සුරාබදු ලොක්කෝ ළඟ නවයි, ආරක්ෂිත ස්ටිකර් ටෙන්ඩරය තවත් අවුරුද්දකට “මැඩ්රාස් සිකියුරිටි” ට

ශ්‍රී ලංකාවේ මත්පැන් බෝතල් සඳහා ආරක්ෂිත ස්ටිකර් සහ ඩිජිටල් සලකුණු පද්ධතිය තවත් වසරක කාලයක් පවත්වාගෙනයාමට ඉන්දියාවේ Madras Security Printers (MSP) සමාගමට ලබාදීමට සුරාබදු ලොක්කන් අලුත් මඟක් ගෙන තිබේ.
ඒ අදාළ ටෙන්ඩරයට ලංසු ඉදිරිපත් කිරීම ලබන සැප්තැම්බර් 22 වැනිදා දක්වා දීර්ඝ කිරීම මගිනි.
මීට අදාළ දැන්වීම පසුගිය සිකුරාදා දිනමිණ ඇතුළු රජයේ පුවත්පත්වල පලකර තිබිණි.
අපි මීට පෙර අදාළ ටෙන්ඩරය දැන්ට ලබාගෙන ඇති Madras Security Printers (MSP) සමාගමටම ලබාදීමට සුරාබදු කොමසාරිස් ජනරාල් විශ්‍රාමික නාවික කොමදෝරු එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න සහ ආදායම් අධිකාරියේ අධ්‍යක්ෂවරයා වන නිහාල් ප්‍රේමලාල් කටයුතු කරමින් සිටින බව අනාවරණය කර දින කිහිපයක් යාමට ද පෙර බල්ලා මල්ලෙන් එළියට පැන තිබේ.
අදාළ ලංසු ඉදිරිපත් කිරීම දික් කිරීමට ප්‍රේමරත්න සහ ප්‍රේමලාල් යුගලය කටයුතු කරනු ලැබුවේ එහි වාසිය Madras Security Printers (MSP) සමාගමට ලබාදීමටය.
සාමාන්‍ය ටෙන්ඩර් පටිපාටියට අනුව ලංසු තැබීම සැප්තැම්බර් 22 වැනිදා අවසන්වූ පසුව ඒ සඳහා සිදුකළ යුතු ක්‍රියා පටිපාටියක් තිබේ.


එය පිළිවලින් මෙසේය.

  1. ලංසු විවෘත කිරීම (Bid Opening)
නියමිත අවසන් වේලාවට පසු ලැබුණු ලංසු නිල වශයෙන් විවෘත කර, ලංසුකරුවන්ගේ තොරතුරු හා ඉදිරිපත් කළ මිල/කොන්දේසි වාර්තාගත කරයි.
  2. මූලික ලංසු පරීක්ෂාව (Preliminary Examination)
ලංසු ලේඛන සම්පූර්ණද, නියමිත ආකෘති භාවිත කර තිබේද, Bid Security/ඇපකරය නිවැරදිද, අත්සන් සහ අනෙකුත් අනිවාර්ය ලේඛන තිබේද යන්න පරීක්ෂා කරයි.
  3. තාක්ෂණික ඇගයීම (Technical Evaluation)
ලංසුකරු ටෙන්ඩර් ලේඛනයේ සඳහන් තාක්ෂණික, ආරක්ෂක, නිෂ්පාදන, මුද්‍රණ තාක්ෂණය සහ රහස්‍යතා අවශ්‍යතා සපුරා තිබේද යන්න Technical Evaluation Committee එක විසින් පරීක්ෂා කරයි.
  4. සුදුසුකම් පරීක්ෂාව (Qualification/Compliance Check)
සමාගමේ පළපුරුද්ද, මූල්‍ය හැකියාව, අදාළ බලපත්‍ර/සහතික, පෙර කොන්ත්‍රාත් ක්‍රියාකාරීත්වය සහ tender conditions සපුරා තිබේද යන්න තහවුරු කරයි.
  5. මිල ලංසු ඇගයීම (Financial Evaluation)
තාක්ෂණික හා අනිවාර්ය සුදුසුකම් සපුරන ලංසුකරුවන්ගේ මිල ලංසු විවෘත/ඇගයීමට ලක් කරයි. මෙහිදී අවම මිල පමණක් නොව, ටෙන්ඩර් ලේඛනයේ සඳහන් ඇගයීම් ක්‍රමය අනුව මිල හා අනෙකුත් සාධක සලකා බලයි.
  6. Evaluation Committee නිර්දේශය
ඇගයීම් කමිටුව තම නිර්දේශය Procurement Committee / Tender Board වෙත ඉදිරිපත් කරයි.
  7. ප්‍රසම්පාදන කමිටුවේ තීරණය
අදාළ කමිටුව ලංසු ඇගයීම් වාර්තාව සලකා ජයග්‍රාහී ලංසුකරු තෝරා ගැනීම හෝ අවශ්‍ය නම් පැහැදිලි කිරීම්/වැඩිදුර තොරතුරු ඉල්ලා සිටීම සිදු කරයි.
  8. අනුමැතිය සහ Letter of Award
අවශ්‍ය අනුමැතීන් ලබාගැනීමෙන් පසු තෝරාගත් ලංසුකරුට Letter of Award / ප්‍රදාන ලිපිය නිකුත් කරයි.
  9. කොන්ත්‍රාත්තුව සහ Performance Security
ජයග්‍රාහී සමාගම නියමිත Performance Security ලබා දී කොන්ත්‍රාත්තුව අත්සන් කරයි.
  10. ආරක්ෂිත නිෂ්පාදනය සහ භාරදීම
අවසානයේ අනුමත කළ සැලසුම්/පිරිවිතර අනුව ආරක්ෂිත ලේඛන, මුද්දර හෝ වෙනත් security items නිෂ්පාදනය කර, දෙපාර්තමේන්තුවේ පරීක්ෂාවෙන්/අනුමැතියෙන් පසු භාරදීම සිදු වේ.
    මෙම ක්‍රියාවලියට විශාල කාලයක් ගතවනු ඇති බව අමුතුවෙන් කිවයුතු නොවේ.
    ඒ අනුව ලංසු භාර ගැනීම කල් දැමීමත් සමග අදාළ ක්‍රමවේදය ජනවාරි මාසයට පෙර සිදුකර අවසන් කළ හැකි නොවේ.
    ඒ සඳහා මතුවන තවත් බාධාවක් නම් ලබන ඔක්තෝබර් හා නොවැම්බර් මාස අයවැය සඳහා කාර්ය බහුල වීම නිසා මේ කටයුතු තවත් ප්‍රමාදවීමට ඇති ඉඩකඩය.
    ඒ අනුව මේ ටෙන්ඩරය අනිවාර්යෙන්ම 2027 ජනවාරිවලට පෙර සිදු කළ නොහැකි වනු ඇත.
    එසේ නම් ප්‍රේමරත්න සහ ප්‍රේමලාල් යුගලය සිදු කරනු ලැබුවේ Madras Security Printers (MSP) හි වුවමනාවය.
    නොඑසේ නම් ප්‍රේමරත්න සහ ප්‍රේමලාල් යුගලය සිදුකරනු ලබුවේ ව්‍යාපාර වංගුවලට ඇටකුණාවී සිටින Madras Security Printers (MSP) හි දේශීය නියෝජිතයා වන මුස්ලිම් ව්‍යාපාරිකයාගේ පදයට නැටීමකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *