මාලිමා රජය බලයට පත්වීඩවසර දෙකක් ගෙවී ගියද රජය සතු ඇතැම් ආයතන දූෂිතයන්ගේ ග්රහණයෙන්තවමත් ගලවා ගැනීමට නොහැකිවීමට හොඳම උදාහරණය SLTMobitel ආයතනය ලෙස පෙන්වාදිය හැකිය.
වත්මන් රජයේ ඩිජිටල් අමාත්යංශයේ උපදේශක ලෙස ක්රියාත්මක වන ආචාර්ය හාන්ස් විජේසූරිය, SLTමොබිටෙල් ආයතනයේ සභාපති මොතිලාල්ද සිල්වා සහ එම අධ්යක්ෂකමණ්ඩලයේ සුරේන් අමරසේකර ත්රිත්වය මෙම ආයතනය දිනෙන්දින වලපල්ලට ඇද දමන ආකාරය සාක්ෂි සහගතව පෙන්වා දිය හැකිය.
මොතිලාල්ද සිල්වා
slt mobitel ආයතනයේ වර්තමන් සභාපති ලෙස මොතිලාල් සිල්වා පත් කරන ලද්දේ මෙම මාලිමා රජය පත්වීමත් සමඟ වන අතර එම පත්වීම සෘජුවම හාන්ස් විජේසූරියගේ නිර්දේශ මත සිදු වූවකි. එතෙක් මොතිලාල්ට මාලිමා රජයේ ඉහළ දේශපාලන මණ්ඩලය සමඟ කිසිදු දැනහැදුනුම් කමක් නොතිබුණු අතර ඔහු සක්රීය සේවයෙන් විශ්රාම ගොස් හැත්තෑවන වියේ පසුවූ පුද්ගලයෙකි. මොතිලාල් යනු ඩයලොග් ආයතනය ආරම්භක යුගයේ හාන්ස් සමඟ සේවය කළ පුද්ගලයකු වන අතර Dialog ජ්යෙෂ්ඨ නිලධාරීන් පවසන්නේ සිය ආයතනයේ සිටි දුර්වලම විශ්රාමිකයා, හාන්ස් විසින් slt සභාපති කොට එවූ බවයි.
තීරණ ගැනීම පිළිබඳ නායකත්වයේ කිසිදු හැකියාවක් නොමැති මේ පුද්ගලයා නිසා ආයතනයේ තාක්ෂණ ආයෝජන මාස ගණන් පමා වන්නේ විශාල මූල්ය පාඩුවක් ගෙන දෙන පරිදිය.
උදාහරණ ලෙස ටෙලිකොම් ආයතනයට අයත් පාලිත සමාගමක් වන මොබිටෙල් 5G සංඛ්යාත බලපත්ර මිලදී ගත්තේ 2025 වසරේ නොවැම්බර් මාසයේදී වන අතර එකී තාක්ෂණ ආයෝජන ටෙන්ඩරය මාස ගණනක් වාදකරමින් කල් දමන ලදී. මේ වන විට ඩයලොග්ආයතනය 5G කුළුණු 1900කට වඩා බලගන්වා ඇති අතර මොබිටෙල් ආයතනයට 5G කුළුණු දහයක්වත් බල ගැන්වීමට මේ දක්වා නොහැකි වී ඇති බව ආයතනික ආරංචි මාර්ග පවසයි. මෙහි වාසිය ඍජුවම ඩයලොග් ආයතනයට බව අමුතුවෙන් කිවයුතු නැත.
අපගේ slt ආයතනයේ මෙන්ම ලාංකේය ජාතිය සතු වටිනාම ඩිජිටල් යටිතල පහසුකමක් වන ශ්රී ලංකාවම ආවරණය කළ ෆයිබර් රැහැන්පද්ධතියේ transport network යාවත් කාලීන කිරීමේ ටෙන්ඩරයද මෙලෙසම මොතිලාල්ගේ දඬු අඩුවට හසුවී අතර මග නතර කොට ඇති බව වත්මන් සේවකයෝ පවසති. transport network යාවත්කාලීන කිරීම slt ආයතනයට අතිශයින්ම තීරණාත්මක කරුණක් වන අතර මෙම ටෙන්ඩරය අතර මග නවතා දැමීමට මොතිලාල්ක්රියා කරන්නේ අතිශය ලාමක කාරණා ඉදිරිපත් කරමින් dialog ආයතනයට භූමියේ වාසිය සැලසෙන පරිදි බව වත්මන් සේවකයෝ පවසති.
ආයතනයේපෙර පැවති දූෂණ වංචා සෙවීම පාපිස්සට යට කිරීම මොතිලාල්ට ඇති අනෙක් බරපතලම චෝදනාවයි. මේ පිළිබඳ සේවක සංගම් දිගින් දිගටම ප්රශ්න කරද්දී මොතිලාල් ක්රියා කරන්නේ ඩිමෙන්ශියා රෝගියෙකුගේ මනෝභාවයෙනි.
තවත් අධ්යක්ෂක මණ්ඩල සාමාජිකයෙකු වන සුරේන් අමරසේකරට එරෙහි රුපියල් මිලියන 50කට අධික රාජ්ය මූල්ය වංචාව පිළිබඳ රජයේ විගණන වාර්තාව යටගැසීමද මෙතිලාල්ට එරෙහි ඇති තවත් බරපතල චෝදනාවකි. මෙම විගණන නිර්දේශ අනුව මොතිලාල් විසින් සුරෙන් අමරසේකරව අධ්යක්ෂක මණ්ඩල තනතුරෙන් පහකිරීමට නිර්දේශ කළ යුතුව තිබුණද එය හිතාමතාම යට ගසා ඇත්තේ හාන්ස්ගේ උපදෙස් මත බව පැවසේ.
මොතිලාල්සිල්වා ටෙලිකොම් යටතේ පවතින මොබිටෙල්ආයතනයේද සභාපතිවරයා වුව ද ඔහු mobitel ආයතනයේ ජංගම දුරකථන අංකයක් තවමත් භාවිත නොකිරීම සේවකයන්ගේ අතිශය කනස්සල්ලට හේතු වී ඇත. පසුගිය වසර තිහකට අධික කාලසීමාවේදී පත් වූ කිසිදු සභාපතිවරයකු මෙබඳු ඩයලොග් තරගකරුට අනුග්රහශීලී ප්රතිපත්තියක කටයුතු කොට නොමැත. slt mobitel සභාපති ලෙස ඔහුගේ බිස්නස් කාඩ් එකේ පවා මුද්රණය කොට ඇත්තේ dialog දුරකථනඅංකය විනා මොබිටෙල් අංකයක්නොවේ.
ආයතනයේ වසර දෙකක් තිස්සේ පැවති ප්රධාන නිලධාරී පුරප්පාඩු කිහිපයක් පිරවීමට තවමත් කල්මරණ මොතිලාල් ඒ සඳහා බාහිර නිලධාරීන්, විශේෂයෙන් ඩයලොග් ආයතනයේ VRS ගෙන කලින් විශ්රාමගත වූ අය බඳවාගැනීමට උත්සාහ කරයි. දැඩි සේවක විරෝධය මැද එබඳු ඇතැම් පත්වීම්සිදු නොකලද එම තනතුරුවලට අභ්යන්තරපත් කිරීමක් හෝ සිදුකිරීමට මොතිලාල් ඉඩ නොදෙයි. (උදාහරණ CIO තනතුර වසර තුනක් තිස්සේ පුරප්පාඩුව පවතී. CPO,CNO, Chief Strategy Officer තනතුරු පිරවීමට ගත් කාලය වසරකට අධිකය)
ටෙලිකොම් සමාගම එහි සේවක කැපවීම්හා කලින් පැවති කළමනාකාරිත්වයේ නිසි තීරණ හේතුවෙන් තවමත් ලාභදායී ආයතනයක් ලෙස කටයුතු කළත්, මොතිලාල් සභාපතිවරයාගේ සැලසුම් සහගත අත්තනෝමතික ක්රියාකලාපය හමුවේ තව වසර දෙකතුනක් යාමට පෙර බිමට සමතලා වී වැටෙන බවනම් පැහැදිලිය.
සුරේන් අමරසේකර
ටෙලිකොම් ක්ෂේත්රයේ ජාත්යන්තර අත්දැකීම් ඇති නීලකාස හොරෙකුවන සුරේන් අමරසේකර අධ්යක්ෂක මණ්ඩලයට පත්වූයේ රනිල් වික්රමසිංහ යුගයේ 2023මැද භාගයේදීය. එවකට ඔහුගේ ප්රධානම රාජකාරිය වූයේ ටෙලිකොම් සමාගම පාඩු ලබන තත්ත්වයට පත්කොට එහි වැලුවේෂන් එක (වෙළඳ අගය) පහතට දමා විදේශීය සමාගමකට කුණු කොල්ලයට විකුණා දැමීමේ රනිල් වික්රමසිංහ රජයේ ව්යාපෘතියේ තැරැව්කරුවාවීමයි. ඒ සමයේ ඔහු මොබිටෙල් ආයතනයට කළ විනාශයේ තරම විශ්රාම ගිය මොබිටෙල් සේවකයන්ගෙන්දැන ගත හැක.
සුරේන් අමරසේකර මොබිටල් ආයතනයේ CEO ලෙස කටයුතු කළ 2005- 2012 වකවානුවේදී ආයතනයට රක්ෂණ සේවා සැපයීම සඳහාටෙන්ඩර් පටිපාටියකින් හෝ අධ්යක්ෂක මණ්ඩල අනුමතයකින් තොරව රාජපක්ෂ කල්ලියේ සුප්රසිද්ධ චෞරයකු වන ගාමිණී සෙනරත්ට අයත් බ්රෝකර් සමාගමක් පත් කොට රාජ්යමුදල් මිලියන 50කට අධික මුදලක්වංචා කොට ඇත. මේපිළිබඳ ආයතනයේ විගණන වාර්තාවක් රජයේ විගණන දෙපාර්තමේන්තුවේ වාර්තාවක් සහ ශ්රී ලංකා පොලිසියේ මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ විමර්ශනයක් සිදුවී ඇති අතර ඔහු මොතිලාල් සභාපතිවරයා සමඟ සම්බන්ධ වී එකී නිර්දේශ ක්රියාත්මක නොකරන්නට බලපෑම් සිදුකරයි. රාජ්ය මූල්ය අපරාධයක් පිළිබඳව රජයේ විගණන වාර්තා තිබියදී පවා එකී නිර්දේශවලට බලපෑම් කළ හැකි අයුරින් අධ්යක්ෂ මණ්ඩලයේ රැඳී සිටීම මාලිමා රජයේ බලධාරීන්ගේ ඇසට තවමත් යොමු නොවීම අතිශය කණගාටුවට කරුණකි.
සුරේන් අමරසේකරගේ අපකීර්තිමත් ඉතිහාසය පිළිබඳව දේශීය හා ජාත්යන්තර මාධ්යවාර්තා ඉන්ටනෙට් හරහා ගූගල් කිරීමෙන් ඕනෑ තරම් ලබාගත හැක.( 2019 වසරදී නේපාලයේ රාජ්ය බදු වංචාවක් මත ඔහු හදිසියේම නේපාලයේ NCell දුරකථන සමාගමෙන් අස්වූ පුවත KathmanduPost මාධ්ය වාර්තාව, රනිල් වික්රමසිංහ යුගයේ සුරේන් ටෙලිකොම් ආයතනය වැනසීමට ක්රියාත්මක වූ අයුරු සඳහන්වන ලංකාඊනිවුස් වාර්තා උදාහරණය)
හාන්ස්විජේසූරිය
ඩයලොග් සමාගම සහ එකී මව්සමාගමේ ප්රධානියකු ලෙස දීර්ඝ ඉතිහාසයක් ඇති හාන්ස් විජේසූරිය, මාලිමා රජය පත්වීමත් සමඟම ඩිජිටල් ආර්ථික අමාත්යංශයේ උපදේශක ලෙස පත්කරන ලදි. ඔහු ප්රකාශ කළේ තමන් වැටුපක් නොලබන බවත් ස්වේච්ඡා සේවයක් රජයට ලබාදෙන බවත්ය. ඩයලොග් බඳු පුද්ගලික ආයතනයක් පාලනයේදී ඔහුගේ දක්ෂතාවය අප පිළිගත යුතුවුවත්, ඩිජිටල් අමාත්යාංශයේ ඔහු මේ වසරදෙක තුළ කළ කාර්යභාරය ගැනපැහැදිලි අදහසක් තවමත් රටට නැත.
එහෙත් ඔහු උපක්රමික ලෙස මොතිලාල් වැනි දුර්වල සභාපතිවරයෙකු හරහා ටෙලිකොම් ආයතනය දිනෙන් දින දුර්වල කරන බවත් ඒ හරහා ඩයලොග් සමාගම ලංකාවේ එකම හා විශාලම සන්නිවේදන සැපයුම්කරු ලෙස ස්ථානගත කරන බවත් ක්ෂේත්රයේ නොරහසකි.
සුරේන් කලින් බදු වංචාව සිදුකළ නේපාලයේ NCell සමාගම, dialog ආෂියාටා සමූහයට අයත් එකක් වන අතර සුරේන්ගේ වංචාව හෙළි වීමත් සමඟම ඔහුව ආයතනයෙන් පැන්නීමට ක්රියාත්මක වූ අධ්යක්ෂක මණ්ඩලයේ අය අතර හාන්ස්පෙරමුණ ගත්තේය. එහෙත් සුරේන්ගේ මොබිටෙල් මූල්ය වංචාව පිළිබඳ හාන්ස් නිහඬවම ඔහුව ආරක්ෂා කරන පිළිවෙතක සිටින්නේ සුරෙන් විසින් ටෙලිකොම් ආයතනයට සිදු කරන හානියේ වාසිය අවසානයේ ලැබෙන්නේ dialog සමාගමට බැවිනි.
මාලිමා රජයේ දුර කාලය අවසානයේදී හාන්ස් නැවත ඩයලොග් ආසියාටා ආයතනයට සම්බන්ධ වීම අනිවාර්ය වන අතර අදටත් ඔහුගේ වැටුප, අතිරේක දීමනාවක් ලෙස ආසියාට සමූහයෙන් ලැබෙන බව අභ්යන්තර ආරංචිමාර්ග පවසයි. ඒ වෙනුවෙන් හාන්ස් සිදුකරන්නේ ලංකාවේ ටෙලිකොම් කර්මාන්තය, ඩයලොග්කරණය සිදුකොට ටෙලිකොම් ආයතනය මුළුමනින් වැනසෙන්නට ඉඩ හැරීමයි.
රනිල් වික්රමසිංහ රජය කුණු කොල්ලයට විකුණා දැමීමට උත්සාහ කළ ටෙලිකොම් ආයතනය අනුර කුමාර ජනාධිපතිවරයා ප්රමුඛ මාලිමා රජය යටතේ ජාතික සම්පතක් ලෙස සුරැකුනද, දූෂිතනිලධාරි වළල්ලක ග්රහණයට හසුව දිනෙන් දිනවැනසෙන අයුරු අතිශය කණගාටුදායකය.
සාක්ෂි සහගතව ඉහත පෙන්වා දුන්පරිදි හාන්ස් -මොතිලාල් -සුරේන් ත්රිත්වය විසින් අතිශයින් වටිනා ශ්රී ලාංකීය රාජ්ය සම්පතක් වන ටෙලිකොම් සමූහය වැනසෙන්නට කටයුතු කරද්දී මාලිමා රජය තවමත් නිහඬනිවට ස්වරූපයකින් කටයුතු කිරීම පිළිබඳව සේවකයෝ සහ වෘත්තීය සංගම් අතිශය විරෝධ පලකරති.
(ටෙලිකොම් සේවකයෙක් විද්යුත් තැපැලට යොමු කළ ලිපියකි.)

