ජනාධිපති අනුර කුමාර දිසානායක නීතීඥ සංගමයේ සමාජිකයන් සමග ආණ්ඩුව ගෙන ඒමට යන 22 දෙවෙනි ආණ්ඩුක්‍රම සංශෝධන නොහොත් සූරසේන සංශෝධනය ගැන ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගිය 12 වෙනිදා පැය දෙකකට අධික කාළයක් පුරා සාකච්ඡාවක් පැවැත්විණි.
ජනාධිපති මාධ්‍ය ඒකකය ඊට පසු දින එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා විසින් කරන ලද කතාව පමනක් මාධ්‍ය වෙත මුදා හැරියේය. එම කතාවට සවන් දුන් විට හැගී ගියේ ජනාධිපති අනුර කුමාර දිසානායක රටේ පවතින අධිකරණ පද්ධතිය ගැන මෙලෝ දෙයක් නොදන්න කෙනෙකු කියාය.
ඔහු විසින් කදිම යෝජනාවක් ඉදිරි පත් කළේය.ඒ අභියාචනාධිකරණය පලාත් මට්ටමට ගෙනියන බවයි. ඒත් 13 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනය ප්‍රකාරව අදටත් පලාත් බද මහාධිකරණ 9 ක් ලංකාවේ පලාත් 9 යෙහි ප්‍රධාන නගර මූලික කරගෙන පවත්වාගෙන යනු ලබයි. මෙම පලාත්බද මහාධිකරණ යනු එම පලාත්වල සිවිල් අධිකරණ මගින් දෙනු ලබන තීන්දුවලට එරෙහිව අභියාචන කරණු ලබන අභියාචනාධිකරණයකි. එහි අභියාචනා විභාග කිරීම සදහා විනිසුරුවන් දෙදෙනෙකු සිටී. පලාත් බද මහාධිකරණය මහාධිකරණයක් මගින් දෙන තීන්දුවක් අභියෝගයට ලක්කල හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේය. ඒ ගැන මෙලෝ දෙයක් ජනාධිපතිවරයා දන්නේ නැත. දන්නවා නම් ඔහු එය නොකියා ඉන්නේද නැත. ඒ ගැන නොදැනීම නිසා ජනාධිපතිවරයා කීවේ අභියාචනාධිකරණය පලාත් මට්ටමින් ස්ථාපනය කරන බවයි. ජනාධිපතිවරයා කිවයුතුව තිබුණේ අපරාධමය නඩු සදහා අභියාචන ඉදිරිපත් කිරීමට අභියාචනාධිකරණය පලාත් මට්ටමට ගෙන යන බවයි.
එසේම ඊලගට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධූරයක් බලාපොරොත්තු වෙන් සිටින ජනාධිපති නීති උපදේශක නීතීඥ විජයබංඩාර ද ජනාධිපතිවරයා දැනුවත් කර නැත. අඩුම තරමින් ජනාධිපති නීතීඥ ධූරය සදහා නම් කිරීමට සුදුසුකම් නැති නීතීඥ විජයබංඩාර වැනි අයකු රටේ උත්තරීතර අධිකරණයේ විනිසුරුවෙක් ලෙස පත්කීරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය අනුව ජනාධිපතිවරයා රටේ අධිකරණ ව්‍යුහය පිළිබදව බාලාංශයේ දැනුමක් නැතිබව පැහැදිලියි ය. එයට හේතුව ලෙස දකින්නේ ජනාධිපතිවරයා වෙත මෙම කරුණේ දී ප්‍රමිශ්කා පෙරේරා නම් ව්‍යාපාරික කාන්තාවක් ලබාදෙන උපදෙස් අනුව ක්‍රියාත්මක වීමයි.
ජනාධිපතිවරයා හිතුවේ පැලවත්තට එන පක්ෂේ සාමාජිකයන්ට සහ ඔහු සමග සාකච්ඡා කිරීමට පැමිණෙන අනෙක් වෘත්තිකයන්ට දාන තග නීතීඥ සංගමයටත් දැමිය හැකිය කියාය. ඔහු වරද්දා ගත් තැන එතනය. සිංහ සෙයියාවෙන් සාකච්ඡාව ප්‍රවිශ්ඨ වූ ජනාධිපතිවරයා සාකච්ඡා අවසන් වන විට බලුවී සිටියේය. එය ඔහුගේ මුහුණේ ඉරියව් වලින් ඉතාමත් පැහැදිලි විය.
මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර සහ ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය දෙදෙනා කල පැහැදිලි කිරීම්වලට ජනාධිපතිවරයා සිටියේ තොලකට වේලී කෙලත් ගිලෙන්නේ නැති ගානටය.
ජනාධිපතිවරයා කියූ තවත් ගොං තර්කයක් වූයේ පාස්කු ප්‍රහාරය පිළිබදව නඩුව විමර්ශනය වෙමින් පවතින බවත් එහි විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු තුමා අභියාචනාධිකරණ විනිසුරු වරයෙකු ලෙස උසස් කිරීමට සිටින සුදුසුම පුද්ගලයා බවත් ඔහුව උසස් නොකර සිටින්නේ අදාල නඩුවට අගතියක් වෙන නිසා බවත් ය. රටේ අධිකරණ ක්‍රියාවලිය ගැන ජනාධිපතිවරයා මෙලෝ දෙයක් නොදන්නා බවට එම ප්‍රකාශයද කදිම නිදසුනකි. විනිසුරුවන් තිදෙනෙකු නඩුවක් විභාග කරන අවස්ථාවක කවුරුන් හෝ විනිසුරු වරයකු මිය ගිය හොත් හෝ උසස් වීමක් එම නඩුවෙන් ඉවත් වූවාය කියා අදාල නඩුවට කිසිම අගතියක් සිඳුවන්නේ නැත. අලුතින් එන විනිසුරුතුමා සමග පෙර සිටි විනිසුරුවන් දෙදෙනා ප්‍රශ්නයක් නොවී අවසාන නඩු තීන්දුව ලියන්නේය. ජනාධිපතිවරයා කියන ලෙසට අදාල විනිසුරු අභියාචනාධිකරණයට විනිසුරුවරයෙකු ලෙස පත් කිරීමට කල ගන්නේ නම් එම පුරප්පාඩුව එසේ තිබියදී අනෙක් පුරප්පාඩු පිරවිය යුතුය. එසේ තම වගකීම පැහැර හැර ඇති ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාදී මෙන් කටට එන බොරු කියන්නේය.
ඒත් ජනාධිපතිවරයා ගේ එම ප්‍රකාශය තුල ඔහු බලාපොරොත්තු වෙන තීන්දුව විනිසුරු ලබා දුන්නොත් පමණක් ඔහුට උසස්වීම් ලබාදෙන බවටත් ඉඟි කිරීමකි. ඒ කියන්නේ ජනාධිපතිවරයා ඍජුවම අධිකරණය වෙත අත පොවන බව නොවේද?
වත්මන් අග්‍රවිනිශ්චයකාර වරයා පත්වූ දින සිට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පුරප්පාඩු 4 කි. විශ්‍රාම ගිය හිටපු අග්‍රවිනිශ්චයකාර තුමිය විශ්‍රාම ගියාට පසු තවත් විනිසුරුවන් තිදෙනෙකු විශ්‍රාම ගියාය. සාමාන්‍ය සම්ප්‍රදාය නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු වරයෙකු විශ්‍රාම යන්නට සිටින විට එම පුරප්පාඩු පිරිවීම සදහා සුදුසු කෙනෙකු තෝරාගෙන අදාල පත්කිරීම සිදුකිරීමට සූදානම්ව කටයුතු කිරීමයි. රටේ අධිකරණ පද්ධතිය ගැන මෙලෝ දෙයක් නොදන්නා අනුර කුමාර දිසානායක වැනි කෙනෙකු ගෙන් එවැනි කාර්‍යයක් අපි බලාපොරොත්තු වන්නේ කෙසේද?
අවසන් වශයෙන් එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ලෝකයට එක් දෙයක් හොඳින් පැහැදිලි කළේය ඒ ඔහු රටේ අධිකරණ පද්ධතිය පිළිබදව කිසිවක් නොදන්නා බවය.
(නීතීඥ ධනුෂ්ක සේනානායක)

