අනුන් දීපු හිල් ජංගි ඇඳපු ජවිපෙ නායකයන් 2024 න් පසුව කෝටිපතියන් වුනේ කොහොමද ?

ජනතා විමුක්ති පෙරමුණ  ආරම්භ වන්නේ 1965 මැයි මස 14 වෙනිදාය. එතැන්සිට ජවිපෙ රටේ ඇතිවූ ප්‍රධාන අභ්‍යන්තර කැරළි දෙකකට නායකත්වය ලබා දුන් අතර එහි ප්‍රතිපලයක්  ලෙස පක්ෂයේ නිර්මාතෘ පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර නොහොත් රෝහණ විජේවීර ඇතුළු එහි සාමාජිකයන් 75000 කට අධික ප්‍රමාණයක් ජීවිතයෙන් වන්දි ගෙව්වෙිය. ඔවුන්ගේ ප්‍රහාරයන්ට ලක්ව මිය ගිය පිරිස දසදහසකට චුට්ටක් වැඩිය.

 ආරම්භයේ සිටම පක්ෂයේ නායකයන් ගත කරේ අල්පේච්ඡ ජීවිතය. එසේම ආරම්භයේ සිට රටේ වෙනත් කිසිම දේශපාලන පක්ෂ ව්‍යුහයක නොතිබූ පක්ෂ සාමාජිකයන් විසින් නඩත්තු කරන පූර්ණකාළීණව පක්ෂේ දේශපාලන කටයුතු වල නිරතවන කණ්ඩායමක් බිහිවිය. එය හේතු කොටගෙන පක්ෂය ආරම්භක යුගයේ සිටම පක්ෂ නායකයකු රටේ කොතනක හෝ පක්ෂ අභ්‍යන්තර දේශපාලන සාකච්ඡාවක් සදහා සහභාගී වූ කල එම සාකච්ඡාව සංවිධානය කල පුද්ගලයා විසින් සාමාජිකයන් ගෙන් එකතු කර ගන්නා මුදලක් පැමිණෙන නායකයාට දීම පුරුද්දක් විය. ඊට අමතරව අදාල ප්‍රදේශය අනුව සොයාගත හැකි දෙයක් පරිත්‍යාගයක් ලෙස ලබා දීමද සිදුවිය. ඒවාට පළතුරු භවබෝග මෙන්ම මාළු කරවල පමණක් නොව දඩමස්ද අයත් විය.

 1971 දී බිඳවැටෙන පක්ෂය 1978 සිට නැවත කරළියට එන්නේය. 1983 ජූලි 29 දින පක්ෂය තහනමට ලක්වූ පසු 1989 දෙසැම්බර් අඟ වනවිට දේශපාලන මණ්ඩලයේ එක් සාමාජිකයකු හැර නායක රෝහණ විජේවීර ඇතුළු මුල්පෙලේ සියළුම නායකයන් ඝාතනයට ලක්විය. ඉන් අනතුරුව කලවැල්ලාගොඩ චන්ද්‍රාලෝක හිමියන්ගේ රහසිගත නායකත්වය යටතේ සංවිධානය වූ ජවිපෙ දේශපාලනය ලෝකයට පේන්න සෝමවංශ අමරසිංහ නායකයා ලෙසට පෙන්වමින් ආරිය බුලේගොඩට හිමිකාරත්වය හිමි ජාතිය ගලවා ගැනීමේ පෙරමුණ යටතේ 1994 මහමැතිවරණයට ඉදිරිපත් විය. එය දෙවරක් මර්ධන කල ජවිපෙ තෙවන නැගිටීමයි.

 එතැන් සිට 2024 සැප්තැම්බර් 21 ජනාධිපතිවරණය ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය ඉදිරිපත් කල අපේක්ෂක අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කිරීමෙන් පසුව එහි උච්චතම අවස්ථාව වූයේ එම වසරේම නොවැම්බර් 14 පැවති මහමැතිවරණයෙන් පැහැදිලි 2/3 ක බලයක් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 159 ක් පත් කරගනිමින් 1978 ව්‍යවස්ථාව යටතේ ලංකා ඉතිහාසයේ විශිෂ්ටතම ජයග්‍රහණය වාර්ථා කලේය. එම ජයග්‍රහණය ලබා ගැනීමට ප්‍රධාන සාධකයක් වූයේ එතෙක් රට පාලනය කල පාලකයන් කල අදූරදර්ශි පාලනය සහ ජවිපෙ නායකයන් ලෝකයට පෙන්වා සිටි ඔවුන් ගතකල අල්පේච්ඡ ජීවිතත් ඔවුන් පෙන්වා සිටි පාරදෘශ්‍ය භාවයත් නිසාය.

 2023 වසරේ පාර්ලිමේන්තුවේ සමමත වූ දූෂණ විරෝධී පනත ප්‍රකාරව ජනාධිපතිවරයා ඇතුළු සියළුම මහජන නියෝජිතයන්ට තමන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට සිදුවිය. එහිදී ලෝකයම  දැනගත්තේ ජවිපෙ නායකයන් බහුතරයක් කෝටිපතියන් බවය. දූෂණ විරෝධී පනත හරහා රනිල් වික්‍රමසිංහ විසින් කරඬුව හිස තබා ජවිපෙ නායකයන්ගේ සරම කඩා තිබුණි. වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමෙන් පසුව සියළුම නායකන් දේශපාලන වශයෙන් නිර්වස්ත්‍ර වී තිබුණි. ඒත් පැලවත්ත සේදුම් බලකාය නිරුවත් වූ ජවිපෙ නායකයන් ට සීතාම්බර පටය ඇන්දවීමට අදටත් උත්සහ කරමින් සිටී.

 සත්‍ය වශයෙන්ම ජවිපෙ නායකයන් කෝටිපතියන් වූයේ කෙසේද? සමාජයට පෙන්විය හැකි පාරම්පරික දේපලක් ඇති පවුලකින් විවාහ ගිවිසගෙන සිටියේ විජිත හේරත් පමණි. අනික් සෑම නායකයකුම පෝෂණය වූයේ දෙස් විදෙස් පක්ෂේ කාඩරය විසින් දුන් ආධාර සහ පක්ෂෙට ලැබුන මහජන නියෝජිතයන් ගේ වැටුපෙනි. නමුත් 2022 අරගලයෙන් පසුව පවත්වන පලමු මැතිවරණයේ දීම බලය ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය වෙත හුවමාරු කිරීමට ලංකාවේ ඇමරිකන් තානාපතිනිය වූ ජුලීචෑන් තීරණය කිරීමෙන් පසුව කතාව සම්පූර්ණයෙන්ම වෙනස් විය. ඒ අනුව ජවිපෙ නායකත්වය වෙත රටවල් තුන කින් එනම් ඇමරිකාව චීනය සහ ඉංදියාව වෙතින් මූල්‍ය ආධාර ලැබුනි. එය යම් ප්‍රමාණයකින් විපක්ෂ දේශපාලන පක්ෂ වෙතද ලැබී තිබුණි. ඊට අමතරව ජවිපෙ මුල්පෙළ සහ දෙවනපෙළ නායකයන් සදහා වෙන වෙනම ඍජුවම ආධාර දීමට එක් කන්ඩායමක් ඉදිරිපත් විය. ඒ යුධමය වශයෙන් විනාශවී ගිය එල්ටීටීඊ සංවිධානයේ හදිසි හස්තය ලෙස ක්‍රියාත්මක වෙන දෙමළ ඩයස්ෆෝරාවයි. ඒ ඔවුන් සමග ඉදිරියේ දී ඒකාබද්ධව වැඩ කිරීමට ජාතික ජන බලවේග නායකත්වය ඍජුවම ඔවුන් වෙත ලබාදුන් සහතිකය නිසාය. ජවිපෙ එල්ටීටීඊ සංවිධානය සමග 87/89 කාළයේද  ඍජු සම්බන්දතා පැවැත්විය. එයට කදිම උදාහරණය වන්නේ 1987 දෙසැම්බර් මසදී ත්‍රීකුණාමලයේ මන්කි බ්‍රිජ් හිදී ජවිපෙ සහ එල්ටීටීඊ සටන්කාමීන් විසින් ඉංදීය සාමසාධක හමුදාවේ නිළධාරින් ඇතුළු සොල්දාදුවන් 26 දෙනෙකු ඝාතනය කිරීමයි. ජවිපෙ කන්ඩායමේ නායකත්වය දැරුවේ වත්මන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් ය.

 දෙමළ ඩයස්ෆෝරාව ජවිපෙ නායකන් වෙත වෙන වෙනම මුදල්ලබා දුන්නාය. ඒ එක එකාගේ කටවල් වෙන වෙනම වැසීමටය. ඒ සල්ලි ගත් ජවිපෙ නායකන් කරේ එම මුදල් තමන්ගේ සහ තමන්ගේ පවුලේ සාමාජිකයන් ගේ ගිණුම් වල එම මුදල් තැන්පත් කිරීම හෝ එම මුදල් වලින් දේපළ මිළදී ගැනීමය.

ඔවුන් ලැබීමට යන ජයග්‍රහණය ගැන හාන්කවිසියක් උන්ට තිබුණේ නැත. මැතිවරණ ව්‍යාපාරය කිරීමේදී දෙමළ ඩයස්ෆෝරාවෙන් ලැබුණ මුදලින් එක ශතයක් වියදම් කරේ නැත. ඔවුන් කරේ පෙර සේම එම රැස්වීම් සදහා පලාතේ ව්‍යාපාරිකන් ගෙන් සහ පාක්ෂිකයන් ගෙන් ලිස්ට් දමා හෝ ටිකට් මුද්‍රණය කර විකුණා මුදල් සෙවීමය.

 අදටද ජවිපෙ දේශපාලන මන්ඩල සාමාජික සුනිල් හදුන්නෙත්ති ගේ දියණිය වැඩිදුර අද්ධ්‍යාපනය ලැබීම එංගලන්තයේ නිව් කාසල් හි නතරව සිටින්නේ හිටපු ප්‍රබල එල්ටීටීඊ නායකයකුගේ නිවසේය.  ජයග්‍රහණය ලැබුන පසුව දූෂණ විරෝධී පනතේ නීති ප්‍රකාරව අල්ලස් හා දූෂණ විරෝධී කොමිසම වෙත සෑම මහජන නියෝජිතයකුම තමන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට සිදුවිය. පෙර නොතිබුණු මුදල් ගැන චේතිය පච කීමට ජවිපෙ නායකන්ට සිදුවිය. තම මව දෛනික වැටුපට වත්තේ තේ දළු නෙලූ කෙනෙකු බව කියූ සුනිල් හදුන්නෙත්ති පාරම්පරික ඉඩම් හිමියෙකි. නලින් හේවගේට ලැබුන මුදල් ලැබී තිබුණේ දියණියගේ මල්වර වීමේ උත්සවය වෙනුවෙනි. පවුලේ සියළුම දෙනා කුළී රැකියාවෙන් ජීවත්වූ සමන්ත විද්‍යාරත්නට රුපියල් ලක්ෂ 21 ක්ලැබී තිබුණේ අක්කරයක ගම්මිරිස් අස්වැන්නේ 1/3 කොටසක් ලෙසය. එය ලංකාවේ ගම්මිරිස් වගාවේ වාර්තාගතම ලාභයයි. ඊට අමතරව පවුලේ සාමාජිකයන් වෙනුවෙන් බැංකු ගුණුම් 15 කි.

ජනාධිපති අනුර කුමාර දිසානායක ඉඩම් හිමි වැවිලිකරුවෙකි. අනුරාධපුරයේ ප්‍රසිද්ධම පික් පොකැට් කරුවෙකු වු ඇල්බට් ගේ පුතාවූ ලාල්කාත්ත කෝටිපති නිවාස හිමියෙකි. බිමල් රත්නායක කෝටි 3 කට අධික බීඑම්ඩබ්ලිව් රථයක හිමිකරුවෙකි.

සත්‍ය වශයෙන්ම ඔවුන් ක්ෂණිකව කෝටිපතියන් වූයේ දෙමළ ඩයස්ෆෝරාව විසින් ලබා දුන් මුදල් වලිනි. පාර්ලිමේන්තුවේ දී යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  අර්ජුනා රාමනාදන් විසින් පසුගිය මහමැතිවරණයේ දී දෙමළ ඩයස්ෆෝරාව මගින් වත්මන් ආණ්ඩුවේ සාමාජිකයන් වෙත මුදල් ලබාදුන් බව කීප වතාවක් මුහුණටම කීවද ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීවරු කෙසේ වෙතත් අඩුම තරමින් විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුගේ නයා පෙන්වන ලෙසට ඉල්ලීමක් කල ලක්මාලී හේමචන්ද්‍ර මන්ත්‍රීතුමිය හෝ එයට උත්තර නොදී සිටීමෙන් අර්ජුනා මන්ත්‍රී වරයාගේ චෝදනාව සත්‍ය බව ආණ්ඩුව විසින්ම ඔප්පු කර හමාරය.

(ප්‍රංශයේ සිට කළණ ජයවර්ධන )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *