ජපානයේ පැවති වයස අවුරුදු 19න් පහළ ආසියානු කණිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියට එක්වූ ශ්රී ලංකා ක්රීඩකයෙක් හා ක්රීඩිකාවක් ලිංගිකව එක්වන වීඩියෝවක් ලීක් වී තිබෙි. මෙම පාසල් ක්රීඩකයා හා ක්රීඩිකාව කොළඹ ප්රධාන පෙළේ පාසල් දෙකක ඉගෙනුම ලබන ජාතික මට්ටමේ ඉහළම ශ්රේණිගත කිරීම් දිනා සිටින අයයි. මේ පිලිබද ජාතික බැඩ්මින්ටන් සංගමය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි. කෙසේ වෙතත් අධ්යාපන අමාත්යාංශය යටතේ ඇති පාසල් බැඩ්මින්ටන් සංගමය මෙම සිදුවීම වසා දැමීම සදහා විශාල පරිශ්රමයක් දරන බව වාර්තාවෙි.
මෙම තරගාවලිය සදහා ආරාධනය පැමිණි පසු ජාතික බැඩ්මින්ටන් සංගමය ඊට අවශ්ය ක්රීඩක ක්රීඩිකාවන් තෝරාගෙන අධ්යාපන අමාත්යාංශයේ ලිඛිත අනුමැතිය සහිතව ශ්රී ලංකා කණ්ඩායම ජපානයේ පැවති මෙම තරගාවලිය සදහා යොමු කලේය. ඒ කණ්ඩායමේ කළමණාකරු ලෙස පාසල් සංගමයේ භාණ්ඩාගාරික ඩර්වින් සිල්වා හා කාන්තා නිලධාරිනියක් සමගයි. ඔවුන් දෙදෙනා ඊට තෝරාගෙන තිබුනේ කිසිදු සුදුසුකමක් මත නොව හිතවත්කම හා මුදල් තිබීම හේතුවෙනුයි. එහි අනිටු ඵලයක් ලෙස මෙලෙස කණිෂ්ඨ ක්රීඩක ක්රීඩිකාවන් අනාචාරයේ හැසිරී තිබේ. ඒ නිලධාරීන් සාප්පු සවාරි ගොස් සිටි අතරවාරයේ මෙම සිදුවසිම සිදුවු බව සදහන්. මෙලෙස නිලධාරීන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් විනාස වන දරුවන්ගේ ජීවිත වලට වගකියන්නේ කවුද ?
මේ අතර ක්රීඩිකාවන්ගේ හදිසි ගැබ් ගැනීම් මෙන්ම දූෂණය වීම් වගෙම ජීවිත අහිමිවීමේ අවධානම් පවා මෙවන් විදෙස් තරගාවලි වලදී සිදුවිය හැකි බව අමතක කළ නොහැකි අවධානම් අතර වෙයි.
මෙකී නොකී ඒවා වලක්වා ගැනීමට අධ්යාපන අමාත්යාංශය හා අධ්යාපන අමාත්ය හා අග්රාමාත්ය හරිනි විජේසූරිය ගන්නා ක්රියා මාර්ගය කුමක්ද ? ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ කුඩා දරුවන් කෙලෙසෙනතුරු බලා සිටින්නේ ජාතික ක්රීඩාව ගැන ඇති වගකීම් විරහිත බව හේතුවෙනුයි. රටේ ක්රීඩාව වල් වැදී අවලමේ යන තුරු බලධාරීන් සුව නින්දේ. ඉතින් සිස්ටම් චේන්ජ් යනු දරුවන් බිල්ලට දීම විය නොහැකිද ?
මේ රටේ බලධාරීන්ගේ අවධානය සදහායි. බලි ඇරලා තොවිල් නටලා පැන්නිය යුත්තේ මේ ක්රීඩාව වනසන බහිරවයන් නොවේද ?
2026-10-24

