කැළෑපත්තර අලවන තැනට වැටුන ලෝකේ එකම ශ්‍රී ලංකාවේ ජනාධිපති මාධ්‍ය ඒකකය

ලෝකේ ඕනෑම රටක රටේ නායකයා අගමැති හෝ ජනාධිපති ධූරය දරණ විට ඔහුගේ එදිනෙදා අලුත්වන තොරතුරු සහ පණිවිඩ ජනතාව අතරට සංනිවේදන කිරීමේ මූලික කාර්‍ය්භාරය පැවරෙන්නේ අදාල පුද්ගලයාගේ මාධ්‍ය ඒකකය ටය.

ලංකාවේ දේශපාලන ධූරාවලියේ ඉහලම ස්ථානය හිමිවන්නේ ජනාධිපති වරයාය. ඒ අනුව ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකයට විශේෂ කාර්‍ය්භාරයක් පැවරෙන්නේය.

ඔවුන් එම කාර්‍ය්භාරය මේවන විට ඉටු කරනවාද යන්න ප්‍රශ්නයකි. වත්මන් ජනාධිපති මාධ්‍ය ඒකකය පවත්වා ගෙන යන්නේ ඉතාමත් රහසිගතවය. එයට හේතු කීපයකි. මාධ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරු දෙදෙනෙකි. ඒ මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ලෙසට ප්‍රසන්න පෙරේරා ත් . සමාජ ජාලා මාධ්‍ය අධ්‍යක්ෂ ලෙසට සිසිර සෙන්පති කහවත්තත් සිටීයි. ඊට අමතරව ලැබී ඇති අභ්‍යන්තර තොරතුරු අනුව ජනාධිපති මාධ්‍ය ඒකකයට අනුයුක්තව 90 කට අධික පිරිසක් සිටිති. එම ප්‍රමාණය එතෙක් මෙතෙක් ජනාධිපති මාධ්‍ය ඒකකයක සිටි වැඩිම ප්‍රමාණයයි. එම කණ්ඩායම තුල හිටපු බලශක්ති ඇමති පුන්‍යකුමාර ජයකොඩිගේ පුතාද සිටින බව කියයි. එම නිසා තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ සිටින පිරිස පිළිබදව වාර්ථාවක් අවස්ථාව ගනනාවකදී ඉල්ලා සිටියද ඔවුන් එයට නිසි ප්‍රතිචාරයක් දක්වන්නේ නැතිව සිටින්නේ ඔවුනට සැගවීමට බොහෝ දේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ තිබෙන නිසාවෙනි.

 පසුගිය වසර දෙකකට ආසන්න කාළයක් තුල ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය ගැඹුරින් පරීක්ෂා කිරීමේදී ඔවුන් වැඩියෙන්ම කර ඇත්තේ ජනාධිපතිවරයා ගේ ප්‍රතිරූපය නැංවීම වෙනුවට ජනාධිපතිවරයා ගේ තත්වය පහත වැටෙන ලෙසට කැළෑපත්තර සහ මුහුණු පොතේ පෝස්ට් නිර්මාණය කිරීමය. කැළෑපත්තර නිර්මාණය කිරීමට සහජ හැකියාවක් බලය ලබා ගැනීමට පෙර සිටම පැලවත්ත ජවිපෙ මාධ්‍ය ඒකකය සතුව තිබුණි. එහි සිටි එක් සාමාජිකයකු අයිටීඑන් ලෝගෝ එක භාවිතා කරමින් කැළෑපත්තරයක් නිර්මාණය කර මුහුණු පොතේ පලකිරීම නිසා අත් අඩංගුවට පත්වී නඩුද වැටුණි. ඔහුට ඇප ලබා ගැනීමට ඉදිරිපත් කල කරුණ වූයේ ඔහු මානශික රෝගියකු බවත් ඒ සදහා දීර්ඝකාලීනව ප්‍රතිකාර ගන්නා කෙනෙකු බවත් ය. ඔහු දැනටත් ජනාධිපති මාධ්‍ය ඒකකයේ සිටී නම් කැළෑපත්තර සෑදීමට වෘත්තීය දැනුමක් ඇති අයකු ලෙස ඔහුගේ සහය ජනාධිපති මාධ්‍ය ඒකකයට නොඅඩුව ලැබෙනු ඇත.

 වත්මන් ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් සැකසූ අලුත්ම කැළෑපත්තර ය “හිරේ එකට ජාතික ව්‍යාපාරය ” නම් විය. ඊට අමතර වත්මන් නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරියට ආණ්ඩුවට උත්තර දීමට බැරි ප්‍රශ්න අසන විපක්ෂ මන්ත්‍රී වරුන්ට මහින්ද රාජපක්ෂ ඇතුළු එම පවුලේ බල්ලාගේ සිට සැමට එරෙහිව දිනපතා කැළෑපත්තර නිර්මාණය කරමින් සිටීයි. මහර බන්ධනාගාර තුල ඇතිවූ නොසන්සුන් තාවය වෙනුවෙන් ඔවුන් දැවැන්ත කැළෑපත්තර ව්‍යාපාරයක් ගෙන ගියේ රැදවියන්ගේ දෙමාපියන්ට ඇතුළු එම පවුල්වල සාමාජිකයන්ට එරෙහිවය. එම කැළෑපත්තර ක්ෂණිකව මුහුණු පොතේ ප්‍රචාරය කරේ ජවිපෙට සම්බන්ද බව කියන 70000 කට අධික ( නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ වරක් ප්‍රසිද්ධියේ රැස්වීමක කී පරිධි) මඩ බලකාය විසිනි.  ඔවුන් විසින් ජනාධිපති වරායාගේ ප්‍රතිරූපයට කැලල් වන ලෙසට කැළෑපත්තරයක් වෙනුවට පරණ වැඩ සටහනක් කරලියට ගෙන ආවාය.

ඒ ජනාධිපතිවරයා විවාහ වී සිටින මල්ලිකා දිසානායක මහත්මිය පිළිබද කතාවයි. මෑතදී ඇය ධර්ම දේශනාවකට සවන් දීම සදහා විහාරස්ථානයක් වෙත ගොස් බිම වාඩිවී සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වීමත් සමගය. සත්‍ය වශයෙන්ම ඇය අනුර කුමාර දිසානායක සමග විවාහ ගිවිස ගැනීමට පෙර ඇගේ නම මල්ලිකා රත්නායකය. ඒඇගේ ස්වාමිපුරුෂයා වූයේ අනුර කුමාර දිසානායකට වඩා වසර තුනක් වැඩිමහල් ඔහුගේ බාප්පා වන නිමල් රත්නායකය .

 2019 ජනාධිපතිවරණය සමයේදී අනුර කුමාර දිසානායක රැස්වීමකදී  කියා සිටියේ බාබර් වරයෙකු සමග විවාහ වී සිට මිනිදෝරුවකු සමග පැනලා ගිය තම මවගේ සහෝදරිය නොහොත් ඔහුගේ පුංචි අම්මා ගැනත් හමුදාව විසින් ඝාතනය කල ඇගේ පුතා ගැනත් අනාවරණය කලාය. ඇගේ පුතාගේ නම නාගහනන්දය.

ජනාධිපති මාධ්‍ය ඒකකය කරේ ජනාධිපති වරයාගේ වත්මන් බිරිඳ මල්ලිකා දිසානායක පිළිබදව ප්‍රවෘත්ති සමාජ ගතවෙන කොටම ජනාධිපති වරයාගේ මවගේ නංගී පිළිබදව ඔහු කියූ වීඩියෝව නැවත සමාජ ගත කිරීමයි. එයින් නැවත ජනාධිපති ගේ ප්‍රතිරූපයට හානිවී ඇත.

 පොදුජන පෙරමුණේ ලේකම් නීතීඥ සාගර කාරියවසම් පොලිස් අත් අඩංගුවට ගෙන තිබූ අතර ඒ පිළිබදව මුල් පෝස්ට් දෙක පලකර තිබුණේ සිසිර සෙන්පති කහවත්ත සහ උපුල් රන්ජන් යන දෙදෙනාය. ජනාධිපතිවරයා ගේ ප්‍රතිරූපය නැංවීමට වගකිව යුතු ජනාධිපති මාධ්‍ය ඒකකයේ ක්‍රියාකාරීත්වය එසේය.

ඒ ඔවුන් තවමත් සිතාගෙන ඉන්නේ අනුර කුමාර දිසානායක තවමත් රටේ ජනාධිපති වී නැතැයි කියාය. එසේ සිතා කටයුතු කිරීම නිසා සමාජය තුල දිනෙන් දින පරිහානියට පත්වන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රතිරූපය යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *