මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර නැරබිමට ආසනක මිළ රුපියල් හත්දහසේ සිට හතලිස් දහස දක්වා මිළ ගනන් වලට අළෙවි කෙරෙන අතර ,රන්දෝලි පෙරහැරේ ආසන මිළ ඊටක් වඩා වැඩිවී තිබේ.
මහනුවර ඇසළ පෙරහැර ආසන විකුණන්නන්,මෙලෙස අධික මුදලට පෙරහර නරඹන්නන්ට විකුණන ආසන කිසිදු සැප පහසුකමක් නැති,ආසන බව,මහ ජනතාව පවසති.ප්ලාස්ටික් පුටුවට සුදු රෙද්දක් අතුරා තිබෙන අතර,මෙම පුටුවක් අධික මුදලකට මිළදී ගන්නා ,පාරිභෝගිකයාට කිසිදු පහසුකමක් ලබාදී නැති බවත්,පානීය ජල බෝතලයක් ලබාදිය යුතු වුවද එයද ,ලබාදී නැති බවත්,වැසිකිළි පහසුකමක් හෝ නොමැති ස්ථාන තිබෙන බවත් ,අධික මුදල් ගෙවා ,පෙරහැර ආසන මිළදී ගත් විදෙස් සංචාරකයො පැවසූහ.
සංචාරක මග පෙන්වන්නන් (ටුවරිස්ට් ගයිඩ්) ලෙස ව්‍යාජව පෙනී සිටින ඇතැම් වංචනිකයන් ,පෙරහැර ආසන අධික මුදලට විදෙස් සංචාරකයන්ට අළෙවි කර ,ඔවුන්ව ගසා කන්නේ ,නගර සභාවේ සහ ඇතැම් රාජ්‍ය ආයතන වල ඇතැම් නිලධාරින්ගේ සහායෙනි.
මහනුවර ඇසළ පෙරහැර සමයේ සිදුකෙරෙන මෙම අධික මුදලට පෙරහැර ආසන අළෙවි කෙරෙන කූඨ ජාවාරමට ,කිසියම් නියාමනයක් ඇති කිරීමට රජය පියවරක් ගත යුතු බව ,විදෙස් සංචාරකයන්,දේශීය ජනතාව ,සංස්කෘතික අමාත්‍යාංශයෙන් හා පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලීමක් කරති.
මහනුවර නගරයේ පුද්ගලික වෙළඳ ආයතන ,සහ ඇතැම් රාජ්‍ය ආයතන වල පෙරහැර ආසන ටෙන්ඩර් මගින් පුද්ගලික ව්‍යාපාරික පිරිස් වෙත ලබා දී තිබේ.
මහනුවර කොටුගොඩැල්ල වීදීයේ සමූපකාර අළෙවි සැල ද ,පෙරහර ආසන අළෙවි කරන්නන් වෙත ,ටෙන්ඩර් මගින් ලබා දී තිබෙන බව ,එම ස්ථානයේ සේවකයෙක් පැවසීය.
සමූපකාර අළෙවි සැල විදෙස් සංචාරක ගයිඩ් වරයෙකුට පෙරහැර ආසන අළෙවි කිරිම සඳහා නිසි ක්‍රමවේදයක් මත බදු දී තිබෙන බවත් ,එම ආසන රුපියල් දස දහසේ සිට විසි පන්දහස දක්වා මිළකට අළෙවි කෙරෙන බවත් ,එම ආසන විදෙස්සංචාරකයන්ට ,සංචාරක සමාගම් මග පෙන්වනන්නන් හරහා අළෙවි කෙරෙන බවත් දැනගන්නට ලැබිණි.
පෙරහැර ආසනයකින් මහනුවර මහ නගර සභාව රුපියල් 1000 ක , මුදලක්ද ,මහනුවරදිස්ත්‍රික් ලේකම්වරා යටතේ පාලනය වන ඇසළ පෙරහැර භාරයට රුපියල් 600 ක මුදලක්ද අය කෙරෙයි.
මහනුවර ඇසළ පෙරහැර සමයේ පෙරහැර ආසන වල මිළ වැඩි වන්නේ රන්දෝලි පෙරහර දිනවලදී බව කල සොයා බැලීම් වලදී අනාවරණය විය,විදෙස් සංචාරකයන් අධික මිළ ගනන් යටතේ විකුණන පෙරහැර ආසන මිළදී ගැනීමෙන් වැළකී සිට,පදික වේදිකාවන්හි බිම වාඩිවී පෙරහැර නැරඹීමට පුරුදු වී සිටිති.
මහනුවර නගරයේ වෙළඳ ආයතන රැසක් පෙරහැර ආසන සකසා විශාල මුදලකට අළෙවි කරමින් දෙස් විදෙස් පෙරහර නරඹන ජනතාව ගසාකෑම වළක්වාලීම සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම් වරයා යටතේ පවතින පෙරහර භාරය සහ පාරිභෝගික අධිකාරිය පියවර නොගන්නේ මන්දැයි බොහෝ දෙනා ප්‍රශ්ණ කරති. .

