යහපත් පුරවැසියන් සමාජගත කිරීමේ අරමුණින් ආරම්භ කල බාලදක්ෂ ව්‍යාපාරය තුලින් මුදල් ඉපයීමේ ජාවාරමක් මහනුවර බාලදක්ෂ මූලස්ථානය ආරම්භ කර ඇති බවට,බාලදක්ෂ ව්‍යාපාරයේ නිරත පාසැල් දරුවන්ගේ දෙමව්පියන් මහනුවර බාලදක්ෂ ව්‍යාපාරයේ නිලධාරින් එවන ලද ලිපියකින් අනාවරණය වීමත් සමග තම දරුවන් පාසැල් බාලදක්ෂ ව්‍යාපාරයට යොමු කල දෙමව්පියෝ නොසන්සුන් වී සිටිති.
වානිජ පරමාර්ථය මූලික කරගනිමින් පාසැල් බාලදක්ෂ දරුවන්ට මුදල් රුපියල් 10000 ක් ,දක්වා උපයන්නේ නම්,විශේෂ සහතිකයක් සහ වැඩිම නිල පදක්කම් ලබාදෙන බවට මහනුවර බාලදක්ෂ මූලස්ථානය සඳහන් කිරීම බාලදක්ෂ ව්‍යාපාරයට කළු පැල්ලමක් බව ,ආදීබාලදක්ෂයන් පවසයි.
මෙම ක්‍රියාව බාලදක්ෂ ව්‍යාපාරයට කිසිසේත් නොගැලපෙන බවත්,අහිංසක පාසැල් බාලදක්ෂයන් යොදවා ,මහනුවර බාලදක්ෂ ව්‍යාපාරය සිදු කරන්නට කැස කවන මෙම කටයුත්ත වහා නවත්වන්නට ජනාධිපති වරයාගේ විශේෂ අවධානය යොමු කරන්නැයි ආදී බාලදක්ෂයන් මෙන්ම ,පාසැල් බාලදක්ෂයනගේ දෙමව්පියන් ඉල්ලීමක් කරයි.
මේ සම්බන්ධව මහනුවර බාලදක්ෂ මූලස්ථානයේ නිලධාරියෙකුගෙන් විමසූ අවස්ථාවේ ඔහු පැවසුවේ එහි වරදක් නොමැති බවකි.කෙසේ නමුත් රුපියල් දසදහසක් වැනි මුදලක් පාසැල් බාලදක්ෂයන් විසින් එකතු කිරීම අනිවාර්ය කර නැති බවද එම නිලධාරියා කියා සිටියේය.,බාලදක්ෂ ව්‍යාපාරයේ නිරත ඇතැම් දූෂිත නිලධාරින් කීප දෙනෙක් මෙවැනි තීන්දූ තීරණ ගන්නේ අහිසංක පාසැල් බාලදක්ෂයන් කකුල් රිදෙන තෙක් පයින් ඇවිද ගොස් කිසියම් කාර්යයක් ඉටුකර ලබාගන්නා මුදල් ගසා කෑමේ අරමුණින් විය හැකි බව කිව යුතුය.රුපියල් දසදහසක් උපයා දෙන පාසැල් බාලදක්ෂයා අල්ලසකට පුරුදු කරවීමට මහනුවර බාලදක්ෂ සංගමය ගෙන ඇති තීරණය වහා හකුලා ගන්නා ලෙස මව්පියන් ඉල්ලා සිටියි.
2026-09-03

