IMF එකේ සද්දෙට බයේ දූෂණ විරෝධී පනතට ගෙනා සංශෝධන අනුරම හකුලා ගනී.

ලංකාවේ ආර්ථිකය බිංදුවටම වැටී රට බංකොලොත් රාජ්‍යයක් වූවාට පසුව එය ගොඩ ගැනීමට ඉදිරිපත් වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නොහොත් රටේ සෑම පුරවැසියාම දන්න IMF එකය. IMF යනු ලෝකයේ රටවල් බොහොමයක් තිරේ පිටුපස සිට පාලනය කරණු ලබන ඇමරිකාව සතු ආයතනයකි. රටවල් වලට ණයට දෙන්න කසන සල්ලි ඔවුන් සතුව නැත. ඒත් දේශපාලන උපායමාර්ග යටතේ ඔවුන් ණය දීමේ ප්‍රධාන ක්‍රම දෙකක් භාවිතා කරයි.
1 රටක් එහි සාමාජිකත්වය ලබා ගැනීමෙන් පසුව නොකඩවා සාමාජික මුආල් ගෙවිය යුතුය. ගෙවා ඇති සාමාජික මුදලට සාපේක්ෂව යම් ප්‍රතිශතයකට විස්තීරණ ණය පහසුකම් සපයයි. ලංකාව වසර 4 ක කාළයකට ඩොලර් බිලියන 2.9 ක මුදලක් වාරික 8 කින් ලබා දෙන්නේ ඒ අනුවය
2 රටක ඇති සම්පත් සහ ඔවුන්ගෙන් ණය අයකර ගැනීමට හැකි ආකාරය ගැන තක්සේරු කිරීමෙන් පසුව ඍජුවම ණය ලබා දෙයි. ආජන්ටිනාවට ඩොලර් බිලියන 25 ක සහ යූක්රේනයට ඩොලර් බිලියන 15 ක ඍජුවම ණය ලබා දෙන්නේ ඒ අනුවය .
ඔවුන් ආධාර දෙන්නේ බොහෝ ලිඛිත නොව ප්‍රායෝගිකව ඉටුකල යුතු කොන්දේසි මතය. ලංකාව විස්තීරණ ණය පහසුකම් ලබා දීමේදී කොන්දේසි ගනනාවක් පනවන ලදි. එහි මූලික කොන්දේසියක් වූයේ ලංකාවේ දේශපාලනයේ නියුතු මහජන නියෝජිතයන් ගේ සිට පහලට රජයේ සේවකයන් දක්වා සියළුම දෙනාගේ වත්කම් හා බැරකම් ප්‍රකාශනය පොදු ජනතාවට දැනගත හැකිවන ලෙස ප්‍රසිද්ධ කලයුතුය යන්නයි. ඒ අනුව වත්මන් ආණ්ඩුව කියන ලෙසට හොදටම හොරාකෑවා කියන රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස සිටින මොහොතේ 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගත්තේය.
ඒ අනුව 2024 දී බලයට පත්වූ වත්මන් ආණ්ඩුවට දූෂණ විරෝධී පනත ප්‍රකාරව මහජන නියෝජිතයන් ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට සිදුවිය. එහිදී දයාසාන්ත වැනි දානපතීන් ගෙන් යට කලිසමේ සිට ආධාර ලෙස ලබාගෙන අල්පේච්ච ජීවිත ගතකරන බව කියූ වත්මන් ආණ්ඩුවේ මහජන නියෝජිතයන් කෝටිපතියන් බව ලෝකයම දැන ගත්තේය. එය තම පාක්ෂිකයන් රවටාගෙන බොරුවෙන් ජීවත් වූ අයට මරු පහරක් විය.
මේ ගැන වත්මන් ආණ්ඩුවේ ඉහල ඇවරියේ අයගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත මැසිවිලි ගනනාවක් ඉදිරිපත් විය. ඒ තමන් ගේ වත්කම් පිළිබදව සමාජය දැනුවත් වී තමන් වෙත විවේචනය එල්ලකරන බවය.
ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක තීරණය කලපරිදි පෙර සම්මත වී ක්‍රියාත්මක වන දූෂණ විරෝධී පනතට සංශෝධනයක් ගෙන ඒමට තීරණය කල අතර ඒ අනුව එම සංශෝධනය වෙනුවෙන් 2026 ජූලි 24 දින ii වන කොටස අතිරේකය ලෙසට මෙම ගැසට් නිවේදනය 2027.ජුලි.27 දින නිකුත් කර ඇත.
එමගින් මුල් පනතේ 86 වෙනි වගන්තිය සංශෝධනය කිරීමට යයි. එමගින් යම් අයකුගේ වත්කම් හා බැරකම් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව එය ප්‍රසිද්ධ කිරීම සමාජ ජාලා මගින් බෙදා හැරීම සම්පූර්ණයෙන්ම තහනම් ය. එය කඩකරන ඕනෑම අයෙකුට රුපියල් ලක්ෂයක දඩයක් හෝ බරපතළ වැඩ සහිත වසරක සිරදඬුවමක් හෝ එම දඩුවම් දෙකටම යටත් විය යුතුය.
වසර දෙකක් තුල වත්මන් ආණ්ඩුවේ නියෝජිතයන් සොරා කෑ හෝ අනීතිකව උපයාගත් මුදල් පිළිබදව ‍රවැසියන් දැනුවනවාට වැඩියෙන්ම අකමැති වී ඇත්තේ වත්මන් ජනාධිපතිවරයා වන අනුර දිසානායක වීම දෛවයේ සරදමකි. මේ පිළිබදව සමාජය තුල විශාල කතිකාවක් ඇතිවූ අතර ආණ්ඩුවට පක්ෂ අයහැර අන්සැවොම ඊට විරුද්ධව අදහස් පලකළේය. එසේම මධ්‍යයස්ථ කණ්ඩායමක් මේ පිළිබදව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පැමිණිලි කර ඇත .එම පැමිණිල්ල කෙරේ දැඩි අවධානය යොමුකල ඔවුන් එම සංශෝධනය වහාම හකුලා ගන්නා ලෙසට ජනාධිපති අනුර කුමාර දිසානායක ට දැනුම් දී ඇත. ඒ අනුව පනත පෙරතිබූ ලෙසටම ක්‍රියාත්මක වන බවට ජනාධිපති වරයා නිවේදනයක් නිකුත්කර ඇත.
කොතරම් පුරසාරම් දෙඩුවත් වත්මන් ආණ්ඩුව යනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නටවන රෑකඩයක් බව තව දුරටත් ලෝකයට පසක් කරමින් සිටීයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *