රටක මාධ්‍ය ඒකක බොහොමයකි. ඒවායින් මුල් තැන හිමි වන්නේ රටේ මහජනතාවගේ බදු මුදලින් නඩත්තු වන රාජ්‍ය මාධ්‍ය ඒකකයි. ලංකාවේ එවැනි මාධ්‍ය ආයතන කීපයක් ඇත. රජය විසින් පවත්වා ගෙන යනු ලබන මාධ්‍ය ආයතන සහ ඍජුවම රාජ්‍ය නායකයා ගේ මැදිහත් වීම මත පවත්වාගෙන යන මාධ්‍ය ආයනයන් ය. ඒවා කොටස් තුනකි. මුද්‍රිත මාධ්‍ය , ශ්‍රව්‍යදෘශ්‍ය , සහ සමාජ මාධ්‍ය ජාලා යනුවෙනි.
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකට ලංකාවේ ප්‍රථම වරට මාධ්‍ය අධ්යක්ෂ ජෙනරාල් වරු දෙදෙනෙකි. මාධ්‍ය අධ්යක්ෂ ජෙනරාල් ලෙස ප්‍රසන්න පෙරේරා සහ සමාජ මාධ්‍ය ජාලා අධ්යක්ෂ ජෙනරාල් ලෙසට සිසිර සෙන්පති කහවත්ත යන දෙදෙනා කටයුතු කරයි. අදටත් මෙම මාධ්‍ය අධ්යක්ෂ ජෙනරාල් වරු දෙදෙනා යටතේ කොතරම් ප්‍රමාණයක මාධ්‍ය මෙහෙයුම් කරුවන් පිරිසක් සේවයේ යෙදී සිටිනවා යන්න රහසකි. තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඒ පිළිබදව කරන ලද විමසීම් වලට අදටත් පිළිතුරු නැත.
ඒත් ලැබී ඇති තොරතුරු අනුව එම ප්‍රමාණය 160 කි. 70 ක් ප්‍රසන්න පෙරේරා යටතේද 90 ක් සිසිර සෙන්පති කහවත්ත යටතේ මාධ්‍ය මෙහෙයුම් කටයුතු හි නිරත වේ. මේ සෑම පුද්ගලයෙකුටම මාසිකව රුපියල් ලක්ෂයකට වඩා වැඩි වැටුපක් යතුරු පැදියක් හෝ කාර් රථයක් ලබාදී ඇත. මේ සියල්ල නඩත්තු වන්නේ රටේ මහජනතාව ගේ බදු මුදල් වලිනි. මෙම ප්‍රමාණය එතෙක් මෙතෙක් ලංකාවේ ජනාධිපති වරයෙකු යටතේ සිටින විශාලතම මාධ්‍ය බලකාය යි. සිසිර සෙන්පති කහවත්ත යටතේ හිටපු සහ අදටත් තිරේ පිටුපස බලශක්ති ඇමති පුන්යකුමාර ජයකොඩිගේ පුත් නදිල් ජයකොඩිද සේවය කරයි. ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ද ව පූර්ණ කාළීණයන් ලෙසට නඩත්තු වූ එදා පැලවත්තෙන් ගෙවූ සොච්චම වෙනුවට ජනතා බදු මුදලින් ලක්ෂ ගනනින් වැටුප් ගෙවා රැකියාවක් ලබා දීම රටවැසියන් ලෙසට අපි සතුටු විය යුතුය. සිසිර සෙන්පති යටතේ සිටින කණ්ඩායම යටතේ 5000 ට ආසන්න ප්‍රමාණයක් ව්‍යාජ මුහුණුපොතේ ගිණුම් පවත්වාගෙන යයි. මෙම ගිනුම් වලට අමතරව ආණ්ඩුවට එරෙහිව මුහුණු පොතේ ලියන අයට එරෙහිව ඉතාමත් පහත්ලෙස කුණුහරුප ලිවීමට ගැහැණු පිරිමි දෙපාර්ශවයම නියෝජනය කරන තවත් කණ්ඩායමක් මෙහෙය වීමද සිසිර සෙන්පති කහවත්ත යටතේම මෙහෙයවනු ලබයි.
මෙසේ කුණුහරුප ලියන කණ්ඩායමට අයත් කාන්තාවන්ගේ නම් නොලියා සිටිමි. ඒ කාන්තාවන්ට කරන ගෞරවයක් ලෙසය. ඒත් එම කාන්තාවන් කිසිදු හිරිකිතයකින් තොරව විපක්ෂයේ කාන්තාවන් ඉතාමත් නින්දිත පහත් කුණුහරුපයෙන් ආමන්ත්‍රණය කරයි. අපට ලැබී ඇති තොරතුරු සියල්ලම ලීවා නම් එසේ ලියන කාන්තාවන්ට ගමක වාසය කිරීමට නොහැකිවනු ඇත. සමහර කාන්තාවන්ට තමන්ගේ පුතාට වඩා බාලහොර ස්වාමිපුරුෂයන්ය. සමහරකට ජවිපෙ ඉහල පෙලේ නායකයන් සමඟ හොර සම්භන්දතාය. සමහර අය පිළිබදව වීඩියෝ පවා අපවෙත ලැබී ඇත.
පිරිමි සහ පිරිමි 1/2 අය මෙසේය. තුෂාර පිලිපිටිය, ජගත් පවුලුආරච්චි,නිල් නෙතු, අසිත නිරෝශන , සන්ජෙ සෙනවිරත්න, සමන් ජයවීර ,සිසිර ඇන්ටන් පෙරේරා, රන්ජිත් ගාමිණී, ගිහාන් පෙරේරා ,සුදේශ් චතුරංග ,සරත් කුමාර වැනි අය කැපී පෙනෙන චරිතය. ඔවුන්ගේ හැසිරීමට ජනාධිපති වරයාගේ පූර්ණ අනුග්‍රහය ඍජුවම ලැබී තිබීම කණගාටුවකට කරුණකි. සෑම ක්‍රියාවකටම එකහා සමාන ප්‍රතිචාර එල්ලවීම පුදුමයක් නොවේ.
ජනාධිපතිවරුන්ගෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දැවැන්ත ප්‍රහාරයකට ලක්වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ය. ඊට පසු ගෝඨාභය රාජපක්ෂය. නමුත් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක රටේ බදු මුදලින් ඔහුගේ තත්වය ඉහල දැමීමට දැවැන්ත මාධ්‍ය මෙහෙයුමක් කරමින් සිටියත් ඔහුට එරෙහිව පෙර ජනාධිපති වරුන් දෙදෙනාට වඩා දැවැන්ත ප්‍රහාරයකට ගොදුරු වෙමින් සිටී. පසු ගිය දිනක බදුල්ලේ පැවති ගැහැණු එකමිටට රැස්වීමට තමා සහභාගී වෙනබව සදහන් කරමින් ජනාධිපතිවරයා තමාගේ පුද්ගලික මුහුණු පොත් පිටුවේ පලකර තිබූ පෝස්ටුවට සිනා මුහුණු සහිත හා හා රියැක්ෂන් ලක්ෂයකට අධිකව යෙදීම ඔහුට ජනතාව ගෙන් ලැබුන හොඳ උත්තරයකි.

