පොලිසියේ බොහෝ දෙනෙකේ රගපාන්න දක්ෂය. ඕනෑම ජරාවැඩක් කර සුදනෝ ලෙස සිටිමටත් , ඒ ගැන ලැජ්ජාවක් බයක් නොමැත්ව හිරිකිතයකින් තොරව සිටිමටත් රුසියෝය.එසේ රංගනයට දක්ෂ වත්මන් පොලිසියේ ජේෂ්ඨයෙක් වන්නේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ය.
ඔහුගේ රංගනය ගැන අප අවස්ථා ගණානාවකදී සාක්ෂි සහිතව හෙළි කර ඇතත් ඒ සම්බන්ධ විමර්ශනවලින් බෙිරි සිටිමට හැකිවී ඇත්තේ මේ ලැජ්ජා බය නහරය ඔහුගේ කපා ඇති නිසා වෙනි.සාෆිගේ තිර නාටකයේ සිට , අනුරාධපුර පුජාභූමියේ කුඹුරු ඉඩමක හෝටලයක් ඉදිකිරිම, ඊට අවශ්‍ය සිමින්ති පන්සල්වලට මුවාවෙමින් පුත්තලම සිමින්ති කම්හලෙන් ලබා ගැනිම, පොලිස් නිලදාරින් යොදවා ඔහුගේ ලීබඩ සාප්පුවලට අවශ්‍ය ලී අනුරාධපුරයෙන් ප්‍රවාහනය කිරිම, පාතාලයේ කණ්ඩායමක් සමග එක්ව මිනිමැරිම, බොරු චෝදනා එල්ල කර විශ්‍රාමික මෙිජර් ජෙනරාල් කිත්සිරි එකනායන සිරගත කිරිම ආදි චෝදනා රාශියක් එල්ලව ඇතත් ඒ සියල්ලම යටපත් කිරිමට සිය මිතුරු වත්මන් පොලිස්පති ප්‍රියන්ත විරසුරිය සමත් වී ඇත.
කෙසේ වෙතත් අතුඩංගුවට ගත් සැකකරුවෙක් කොන්ක්‍රිටි කොටයක ගැටගසා ඝාතන කර ගගට දැමිමේ චෝදනාව සම්බන්දයෙන් විමර්ශන සිදු කරන විට යළිත් ඔහුගේ ඉහමොල රත්වී වටේ දිවිමට පටන් ගෙන ඇත.
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව වෛද්‍ය සාෆි තයන්ට සිදුවු ආසාධාරණය සමිබන්ධයෙන් පරික්ෂණයක් ඉල්ලා මහජන ආරක්ෂ අමාත්‍යංශයේ ලේකම් රවී සෙනවිරත්නට පැමිණිල්ලක් ඉදිරිපත් කිරිමෙන් පසුව ඒ බව දැනගත් කිත්සිරි වහාම ගොස් ලේකම් රවී හමුවී දනගසා වැද තමා නිවැරදී බව පවසා තිබෙි. අවසානයේ සාෆිගේ පැමිණිල්ල හමස් පෙටිටියට ගියේය.
මේ ආකරයට සැකකරුවෙක් ඝතනය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපෙර්තමේන්තුවේ විමර්ශන සිදුවෙද්දී තමන්ට සිදුවිමට යන විපත ගැන ඉගිවැටුණු කිත්සිරි ජයලත් ජනාධිපතිවරයා ඉදිරියේ දනගසා වැද සිය නිරිදොෂ් බාවය සදහන් කර ඇති බව වාර්ථාවෙි.ඒ පසුගියදා ජනාධිපතිවරයා සියලුම බන්ධනාගාර නිලදාරින් හා ඉහළ පොලිස් නිලදාරින් කැදවා පැවති සාකච්ජාව අවසානයේදීය.
2026-09-02

