ඩෙංගු මදුරුවන් නිසා ඇතිවෙන මාරාන්තික ඩෙංගු රෝගය සාමාන්‍ය රෝගයක් නොවේ. එය ජීව විද්‍යාත්මක අවියකි. ඒ බව වරක් ඇමරිකාවේ මධ්‍යම රහස් ඔත්තු සේවය නොහොත් සීඅයිඒ සංවිධානය ලොවටම කීවෙිය.
ඇමරිකාව වියට්නාමයේදී කුජීත වෙන්නම පැරදුනත් 1959 ජනවාරි 1 වෙනිදා ෆිදෙල් කැස්ත්‍රෝ ගේ නායකත්වය යටතේ කියුබාවේ එවකට පාලකයා වූ ඇමරිකානු ගැති ෆුල්ජෙන්සියෝ බැසිස්ටා පරාජයට පත් කරමින් අත් කරගත් විප්ලවීය ජයග්‍රහණය මුළු ජීවිත කාළය පුරාම ඇමරිකාව ලැබූ නින්දනීය පරාජය කි.
එය ඇමරිකාවේ රිපබ්ලිකන් හෝ ඩිමෝක්‍රැටික් යන පක්ෂ දෙකෙන් කුමන පක්ෂකට අයත් ජනාධිපතිවරයෙකු පත් වුවත් කියුබාවට එරෙහි ඔවුන්ගේ පාලනයන් අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මක වන්නේය. 1981 දී ඇමරිකාවේ ජනාධිපති රොනල් රේගන් ය. රිපබ්ලිකන් පාක්ෂිකයකු වූ ඔහු ඍජුවම සීඅයිඒ සංවිධානයට කීවේ ෆිදෙල් ඇතුළු කියුබාවට අමතක නොවන පාඩමක් උගන්වන ලෙසය. සීඅයිඒ සංවිධානය ඒ සදහා කදිම උපක්‍රමයක් යොදා ගත්තාය. ඒ කියුබාව සහ ඇමරිකාව අතර කෙටිම දුරකින් පිහිටි මයාමි දූපතත් කියුබාවත් අතර මුහුදේදී ඩෙංගු මදුරුවන් ලක්ෂ 5 ක් සුළගේ ආධාරයෙන් කියුබාව වෙත යැවීමය. එය කියුබාවට එරෙහිව එල්ල කල ජීවි විද්‍යාත්මක ප්‍රහාරය කි. එම ක්‍රියාන්විතය සිදුකර ටික දිනක් යනවිට කියුබානුවන් 344000 කට අධික පිරිසකට ඩෙංගු රෝගය වැලඳුන අතර 158 ක් මිය ගොස් තිබුණි.
කියුබාව යනු අදටත් පුරවැසින් අඩු ප්‍රමානයකට එනම් පුරවැසියන් 120 ත් 150 ත් අතර ප්‍රමාණයකට වෛද්‍යවරයෙක් සිටිනා රටකි. ඩෙංගු පැතිරයාම ගැන කියුබාව කළබල වුයේ නැත. ඔවුන් කරේ එයට ක්ෂනික සහ ස්ථිරසාර විසදුමක් සෙවීමට උත්සහ කිරීමයි. එහි ප්‍රතිපල වූයේ ඩෙංගු මදුරුවන් බෝවීම වැලැක්වීම සදහා බීටීඅයි ( Bacillus Thuringiensis israelensis) බැක්ටීරියාව සොයා ගැනීමයි. අදටත් ලෝකයේ හොඳම ඩෙංගු මදුරුවන් වර්ධනයට එරෙහිව ක්‍රියාත්මක කරන මෙවලම එයයි. ඇමරිකාව කොතරම් අකමැති වුවද ලෝක සෞඛ්‍යය සංවිධානයට පවා ඒ සදහා දෙවරක් නොසිතා අනුමැතිය දීමට සිඳුවිය.
වත්මන් පාලකයන් බලය ලබා ගැනීම පෙර කීවේ මේ රට සමාජවාදී ආර්ථික ක්‍රමයක් යටතේ රට පාලනය කරන බවයි. ඒත් එය මිනිස්සුන් රැවටීමට යොදාගත් චේතිය බොරුවකි. ඒ බව ජනාධිපති අනුර කුමාර දිසානායක 2024 ඔක්තෝබර් 1 වෙනි දින හොදින් පෙන්නුම් කරාය. ඒ රුසියානු තානාපති වරයා ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී රුසියානු සංචාරයක් සදහා පැමිණෙන ලෙසටත් එයට සමගාමීව රුසියාවේ පැවැත්වෙන බ්‍රික්ස් (BRICS) සංවිධානයේ මහ සභා රැස්වීමට සහභාගී වන ලෙසටත් ආරාධනාවක් කල අතර එය ජනාධිපති පුටිං ගේ ඉල්ලීමක් මත කල බවත් කාරුණිකව සදහන් කලාය. ඒ මොහොතේ නිහඩව සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක එම ආරාධනාව ප්‍රතික්ෂේප කලාය. ඒ මොහොතේ ලංකාවේ සිටි ඇමරිකාණු තානාපතිනිය දූ ජුලී චෑන්ගේ බලපෑම මත එසේ ප්‍රතික්ෂේප කලබව ජුලී චෑන්ම මාධ්‍යට කීවාය. ජනාධිපති වූ දිනයේ සිට අනුර කුමාර දිසානායක යනු ඇමරිකාවේ නූල් සූත්තර වලට නටන රූකඩයක් බවට පත්විය. වේදිකාවේ මොරදුන් සමාජවාදය බල්ලටදමා ලෝකයේ බල්ලට ගිය ධනවාදය අනුර කුමාර දිසානායක ඇතුළු ආන්ඩුව වැලඳ ගත්තාය. 2024 මහමැතිවරණයෙන් පසුව අගමැති ධූරයට පත්වූයේ ඇමරිකාවේ ආර්ථික ඝාතකයකු ලෙස විරුදාවලී ලත් ජෝජ් සෝරෝස් ගේ ගෝලයෙක් වන ඇමරිකාවේ වැඩිදුර අද්ධ්‍යාපනය ලැබූ හරණී අමරසූරියයි. දැන් තකට තකය.
මෙම ආන්ඩුව බලයට පත්වූ පසුව මුහුණ දුන් භයානකම අභියෝගය 2025 නොවැම්බර් මස අගදී පැමිණි දිත්වා සුළි කුණාටුවයි. ලංකාවේ ඕනෑම අවස්ථාවක ගංවතුර තර්ජනයක් ඇතිවූ පසුව ඊලගට එන්නේ ඩෙංගු උවදුරය. එය දැන් ගසට පොත්තමෙනි. ලංකාවේ සෞඛ්‍ය ඇමති වෛද්‍යවරයෙකි. ඒ බව ඔහු නොදන්නේ නම් ඔහු එම ඇමති ධූරයට නුසුදුස්සෙකි. දිත්වා සුළි කුණාටුවෙන් පසුව ලංකාවට ලෝකයේ බොහෝ රටවල් ආධාර ලබා දුන්නේය. එහිදි කියුබාව කීවේ අනාගතයේ ඩෙංගු ව්‍යාප්ත වීමට හැකි බැවිත් එයට පිළියමක් ලෙසට ඔවුන් ගේ බීටීඅයි බැක්ටීරියාව පාවිච්චි කරන ලෙසයි. සමාජවාදය ගැන මොරදුන් අනුර කුමාර දිසානායක ඇතුළු වත්මන් පාලනය දැන් චූ කරන්නත් අවසර ගන්නේ ඇමරිවෙනි. කියුබාවේ යෝජනාව ලංකාවේ ඇමකානු තානාපතිනිය වූ ජුලී චෑන්ට දැනුම් දුන්විට ඇය කීවේ කියුබාවේ යෝජනාව ප්‍රතික්ෂේප කරන ලෙසයි. වත්මන් ආණ්ඩුව එසේ කලාය. ආණ්ඩුව එය කොච්චර හොදට කරා කිව හොත් දැනට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 75000 ඉක්මවා ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව 60 කට ආසන්නය. 2017 ලංකාවේ ඩෙංගු උවදුර පැතිරෙන විට එය එවකට පාලකයන් ගේ වරදකි. අද එය ජනතාවගේ වැරදි නිසා සිඳුවූවකි. ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු ආණ්ඩුවේ වගකිවයුතු අය කතා කරන්නේ මුඛය වසාගෙන අධෝමුඛයෙන් දැයි සිතේ. සත්‍ය වශයෙන්ම මෙවර ඩෙංගු උවදුර පැතිර ගියේ අනුර කුමාර දිසානායක ඇති ආණ්ඩුවේ නිර්ලජ්ජිත අමනෝඥ ඇමරිකානු ගැති විදේශ ප්‍රතිපත්තියයි. එයට ඔවුන්ව බලයට පත් කිරීමට ජන්දය දුන් සහ නොදුන් ජනතාව ගොදුරු වීම දෛවයේ සරදමකි

