පාර්ලිමේන්තුව නැතිනම් ව්‍යවස්ථාදායකය යනු රටේ නීති සම්පාදනය කරන ස්ථානයයි. එහි සම්පාදනය කරණු ලබන නීති ජනතාව වෙත පවතින ආණ්ඩුව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට මූලිකව ක්‍රියා කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුවයි. එසේම එහි ප්‍රධානියා නීතිපති වන අතර ඔහු රටේ පාලකයා නොහොත් ජනාධිපතිවරයාගේ නීත්‍යානුකූල සහ රාජකාරීමය නීතීඥයා ද වන්නේය.
නීතිපති දෙපාර්තමේන්තුව විසින් සිදුකරන කාර්‍ය්යන් බොහොමයකි. බැලූ බැල්මට අපට පෙනෙන්නේ අපරාධමය නඩු වලදී නඩු පැවරීමේ සහ චෝදනා ගොණු කිරීමේ ප්‍රමුඛ කාර්‍ය්ය ඉටු කිරීම පමණි. නමුත් මහාධිකරණයේදී චෝදනා ලබන පුද්ගලයකුට නීතීඥයකුගේ සහය ලබා ගැනීමට ආර්ථිකමය හැකියාවක් නැති අවස්ථාවේ දී ඒබව අධිකරණයට දැනුම් දුන් කල අදාල පුද්ගලයා වෙනුවෙන් නීති සහය ලබා දීමට නීතීඥයකු ලබාදීමේ කාර්‍ය්ය ද නීතිපති මගින් සිඳුවේ.
ලංකාවේ දැනට සක්‍රියව ක්‍රියාත්මක වන පොලිස් ස්ථාන ප්‍රමාණය 625 කට අධිකය. සෑම පොලිස් ස්ථානයකින්ම පාහේ මාසයකට එක් අපරාධ ගොණුවක් හෝ නීතිපති දෙපාර්තමේන්තුවට වෙත ලැබේ. නීතිපති දෙපාර්තමේන්තුව කොතරම් කාර්‍යක්ෂමද කියා කියනවා නම් සමහර ගොණු සදහා අධිචෝදනා ගොණු කරන්නේ වසර 5 ත් 10 අතර කාළයක් ගෙවී ගිය පසුවය.
මේ කරුණු සදහන් කළේ නීතිපති දෙපාර්තමේන්තුවේ සත්‍ය කියා පෑමටය. එවන් ස්ථානයකට ගොස් පුරවැසියකුට ලිපියක් බාරදීමට නිසි ක්‍රමවේදයක් නැත. සාමාන්‍යයෙන් රජයේ ආයතනයකට ගොස් ලිපියක් බාරදීමේදී අදාල ලිපිය බාරගත් බවට කුවිතාන්සියක් හෝ බාර දෙනු ලබන ලිපියේ පිටපතක් ඇත්නම් එහි දින මුද්‍රාව තැබීම සිදුකල යුතුය. නීතිය එසේ වුවද නීතිපති දෙපාර්තමේන්තුවේ එවන් කිසිදු ක්‍රමවේදයක් නැත. ලිපිය භාර දියයුත්තේ එහි ආරක්ෂක රාජකාරියෙහි නියුතු සිවිල් ආරක්ෂක බලකායේ ( ග්‍රාමාරක්ෂක ) නිලධාරියටය. සත්‍ය වශයෙන් එම රාජකාරිය අයට අයත් රාජකාරියක් නොවුනත් අදෘශ්‍යමාන බලවේගයක් මගින් එම කාර්‍ය්ය ඇයට පවරා ඇත. වත්මන් අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර ද කලක් සේවය කළ අයෙකු වුවත් මේ පිළිබදව ඔහු හාන්කවිසියක් දන්නේ නැත. ඔහු නීතිපති දෙපාර්තමේන්තුවේ දී කල කාර්‍යය ගැන හිතා ගැනීමට එය ප්‍රමාණවත් ය.
ඕනෑම අවස්ථාවක ආණ්ඩුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටින නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වන නීතිපති වරයාගේ සිට පහලට කිසිවකුත් ආයතන සංග්‍රහයේ XXVIII ( 28) වෙනි පර්ච්චේදයේ 3 වන අනු පරිච්චේදයෙහි රාජකාරී ලිපි ගනුදෙනුව පිළිබදව යන්තම් හෝ දැනුමක් නැති අය බව පැහැදිලිව පෙනී යයි. එවැනි පිරිසක් සිටින තැනකින් රටේ නීතිය තව දුරටත් දූෂණය වීම ජනාධිපති අනුර කුමාර දිසානායකට නොව සක්කරයාගේ පුතා වයිමාටත් බැරිය.

