මාතෘකාව කියවන විට ඔබේ ඇඟ කිලිපොළා යනු ඇත. නමුත් මෙය 100% සත්‍ය කතාවකි. ලංකා ඉතිහාසයේ ලංකාවට හිමිවිය යුතු වැඩිම වන්දි මුදලෙහි ඉතිරි කොටස ලෙස ලැබිය යුතුව තිබූ මුදල එයයි. එය රුපියල් වලින් එක් ඇමරිකාණු ඩොලරයක් රුපියල් 300 ක් ලෙස ගනනය කල හොත් එය රුපියල් කෝටි 29970 කි. එය ජනාධිපති අනුර කුමාර කියන ලෙසට එම ප්‍රමාණය රුපියල් 5000 හේ නෝට්ටු සීයේ ( 100 )මිටි පන් ලක්ෂ අනූ නව දහස් හාරසීය (599400) කි. එම මුදල් මිටි ප්‍රමාණය එක දිගට තැබූ විට දිග අඩි දාහත් ලක්ෂ අනූඅටදහස් දෙසීයකි (1798200 කි) එම දිග කිලෝමීටර් වලින් 548.091 කි. ලංකාවේ උස දෙවුන්දර තුඩුව සිට පේදුරුතුඩුවට කිලෝමීටර් 432 කි.
කුමක්ද මේසා විශාල මුදලක නිදන් කතාව. 2021 මැයි 19 වෙනි දින කොළඹ වරායට ආසන්නයේදී එක්ස්ප්‍රස් පර්ල් නම් වෙළද නාවුකාවක් ගිණි ගැනීම ආරම්භ වී ජූනි මස 2 වෙනි දින නැව සම්පූර්ණයෙන් මුහුදුබත් වීම ඔබට මතකද? එකල එම නාවුකාවට ලංකාවට පැමිණීමට අවසර ලබාදුන්නේ කවුද කියා නොවිසිදුනු ප්‍රශ්නයක් විය. නමුත් එම නැව විනාශ වීමෙන් බස්නාහිර දකුණු
සහ උතුරු මුහුදු ප්‍රදේශවල දැඩි පරිසර හානි සිදුවිය. ඉතාමත් වටිනා දුර්ලභ ගනයේ මුහුදු ජීවීන් විනාශයට පත්විය. ඒ ගැන රටම විස්ශෝප වනවිට කැබිනට් අමාත්‍ය වරයෙකු වූ අචාර්ය නාලක ගොඩහේවා කීවේ ” වාරකම් කාළයට කැස්බෑවෝ මැරෙන එක සාමාන්‍ය දෙයක් ” බවයි. පසුව හෙළිදරව් වූයේ විදෙස් රටවල් දෙකනින් ප්‍රතික්ෂේප කල එම නැවට ලංකාවට එන්න යැයි ඩීල් එක කතාකොට තිබුනේ නාලක ගොඩහේවා බවයි. එවකට වරාය ඇමති රෝහිත අබේගුණවර්ධන ඒගැන දන්නේ නැව ගිණිගන්න පටංගත් විටදීය.
අදාල නැව ගිණිගෙන මුහුදුබත් වී සිදුවූ පරිසර සහ මුහුදු ජීවී හානියට වන්දි අයකර ගැනීම සදහා නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය ඉදිරියේ සහ සිංගප්පූරු අධිකරණයක් ඉදිරියේ නඩු පැවරුවෙිය. එහිදී සිංගප්පූරු නඩුව යට ගැසීමට ලංකාවේ දේශපාලකයකු ඩොලර් මිලියන 20 ක් ලබාගෙන ඇති බවට එකල ඇමතිවරයෙකු වූ විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේ දී සහ ඉන් පිටතදී ප්‍රකාශ කල තිබුණද ඒ ගැන අද දක්වා කිසිදු මට්ටමින් නිළ පරීක්ෂණයක් සිදුකර නැත.
මෙම නඩු දෙකට සමගාමීව එම නැවෙන් සිදුවූ පරිසර හානියන නිසා මානවහිමිකම් උල්ලංඝණය වූ බව පවසා පාර්ශ්ව 4ක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් නඩු පවරා තිබුණි. ඒ අය නම් කාදිනල් මැල්කම් රංජිත්, රවීන්ද්‍රනාථ් දාබරේ ( පරිසර යුක්ති කේන්ද්‍රය ), අජන්තා පෙරේරා ( පරිසර වේදිනියක්), බෙනඩික් ඉද්දමල් ගොඩ පියතුමා. වේ
එම නඩු 4 ම එකම නඩුවක් සේ සලකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට කැදවූවෙිය.
අග්‍රවිනිශ්චයකාර මූර්දු ප්‍රනාන්දු , විනිසුරු යසන්ත කෝදාගොඩ , විනිසුරු ඒ එල් ශිරාන් ගුණරත්න , විනිසුරු අචල වෙංගප්පුලි
සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ඉදිරියේ විභාග විය. එම නඩුව පුරා දින 30 ක් විභාග කල අතර 2025 ජූලි 24 වෙනිදා ඒකමතික තීන්දුවක් ලෙසට පිටු 361 කින් යුත් තීන්දුව ප්‍රකාශයට පත්කරන ලදි.
එහිදී ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් නියම කරන ලද විශාලතම වන්දි මුදල වන ඇමරිකාණු ඩොලර් බිලියනයක් නොහොත් ඇමරිකන් ඩොලර් කෝටි 100 ක් ශ්‍රීලංකා භාණ්ඩාගර ලේකම් වෙතට අදාල නැව් සමාගම මගින් වසරක් තුල කොටස් වශයෙන් ගෙවා නිමකල යුතු බවත් එහි පලමු වාරිකය 2025 සැප්තැම්බර් මස 23 ට පෙර ගෙවිය යුතු බවට තීන්දුවේ කියවුණි.එසේම එවකට පරිසර විෂය භාර අමාත්‍ය නාලකගොඩහේවාද මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බව එහි කියවිණි. එසේම එවකට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර ද තම වගකීම පැහැරහැර ඇති බවට තීන්දු කර තිබුණි. තවද මෙම පරිසර හානිය සිදුවීමට වගකීම් පැහැර හැරි සියළුම දෙනාට එරෙහිව පරීක්ෂණ පවත්වා අපරාධමය චෝදනා යටතේ නීතිපති හා එක්ව නඩු පැවරීමට කටයුතු කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද නියෝග කලාය.එම විමර්ශන මාස තුනක ඇතුලත ආරම්භ කරන ලෙසටද එහි නියෝග කර තිබුණි. එසේම මේ පිළිබදව යම් අකටයුත්තක් සිදුවී ඇත්දැයි සොයාබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙසට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයාටද නියෝගයක් නිකුත් කෙරිණි.
සිදුවූ පරිසර හානිය හේතුකොට ගෙන වන්දි ගෙවීමට නියමිත අය සදහා වන්දි ගෙවීමට එම් වී එක්ස්ප්‍රස් පර්ල් වන්දි කොමිසම ස්ථාපිත කරන ලෙසත් සමුද්‍ර කළාපයට සිදුවූ පරිසර හානිය යළි යථාතත්වයට පත්කිරීම සදහා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝග ක්‍රියාත්මකවී මෙහි ප්‍රගතිය පරීක්ෂා කිරීමට මෙම නඩුව 2025 සැප්තැම්බර් මස 25 දින නැවත කැදවන ලෙසටද නියෝග කෙරිණි. ගෙවීමට නියම කල වන්දි මුදල ඩොලරයක වටිනාකම රුපියල් 300 ක් ලෙස ගනනය කල විට එක රුපියල් කෝටි තිස් දහසකි (30000 කි).
මෙම තීන්දුව ලබාදී දින 3 කට පසුව එනම් 2025 ජූලි 27 වෙනිදා අග්‍රවිනිශ්චයකාර මූර්දු ප්‍රනාන්දු මහත්මිය විශ්‍රාම ගිය අතර ජනාධිපතිවරයා විසින් වත්මන් අග්‍රවිනිශ්චයකාර ප්‍රීති පද්මන් සූරසේන එම ධූරයට පත්කරන ලදි. 2025 සැප්තැම්බර් 23 වන විට මෙම සමාගම ඩොලර් මිලියන 250ක් ගෙවීමට නියමිතව තිබුණද අදාල නැව් සමාගම ගෙවා තිබුනේ ඩොලර් මිලියනයක් පමණි.
2025 සැප්තැම්බර් 19 වෙනිදා එංගලන්තයේ ද ලන්ඩන් පී ඇන්ඩ් අයි ක්ලබ් නැමති ආයතනය මගින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් එවාඇත. මෙම ද ලන්ඩන් පී ඇන්ඩ් අයි ක්ලබ් නැමැති ආයතනය නම් එක්ස්ප්‍රස් පර්ල් නැවේ රක්ෂණ සමාගමෙන් රක්ෂණ වගකීම නැවත ලබාගත් සමාගම යි.
ද ලන්ඩන් පී ඇන්ඩ් අයි ක්ලබ් ආයතනයේ ප්‍රධාන විධායක ජේම්ස් බීන් විසින් ලියූ එම ලිපිය මගින් ජනාධිපති අනුර කුමාර දිසානායක ගෙන් ඉල්ලා තිබුනේ එක්ස්ප්‍රස් පර්ල් නැවේ සිද්ධියට මැදිහත් වන ලෙසයි. එය සම්පූර්ණයෙන්ම නීති විරෝධී ලිපියකි. රටේ උත්තරීතරම අධිකරණය මගින් ලබා දී තිබූ තීන්දුවකට මැදිහත් වන ලෙස ඉල්ලා සිටීම අධිකරණයට සිදුකල අපහාසයකි. මෙම සමාගම තීන්දුව ලබා දුන් නඩුවේ පාර්ශ්ව කරුවකු නොවේ. ජේම්ස් බීන් විසින් ලියා තිබූ ලිපිය මගින් ජනාධිපතිවරයා වෙත අනීතික යෝජනා 3 ක් ඉදිරිපත් කර තිබුණි.
1 අධිකරණය විසින් විකල්ප විධිවිධාන සලසා දෙන ලෙස කරුණු ඉදිරිපත් කිරීමට කටයුතු කරන මෙන් අපි ඔබගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
2 හිටපු හිමිකරුගේ සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ක්‍රියාකරුගේ අඛණ්ඩ නීතිමය අයිතිවාසිකම් වලට හානියක් නොවන පරිදි, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ගන්නාලද තීරණය සම්බන්දයෙන් සාකච්ඡාවක් ආරම්භ කිරීම සදහා ඔබ කැමති උසස් මට්ටමේ පත්කල නියෝජිතයකු සමග අප වැඩ කරන්නේ කෙසේද යන්න පිළිබදව උතුමාණන්ගේ මඟ පෙන්වීම අපි අපේක්ෂා කරමු
3 ද ලන්ඩන් පී ඇන්ඩ් අයි ක්ලබ් ආයතනය ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට සහ එහි අධිකරණයේ බලයට ගරු කරන අතර පාරසරික භාරකාරත්වයෙන් ඉහලම ප්‍රමිතීන් සදහා අඛන්ඩව කැපවීමේ වගකීම පිළිගනී. එමෙන්ම මේහැගීමෙන් යුතුව, නෞකාවේ නියෝජිතයන් ගේ සහ කපිතාන්ගේ යහපැවැත්ම ආරක්ෂා කිරීම සදහා මෙම සිදුවීමට මැදිහත් වන ලෙස ඔබගෙන් ඉල්ලා සිටී.
මෙම ඉල්ලිම් තුනම ජනාධිපති අනුර කුමාර දිසානායකට ඔහුගේ බලය අනීතික ලෙස පරිහරණය කිරීම සදහාම කර ඇති ඉල්ලීම් ය. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී ඇති තීන්දුවක් වෙනස් කිරීමට අයුතු යෝජනාවක් කිරීමම ලංකාවේ නීතිය අනුව බරපතළ සිර දඩුවම් ලැබිය යුතු ගනයේ වරදකි. ජනාධිපතිවරයා මෙම ලිපියෙහි ඉල්ලීම් අනුව ඍජුවම ක්‍රියාත්මක වී ඇති බවට සාක්ෂි නැතත් අදාල ලිපිය ජනාධිපතිවරයා වෙත එවා මාස 3 කටපසුව වත්මන් අග්‍රවිනිශ්චයකාර ප්‍රීති පද්මන් සූරසේන විසින් කරන ලද නියෝගයක් අනුව එනම් 2026 ජනවාරි 26 වෙනිදා ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ලක් මෙම නඩුව නැවත සලකා බැලීම සදහා නම් කර තිබුණි. එම විනිසුරුවරුන් තිදෙනා වූයේ මුල් නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමේදී නඩු තීන්දුවට එකගතවාය පලකර අත්සන් තබා තිබූ විනිසුරු ඒ එල් ශිරාන් ගුණරත්න , විනිසුරු අචල වෙංගප්පුලි, විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන අයයි. එයද නීති විරෝධී ක්‍රියාවකි. පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ලබා දී තිබූ තීන්දුවක් නැවත සලකා බැලීමට නම් විනිසුරුවරුන් හත්දෙනෙකු ගෙන් යුත් විනිසුරු මඩුල්ලක් පත්කල යුතු වුවත් වත්මන් අග්‍රවිනිශ්චයකාර ප්‍රීති පද්මන් සූරසේන ඒ සදහා ත්‍රීපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරේ කගේ නියෝග යටතේද යන්න දන්නේ ඔහු පමණි. එම විනිසුරු මඩුල්ල එක්ස්ප්‍රස් පර්ල් නඩුව අවසන් කරන ලදි. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කීවේ ප්‍රධාන කරුණු 3 කි
1 Decided ( ස්ථිර ලෙසම )
2 Proceedings ( නඩුවෙහි සටහන් තැබීම)
3 Terminated ( අවසන් කරනවා)
යනුවෙනි.
එම තීන්දුව අනුව එක්ස්ප්‍රස් පර්ල් නැව් සමාගම විසින් ලංකාවේ රජයට ගෙවීමට නියමිතව තිබූ හිඟ වන්දි මුදල වූ ඇමරිකන් ඩොලර් මිලියන 999 ක් ගෙවීම නතර විය. එයින් ඍජුවම අගතියට පත්වූ ධීවර පවුල් සංඛ්‍යාව 19000 ( දහනව දහසකි.) අදාල තීන්දුවෙ පසුව එක්ස්ප්‍රස් පර්ල් වන්දි කොමිසමද එහි සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකර විසින් අවසන් කරන ලදි. ඔහු එසේ කරේ මෙම කොමිසම තවදුරටත් පවත්වාගෙන යාම අර්ථශූන්‍ය බවට ලිඛිතව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම් දීමෙන් අනතුරුවයිඑ.සේම 2026 මාර්තු 6 වෙනිදා කොමිසම මගින් ලිපියක් මගින් සියළුම පාර්ශ්වයන් වෙත දැනුම් දුන්නේ කොමිසමේ කටයුතු මින් ඉදිරියට ක්‍රියාත්මක නොවන බවයි.
කරුණු එසේ වූ කල කාදිනල් මැල්කම් රංජිත් ඇතුළු කිසිදු පෙත්සම් කරුවන් එම ක්‍රියාවලියට එරෙහිව කිසිම ක්‍රියාමාර්ග ගැනිමට කිසිම උත්සහයක් ගත්තේ නැත. එසේ වූයේ ඇයිද යන්න දන්නේ ඔවුන් ගැන බෙදු මුදල් මිටි පමණි. ඉන්පසුව නීතිපතිට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී තිබූ නියෝග හමස් පෙට්ටියට වැටුණි.
එහෙත් සියල්ලම මුදලට යට කිරීමට බැරිබව ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රවිනිශ්චයකාර ප්‍රීති පදමන් සූරසේන දැනගතයුතුය.
නුගේගොඩ විනිවිද පදනමේ ප්‍රධාන ලේකම් නාගනන්ද කොඩිතුවක්කු මහතා විසින් 2026 අගෝස්තු මස 15 වෙනිදා
” එක්ස්ප්‍රස් පර්ල් සමුද්‍ර ව්‍යසනයේ වින්දිතයන්ට ඇමරිකානු ඩොලර් බිලියන 1 ක වන්දියක් නියම කල පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ලේ තීන්දුව නිශ්ප්‍රභ කිරීම සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගවිනිසුරු ප්‍රීති පදමන් සූරසේන විසින් නිල බලය අයුතු ලෙස කල බවට එල්ල කෙරෙන චෝදනාව”යන මාතෘකාව යටතේ ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
එහි පැමිනිල්ලේ පලමු ජේදය මෙසේය
” මෙය වර්ථමාන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගවිනිසුරු ප්‍රීති පදමන් සූරසේනට එරෙහිව , අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව ( CIABOC ) වෙත ඉදිරිපත් කර ඇති බරපතළ පැමිණිල්ලකි. මෙම පැමිණිල්ලට සහාය වන ස්වාධීන හා විශ්වාසනීය සාක්ෂි කොමිසම වෙත ඉදිරිපත් කර ඇති අතර, එම සාක්ෂි මගින්, එක්ස්ප්‍රස් පර්ල් සමුද්‍ර ව්‍යසනයට වගකිව යුතු නෞකා සමාගමට නීති විරෝධී ලාභයක් ලබා දීමේ අරමුණින්, ඔවුන් විසින් දරනු ලබන අදාල නිළ තනතුරු අයුතු ලෙස භාවිතා කිරීමක් ලෙස සැලකිය හැකි නීති විරෝධී ක්‍රියාවන් සිදුකර ඇති බව පෙන්නුම් කරන බවට චෝදනා කෙරේ. එවැනි හැසිරීමක් සනාත වුවහොත්, එය 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතේ 111 වැනි වගන්තියේ අර්ථය යටතේ දූෂණ ක්‍රියාවක් බවට පත්විය හැකිය” යනුවෙනි.
පිටු දෙකක් පුරා ලියා ඇති එම පැමිණිල්ලේ මෙසේ ද සටහන් කර ඇත.
” ඉහත සදහන් කරුණු මෙන්ම, අල්ලස් කොමිසම වෙත ඉදිරිපත් කර ඇති ස්වාධීන හා විශ්වාසනීය සාක්ෂි ද සැලකිල්ලට ගත්විට, විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගවිනිසුරු ප්‍රීති පදමන් සූරසේන විසින් සිදුකල බවට චෝදනා කෙරෙන බරපතළ නිළ බලය අයුතු ලෙස භාවිතා කිරීමක් සම්බන්දයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට බැලූ බැල්මට හේතු පවතින බව ඉදිරිපත් කරණු ලැබේ. තවද ඔවුන්ගේ හැසිරීම වගඋත්තරකරුවන් වෙත නීති විරෝධී මැදිහත් වීමක් බවටද චෝදනා කෙරෙන අතර, එබැවින් 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතේ 111 වැනි වගන්තියේ අර්ථය යටතේ සිදුවූවා විය හැකි දූෂණ ක්‍රියාවක් ලෙස එය විමර්ශනය කිරීම යුක්තිසහගත වේ”. යනුවෙනි.
ඔහු අවසන් වශයෙන් අල්ලස් කොමිසම වෙතින් පහත ඉල්ලීම කර ඇත.
“එබැවින් , විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගවිනිසුරු පද්මන් සූරසේන විසින් සිදුකල බවට කෙරෙන නිල බලය අයුතු ලෙස භාවිතා කිරීම සම්බන්දයෙන් ස්වාධීන , අපක්ෂපාතී හා විශ්වාසනීය විමර්ශනයක් පවත්වන ලෙසත්, එම විමර්ශනයේදී අනාවරණය වන සාක්ෂි සහ අදාල නීති අනුව අවශ්‍ය යැයි තීරණය වන සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් කොමිෂන් සභාවෙන් ගෞරවපූර්වකව ඉල්ලා සිටිනු ලැබේ. “
යනුවෙනි.
මෙම පැමිණිල්ල අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් විමර්ශනය කරන්නේ නැත. එයට ප්‍රධානතම හේතුව නම් ලංකා ඉතිහාසයේ ලංකාවේ ජනාධිපතිවරයා ට සහ අග්‍රවිනිශ්චයකාර වරයාට එරෙහිව ඔවුන් බලය හොබවද්දී ඔවුන් විසින් සිදුකලාවූ දූෂණ අක්‍රමිකතාවයක් පිළිබදව එල්ල වූ පලමු චෝදනාව වීමය.
මෙම කරුණ පිළිබදව ගැඹුරින් සොයා බැලීමේදී සොයාගත් කරුණු මෙසේය. ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී තිබූ තීන්දුව නැවත හැරවීම සදහා අදාල නැව් සමාගම සහ ද ලන්ඩන් පී ඇන්ඩ් අයි ක්ලබ් ආයතනය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර සිදුවූ ලිපි හුවමාරුවේ දේශීය මැදිහත් කරු එවකට පරිසර ඇමති වූ ආචාර්ය නාලක ගොඩහේවා ය. විපක්ෂයේ ඔහු වත්මන් ජනාධිපතිවරයා සම්භන්ද කර ගන්නේ වත්මන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම හරහාය. ඕස්ට්‍රේලියා පුරවැසියකු වූ හර්ෂණ සූරියප්පෙරුමට ලංකාවේ ද්විත්ව පුරවැසි භාවය ලබා දීමට මැදිහත්වී ඔහුව ලංකාවේ දේශපාලනයට සම්බන්ද කිරීමේ පුරෝගාමියා නාලක ගොඩහේවාය. පෙර කල උපකාරයට ප්‍රතිඋපකාරයක් ලෙසට නාලක ගොඩහේවා සහ ජනාධිපති අනුර අතර සම්භන්දය ගොඩනගා දී ඇත. එක්ස්ප්‍රස් පර්ල් නැව් සමාගම ශ්‍රී ලංකා රජයට ගෙවීමට තිබූ ඩොලර් මිලියන 999 වෙනුවට එක් ලිපිහුවමාරුවක් සමග ඩොලර් මිලියන 250 ක මුදලක් ලබා දී තිබේ. එනම් ඩොලර් කෝටි 25 ක් හෙවත් රුපියල් කෝටි 7500 කි. (ඩොලරයක් රුපියල් 300 ක් ලෙස සැලකූ විට) ජනාධිපති අනුර කුමාර දිසානායක කියන ලෙසට එම මුදල් ප්‍රමාණය රුපියල් 5000/= නෝට්ටු 100 බැඟින් වූ මිටි එක්ලක්ෂ පනස් දහස (150000 ) කි. එම මුදල් මිටි ටික එක බැඟින් පේලියට තැබූ විට එහි දුර දික් අඩි 75000 කි එනම් එය කොලෝ මීටර් 22.86 කි. එම මුදල් කන්දරාව බෙදී ගිය ආකාරය ගැන දන්නේ නාලක ගොඩහේවා හර්ෂණ සූරියප්පෙරුම සහ ජනාධිපති අනුර කුමාර දිසානායක තිදෙනාය.
ඒ සමගම කරළියට ආවේ අග්‍රවිනිශ්චයකාර ප්‍රීති පදමන් සූරසේන ගේ පුත් දිණුක සූරසේන විසින් කොළඹ 7 වෝඩ් පෙදෙසේ ද ග්‍රෑන්ඩ් නම් තට්ටු නිවාස සංකීර්ණය යෙන් එහි 12 වන තට්ටුවේ අංක 6 දරණ නිදන කාමර තුනකින් සමන්විත එපාර්ට්මන්ට් නිවස රුපියල් මිලියන 185 ක් එනම් රුපියල් කෝටි 18.5 ක මුදලකට නිහාල් හෙට්ටිආරච්චි නම් අයෙකුගෙන් මිළදී ගෙන ඇත.
නිහාල් හෙට්ටිආරච්චි යනු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශිය නියෝජිත සමාගම වන සී කොන්ටෝසියම් ලංකා සමාගමේ අධ්‍යක්ෂ මන්ඩලය සාමාජිකයෙකි.
දැන් චිත්‍රය සම්පූර්ණය.
අවසන් වශයෙන් මෙම පාදඩ ක්‍රියාවට හවුල් වූ සියළුම දෙනා පරෙස්සම් විය යුතුය. ඒ එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය නිසා මහමගට වැටුන පවුල් 19000 සහ විනාශ වූ ස්වභාවධර්මයේ ශාපය ඔවුන් පසුපස ගොඩින් දියෙන් අහසින් හඹාගෙන එන බැවිනි. විනිසුරුවරුන් ගේ විශ්‍රාම වයස දීර්ඝ කෙරුවාට මෙම නඩු අසන්නේ විනිසුරුවරුන් නොව ස්වභාවධර්මය නිසා නොදොස්කොට නිදහස් කිරීමට හෝ ඇප දීමට කිසිවකුත් ඉදිරිපත් නොවනු ඇත.
(නීතීඥ ධනුෂ්ක සේනානායක)

