මධ්යම පළාතේ ආණ්ඩුකාර විශේෂඥ වෛද්ය හර්ෂ සුරංග ප්රනාන්දු මහතා පළාතේ මාධ්යකරුවන් තමන්ගෙ කාර්යාල වෙත ගෙන්වා ඩනතාවට බලපාන ප්රශ්ණ සම්බන්ධයෙන් සාකච්ජා කර තිබෙි. එහිදී මධ්යම පළාතේ මත් ද්රව්ය ( අයිෂ් හෙරොයින් ගංජා තූල් මත් පුවක් ලේගියම් ටොෆී හෑෂ් කොකෙන්) මර්ධනය ගැනත් විශේෂයෙන් සාකච්ජා පවත්වා ඇත.
එහෙත් මාධ්යවේදීන්කීප දෙනෙක් ආණ්ඩුකාරවරයා වෙත සදහන් කළේ මාතලේ ගම්පල පොලීසිවල බොහෝ නිලධාරීන් මත් ද්රව්ය ජාවාරමුන්ගේ යාලුවො නිසා තොරතුරු දුන් සැනින් එම තොරතුරු දුන් එකාගෙ විස්තරය පදිංචිය නම ගම යන සියලු දේ පොලීසියෙන්ම ජාවාරම් කරුවන්ට ලබා දෙන බවයි. මත් ද්රව්ය ගැන මාතලේ පොලීසියට යම් තොරතුරක් දුන් විගස මාතලේ පොලීසියේ ඇතැම් නිළධාරින් ඒ ගැන මත්ද්රව්ය ජාවාරමාට කියනවලු අපි අල්ලන්න එනව බඩු හංගල දාපන් කියලා.
ආණ්ඩුකාරවරයා මසකට වරක් ආරක්ෂක කමිටුව රැස්කරල විස්තර අහනකොට ලොකු තරු ඔටුණු ආණ්ඩුකාර වරයාට බොරු පවසන බවත් අහවල් තැන ඇල්ලුවා අහවල් තැන මෙපමණ තිබුණා යනු වෙන් සදහන් කරන බව එහිදී වාර්තාකරුවන් පවස තිබෙි.
ඒත් මාතලේ පොලිස් බල ප්රදේශයේ කුඩු කසිප්පු ජාවාරමුන්ට හොඳට සලකල එයාලගෙ ජාවාරම ජයට කරගෙන යන්න මාතලේ පොලිස් ලොක්කො සපෝට් කරන බව ,වාර්තාකාර මහත්තුරු ආණ්ඩුකාරයාට තොරතු ඇතිව පෙන්වා දී ඇත.
අපරාධයක් මංකොල්ලයක් සිදුවුණාම ගම්පොල පොලීසියේ ලොකු මහත්තුරු ඒ තොරතුරු හංගන බවත් වාර්තාකාර මහත්තුරු ආණ්ඩුකාරවරයාට පවසා තිබෙි.,පොලීසිය ආණ්ඩුව ඉදිරියට යන ගමනට කිසිම සහයෝගයක් නොදෙන බව වාර්තාකරුවන් කීප දෙනෙක් මෙහිදී ප්රකාශ කර ඇත. මේ ගැන සොයා බලන බව ආණ්ඩුකාර තුමා ප්රශ්ණය ඉදිරිපත් කල වාර්තාකරුවන්ට පොරොන්දු වී ඇත.

