ජනාධිපතිතුමණි,අන්තරායක ඖෂධක පාලන මණ්ඩලය පුනරුත්තාපනය කරන්න

අන්තරායක ඖෂධක පාලන මණ්ඩලය මේ වර්ෂයට ආදාළව අයවැයෙන් වෙන් කරන ලද මුදල් කිසිදු පළදායි ක්‍රියාවකට යොදවා නොමැති අතර ලබන වර්ෂයේදී මුදල් නොලැබේයැයි බියට අයවැය සමාලෝචනයේදී වැරදි තොරතුරු ජනාධිපතිවරයාට ලබා දී ඇති බව එම මණ්ඩල ආරංච් මාර්ග සදහන් කරයි.

පසුගිය 6 වෙනි දින ජනාධිපති අනුර කුමාර දිසානයකගේ මුලිකත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අන්තරායක ඖෂධක පාලන මණ්ඩලයේ අයවැය සමාලෝචනය පැවැත්විණි.

එහිදී මෙම වර්ෂයට ආදාළ ව්‍යපෘති 32 ක් සදහා මුදල් වෙන් කර ඇති අතර ඉන් කිසිවක් සාර්ථකව ක්‍රියාවට නංවා නොමැති නිසා රුපියල් මිගින 500කට ආසන්න මුදලක් ඉතිරිව ඇත. එම මුදල් ආපසු භාණ්ඩාගාරයට යන නිසා ව්‍යාජ තොරතුරු  ලෙස කොළඹ නගරයේ දැන්විම් පුවරු හා ඩිජිටල් තිරමත දැන්විම් ප්‍රදර්ශනය කිරිමට එම මුදල් යෙදවු බවට ජනාධිපතිවරයාව නොමග යවා  තිබෙි.

වර්ථමාන එහි සභාපති විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති මාර්ක් ආයතනයේ වැඩ පිළිවළවත් හරි හැටි අධ්‍යනය කර නොමැති අතර එහි සිටින අධ්‍යක්ෂ ජෙනරාල් වසන්ත පලිහක්කාර ( විශ්‍රාමික නාවික හමුදා නිළධාරියෙකි), අධ්‍යක්ෂ ශාන්ත ( විශ්‍රාමික නාවික හමුදා නිළධාරියෙකි),සහකාර  අධ්‍යක්ෂ නිලානි යන අය ද අන්තරායක ඖෂධක පාලක මණ්ඩලයේ ක්‍රියාකාරිත්වයවත් හරිහැටි  දැනුමක් නොමැති නිසා මෙම තත්වය උදාවී තිබෙි.

මෙම වර්ෂය සදහා වෙන් කර ඇති මුදල් වලින් ව්‍යපෘති 32 අතරින් ප්‍රධාන වන්නේ මතින් තොර ගමක් වැඩ සටහනයි.එවැනි කතියාවක් සිදු කර නොමැති.ඊට අමතරව ගමින් ගමට ජංගම  දැනුවත් කිරිමේ වැඩසටහන ව්‍යපෘතියේ යෝජනාවට පමණක් සදහන් ව ඇත.

මෙම මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයද මාසික රැසිවිමට පැමිණෙන්නේ එහි ලබා දෙන රැපියල් දසදහසේ දිමනාව ලබා ගැනිමට මිස ආයතනයේ ඉදිරි වැඩසටහන් හෝ යෝජනා ගැන සොයා බැලිමට නොවෙි. පොලිසියෙන් හා මුදල් අමාත්‍යංශයෙන් පැමිණෙන නියෝජිතයින්  පමණක් රැසිවිම අවසන් වන තෙක් සිටියත් ඇමතිවරයා පත් කර ඇති නියෝජිතයින් තිදෙනාටවත් මෙි ගැන කිසිදු උනන්දුවක් නොමැත.

කොළඹ දිස්ත්‍රික්කයේ තලංගම තිබු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ මිට පෙර පිරිමි මතට ඇබිබැහිවුවන් සියයක් පමණ එකවර

පුනරුත්තාපනය කළ අතර අදවන විට එය වසා දමා කාන්තා පුනරුත්තාපන මධ්‍යස්තානයක් සදහා විවෘත කර තිබෙි.එ සදහා කාන්තාවන් 2 කු පමණක් පුනරුත්තාපනය වන අතර පිරිම්  සදහා පුද්ගලික අංශයේන් අධික මිලගණන්වලට කුලියට ගොඩනැගිල ලබා ගෙන සති දෙකේ පුනරුත්තාපන ැඩ සටහන් කර ගෙන යන්නේ තලංගම මධ්‍යස්ථානයේ උපකරන එහි ගෙන ඒ මෙනි.

රටපුරා ප්‍රාදෙිශිය ලේකම් කාර්යාලවලට යොමු කර ඇති අන්තරායක ඖෂධක පාලන මණ්ඩලයේ සංවර්ධන නිළදාරින් ද හරි හැටි නියාමනයක් නොකර නිසා ගම්මාන මට්ටමින් සිටින මතට ඇබිබැහිවුන් ගැන තොරතුරු නොලැබෙි. එවුන්ටද ප්‍රදේශිය ලේකම් කාර්යාලවල කාර්යාල පහසුකම් නොමැති නිසා එම නිලදාරින්ද ගැටලුවලට මුහුණපා සිටියි.

මෙහි සභාපති මාර්ක්ට මණ්ඩලයේ වැඩවලට වඩා එහි මණ්ඩල ලේකම් නැලවිමට කාලය ගත කිරිමට සිදුවිම නිසා දැඩි අවිවෙිකි තත්වයක් ඇති වී ඇති බව සේවකයින් පවසයි.නවෝදි අමරසිංහ නැමති එම නිලදාරිනිය මිට පෙර නිතිපති දෙපාර්තමේන්තුවේ දෛනික වැටුපට එහි ලිපිගොනු සකස් කිරිම සිදු කර සිටියදී ව්‍යජ තොරතුරු ලෙස  නිතිපිත දෙපාර්තමේන්තුන්තුවේ නිතනිළධාරිවයකු ලෙස සේවය කළ බව හගවා මෙම තනතුරුට එක්ව තිබෙි.සභාපතිවරයාගේ සියලු බලතල ඇයට පවරා ඇති අතර ආයතනයේ සියලුම නිලදාරින්ගේ වැඩ , යොජනා , ලිපි ලේඛන ඇයට පෙන්වා අනුමත කර ගන්නා ලෙසට දැනුම් දී ඇති නිසා එහි සේවකයින් ගැටලුවකට මුහුණ පා තිබෙි. සභාපතිවරයා යන සැම තැනකටම ඇය රැගෙන යන අතර තේ සමග ලබා දෙන කේක කැල්ල පවා සභාපතිවරයාට කැවිමට සිදුව ඇත්තේ මෙම මණ්ඩලිය ලෙකම්වරියට බව වාර්ථාවෙි.

මෙම සභාපතිවරයා මිට පෙර ධිවර සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අවදියේ එහිවු දුෂිත නිළදාරින් සමග සිදුකළ කටයුතු නිසා සංස්ථාව තවතවත් අගාදයට ගමන් කිරිම නිසා එහි සේවකයින්ගේන එල්ල වු විරෝධය හමුවෙි ඔහු එයින් ඉවත් කිරිමට සිදුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *