ

දැන් රටේ එකම කතිකාව අග්‍රවිනිශ්චයකාර ප්‍රීති පද්මන් සූරසේන රකින්න ජනාධිපති අනුර කුමාර දිසානායක ගෙනා 22 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනය ව්‍යවස්ථාව ගැනය. ලංකාවේ නොව එය ලෝකේ පුරාම පැතිරුණ මාතෘකාවක් වී ඇත.

නමුත් අද කතාව එය නොවේ. කොළඹ අළුත්කඩේ මහාධිකරණය සංකීර්ණයේ කොටසක් බිමට කගාඩෙන වැටීමය. කොළඹ අළුත්කඩේ මහාධිකරණ ගොඩනැගිලි සංකීර්ණය ලංකාවේ නීතිය ගැන ලෝකයට කියන පුරාවස්තුවකි. එයට විශේෂ හේතුවක් වූයේ සුද්දා රට පාලනය කරන කාළයේ ලංකාවේ අධිකරණ ධූරාවලියේ දෙවන තැන හිමිව තිබුනේ මහාධිකරණයට වීමත් එය රෝම වාස්තු විද්‍යාව අනුව නිමවා තිබීමත් නිසාය.

සුද්දාගේ කාළේ ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයක් තිබුනේ නැත. එය තිබුනේ එංගලන්තයේය .එය නම් කර තිබුනේ රැජින උසාවිය කියාය. කොළඹ අළුත්කඩේ මහාධිකරණය ගොඩනැගිලි සංකීර්ණය පුරාවස්තුවක් ලෙස නම් කර ඇත. ඒ නිසා එය අලුත්වැඩියා කරන්නේ පැරණි නිමැවුමට කිසිදු හානියක් නොවන ලෙසටය.

අළුත්කඩේ සියළුම අධිකරණ ගොඩනැගිලි පරීක්ෂාවටත් ඒවා නිසිලෙස නඩත්තු කිරීමටත් රජයෙන් වැටුප් ගෙවන කණ්ඩායමක් සිටියි. ඒත් ඔවුන්ගේ කාර්‍ය්යභාරය නිසිලෙස ඉටුවන්නේ නැත. අළුත්කඩේ අධිකරණය සංකීර්ණයේ ඇති පැරණි ගොඩනැගිලි වල බෝගස් සග නුග ගස් පැලවී ඇත. පැරණි ගොඩනැගිලි සියල්ලම පාහේ ඉදිකර ඇත්තේ ගඩොල් සහ සාමාන්‍ය බදාම උපයෝගී කරගෙනය. ඒ නිසා බෝ පැල සහ නුග පැල ඉතාමත් ඉක්මණින් වැවෙන එක ස්වාභාවිකය.

නමුත් එම ගොඩනැගිලි නඩත්තු කරන කන්ඩායම එම පැල ඉවත්කර සෑම අලුත්වැඩියාවක්ම  දෛනිකව නඩත්තු කරේ නම් පසුගියදා මහාධිකරණය ගොඩනැගිල්ලේ කොටසක් කඩා වැටීම වලක්වා ගැනීමට හොදාකාරවම ඉඩකඩ තිබුණි. තම කාර්‍ය්ය නිසි ලෙස ඉටුකිරීමට අධිකරණ ගොඩනැගිලි නඩත්තු අංශය අසමත් වුවහොත් ඊලගට කඩාගෙන වැටෙන්නේ මහේස්ත්‍රාත් ගොඩනැගිලි සංකීර්ණය යි.

 22 දිහා බලාගෙන ඉද්දී ලංකාවේ නීතියේ ප්‍රධාන සංකේතයක් වන අළුත්කඩේ අධිකරණය සංකීර්ණයේ පැරණි ගොඩනැගිලි එකින් එක බිමට කඩාවැටී පොලොවට සමතලා වෙනතෙක් බලාසිටිනවාද නැත්නම් ඒවා ආරක්ෂා කර ගන්නවාද යන්න වත්මන් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ගේ පූර්ණ වගකීමක් වන්නේය.

(නීතීඥ ධනුෂ්ක සේනානායක)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *