හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්න සොයා උණ්ඩය ආවේ පැලවත්තෙන්ද ? නැත්නම් කතෝලික සභාවෙන්ද?

ලංකා ඉතිහාසයයේ ඕනෑ තරම් පුද්ගලයන් සියදිවි නසාගෙන ඇතත් හිටපු පොලිස්පති වරයකු සියදිවි නසා ගත් බවට ප්‍රවෘත්තිය ක් සමාජ ගත වූයේ 2026 ජූලි 17 වෙනිදාය. ඒ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ 35 වන පොලිස්පති වරයා වූ චන්දන දීපාල් වික්‍රමරත්න මහතා සියදිවි නසාගැනීමයි.
මෙම සිදුවීම පිලිබඳව ප්‍රශ්න වැලක් මතුවී ඇත. ඒවා මෙසේය
1 පුද්ගලයකු මිය ගිය විට ඒ පිළිබදව සාධාරණ පරීක්ෂණයක් නොපවත්වා ඔහු සියදිවි නසා ගත් බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා නිවේදනයක් නිකුත් කරන්නේ කෙසේද?
2 දකුණු අත පාවිච්චි කිරීමට හුරු පුද්ගලයකු සිය දිවි නසා ගැනීමට තමාගේ පපුවේ දකුණු පැත්තටම වෙඩි තබා ගනී විද?
3 නිවස තුල සිට ශාරීරික ව්‍යායාම කිරීමට නිවසින් එලියට පැමිණි විඟස ඔහුට බීමට වතුර වීදුරුවක් ගෙන එන ලෙසට එලියේ හිටපු සැරයන් වරයාට කියයිද?
4 මනා හික්මීමක් ඇති උගත් පුද්ගලයකු දරුවෙකු ගේ කුඩා සිදුවීමක් මුල් කරගෙන සියදිවි නසා ගනීවිද? යන්නයි
එසේම මෙම සිඳුවීම සිඳුවී පැයක් යන්නට මත්තෙන් මුහුණ පොතේ සංසරණය වූ මේ පිළිබදව අදහස් ගැන මද්ධ්‍යස්ථව පරිශීලනය කලහොත් තවත් ඇති වන ප්‍රශ්නය ගොන්නකි. එහිදී එම සංසරණය වූ කරුණු ප්‍රධාන කොටස් දෙකකි.
1 ආණ්ඩුවට පක්ෂව ලියන කන්ඩායම මෙය සියදිවි නසා ගැනීමක් නොව රාජපක්ෂලා විසින් සිදුකල ඝාතනයක් ලෙසට හුවා දැක්වීමට උත්සහ කිරීම
2 ආණ්ඩුවට එරෙහිව ලියන අය මෙය ආණ්ඩුවේ ගිණුමට බැරවෙන ඝාතනය ක් බවට පුරෝකතනය ක් දීමය.
එය මියගිය පුද්ගලයාට කොතරම් අසාධාරණක්ද?
මේ ලෙසටම සිදුවීමක් වූයේ කුරුණෑගලදී බල නහර කපා මරා දැමූ නිශාන්ත රාජපක්ෂ ගේ සිරුර රෝහල වෙත ගෙන යන්නත් පෙර ආණ්ඩුවට පක්ෂව ලියන අය ලීවේ රාජපක්ෂලා කියන්නෙම හොරු කියාය. ඒත් ඒ ලියූ එකෙක් හෝ ඔහු ජවිපෙ පූර්ණ කාළීනයෙක් ලෙස සිටි අයෙක් බව දැන සිටියා දැයි ප්‍රහේලිකාව කි. නැත්නම් එය දැන ගෙන එම මරණය සාධාරණීකරණය කිරීම සදහාම එය කීවාදැයි දන්නේ ලීව අය පමණි.
පක්ෂේ මහලේකම් ටිල්වින් සිල්වා එම ඝාතනයට පසු දින පැවති මැයි රැළියේදී කීවේ එක්කෙනෙක් මළා අනික් අයටත් මැරෙන්න තමයි වෙන්නේ කියාය. එතනින් නොනැවතුණ ඔවුන් ජවිපෙ පූර්ණ කාළීනයකු වූ නිශාන්ත රාජපක්ෂලාගේ අවමගුල් නිවසට එම ප්‍රදේශයේ ගම්මට්ටමේ ක්‍රියාකාරීන්ට පවා සහභාගී වීම තහනම් කර තිබුණ බව වාර්තා විය.
මෙවර කතාව ඊට වෙනස් විය. හිටපු පොලිස්පති වරයා ගේ මරණය සිදුවී පැය 1/2 ක් යාමට මත්තෙන් ජවිපෙ යූටියුබ් නාලිකාව වූ A5 හරහා ප්‍රචාරය කර තිබුනේ මෙය රාජපක්ෂලා විසින් කරවන ලද ඝාතනය බව හැගවෙන ප්‍රවෘත්තිය කි.
එනම් ” පාස්කු ප්‍රහාරයට අදාල තීරණාත්මක සාක්ෂියක් ලබා දී කෙටි කාළයයි. හිටපු පොලිස්පති අභිරහස් ලෙස මරණයට පත්වේ ” යනුවෙනි.
එයට සමගාමීව ජනාධිපති මාධ්‍ය ඒකකයේ ප්‍රධානී සිසිර සෙන්පති කහවත්ත , ජවිපෙ මාධ්‍ය ලේකම් උපුල් රන්ජන් ජවිපෙ වෙනුවෙන් දීර්ඝකාලීනව මුහුණු පොතේ ජවිපෙ වෙනුවෙන් ලියන රවිනාත් විජේසේකර ජවිපෙ ක්‍රියාකාරිනියක් වන මැණිකේ ගුණසේකර, ජවිපෙ වෙනුවෙන් ලියන නාලිකා ශිරෝමනී ,ජවිපෙ වෙනුවෙන් ලියන තුෂාර ජයසූරිය,රොහාන් රූපසිංහ සහ ජයමාලී ප්‍රනාන්දු යන අය පලකල පෝස්ට් තව බොහෝ පිරිසක් ෂෙයා කර තිබුණි. ඒත් එම පුවතට අමතරව රවිනාත් විජේසේකර විසින් එය මිණීමැරුමක් බවට තහවුරු තර්කයක් ඉදිරිපත් කරමින් සටහනක්ද යොදා තිබිණි.
” හිටපු පොලිස්පති වරයාගේ මරණය වාර්ථා කලේ සියදිවි නසා ගැනීමක් ලෙසට ය. යමකු තමන්ට වෙඩි තබා ගත්තා නම් උණ්ඩ කොපු වැටී තිබිය යුත්තේ සිරුර ආසන්නයේය. නමුත් ඔහු පදිංචිව සිටි නිවසේ වත්තේ තිබී උන්ඩ කොපු හමුවන බව මේ වීඩියෝවෙන් තහවුරු වේ. පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් තීරණාත්මක සාක්ෂියක් ඔහු විසින් ලබා දී ඇති බව වාර්ථා වී තිබෙනවා. අපරාධ රාජ්‍යයක් ශ්‍රී ලංකාව යට කරගෙන තිබිණ. එම පාලනයේ ප්‍රධානී අපරාධ කරුවන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් සමීපයේ සිටි නිළධාරින්ගේ සහ හෙන්චයියන්ගේ ජීවිත ආරක්ෂාව අනතුරුදායක තැනක පවතී.කපිල චන්ද්‍රසේන සිදුවීම අමතක කලයුතු නැත.”
ඔහු නොකියා කියන්නේ රාජපක්ෂලා ගැනය. එය කියවන කාටත් අවබෝධ කර ගැනීම ඉතා පහසුය.
මෙම කරුණු පිළිබදව ගැඹුරින් පරිශීලනය කලවිට මූලික වශයෙන් ඇතිවන ප්‍රශ්නය නම් යම් පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රහසින් ලබාදෙන ප්‍රකාශයක් පැලවත්ත ජවිපෙ මූලස්ථානය දන්නේ කෙසේද? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යනු පැලවත්ත ජවිපෙ මූලස්ථානයයේ ශාඛා සමිතියක් යන මතය තව දුරටත් තහවුරු කරන්නක් නොවේද? පුද්ගලයකු යම් පරීක්ෂණයක් ඉදිරියට ගෙන යාමට සහය වන සාක්ෂියක් ලබා දෙන්නේ නම් ඔහුගේ ජීවිතය ආරක්ෂා කිරීමේ වගකීම පැවරෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුවට සහ පවතින ආණ්ඩුවට ය. මෙය ඝාතනයක් නම් එය ආණ්ඩුවේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නොහැකියාව නොවේද?
ලෝකයේ අපරාධ කරුවන් පිළිබදව පොදු න්‍යායන් දෙකක් ඇත
1 අපරාධක් සිදු කරාට පසුව අපරාධ කරුට වීරයෙක් වීමට අවශ්‍ය නම් ඔහු කරන්නේ එම අපරාධයේ වගකීම බාර ගැනීමයි.
2 සිදුකල අපරාධය වසන් කිරීමට අවශ්‍ය නම් අපරාධ කරු කරන්නේ එම අපරාධය වෙනත් අයකු සම්බන්ද වනලෙසට කතාවක් ගෙතීමය.
පළමු න්‍යාය අනුව 87/89 මුල් කාළයේදී කාළයේ දී ලංකාවේ සිදුකල බොහෝ ඝාතන වල වගකීම දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය භාරගෙන තිබුණි .ඒ ඒ හරහා ඔවුන්ට වීරත්වයක් ලබා ගැනීමටය. ඔවුන් විසින් සිදුකලද එම අපරාධය ඔවුන්ට අවාසියක් වන බව දැනුන විට එය වෙනත් අය පිට පැටවිය. උදාහරණ ලෙස විජය කුමාරතුංග ,ප්‍රේමකීර්ති ,අල්විස් සාගරිකා ගෝමස් යන අයගේ ඝාතන පෙන්වා දිය හැක.
නිශාන්ත රාජපක්ෂ ගේ සහ හිටපු පොලිස්පති වරයාගේ ඝාතනයන් සිදුවූ පළමු මොහොතේම කිසිදු පරීක්ෂණයක් පැවැත්වීමට පෙර එය සියදිවි නසා ගැනීමක් බව ප්‍රකාශ කලේ ආණ්ඩුව සමග ඍජුවම ගනුදෙනු කරන ආණ්ඩුවේ පොලීසිය ය. පැහැදිලිව එය සැක සහිත ප්‍රකාශය කි. එම සැකය තව දුරටත් තහවුරු කරන කරන සටහනක් මුහුණු පොතේ සංසරණය විය. ඒ සුභාෂිණි විප්ෆලර් ( Subhashini wipfler) නම් අයකු ලියා තිබුනේ ” හිටපු පොලිස්පති මිය යාමට පැය 3 කට කලින් වැරදිකල අයෙක් ලෙස එංගලන්තයේ ටිල්වින් වීඩියෝවක් කර තිබෙන්නේ මරණය සාධාරණීය කරණය කිරීමටද?” යනුවෙනි.
යම් ලෙසකින් හිටපු පොලිස්පති වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශයේ දී ඔහු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන ලෙස සිටියදී ශහරාන් ඇතුළු පාස්කු ප්‍රහාරය එල්ල කරපු ත්‍රස්ථවාදීන් පිළිබද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් තොරතුරු පිළිබදව සදහන් කර තිබුනේ නම් එය අත්මන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්නට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර දෙදෙනාට කෙසේ බලපානු ඇතිද? එවැනි ප්‍රකාශයක් ලබා දී තිබුනේ නම් එය රාජ්‍ය බුද්ධි ප්‍රධානීව සිට දැනට සේවයෙන් ඉවත්කර ඇති හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ගේ වාසියට සහ දැනට රැදවුම් භාරයේ සිටින සුරේෂ් සලේට කොතරම් වාසි වනු ඇතිද? එසේ වූවා නම් පාස්කු ප්‍රහාරය සිදුවන බව දැනගෙන තම අනුගාමිකයන් 270 කට අධික පිරිසකට මරණය අත් කර දුන් පසුව වීරයා වීමට නන් දෙඩවූ කාදිනල් මැල්කම් රංජිත් ඇතුළු කතෝලික සභාවේ පැවැත්මට කෙසේ බලපානු ඇතිද? ඒ නිසා එවැනි ප්‍රකාශයක් පැලවත්තට සේම කතෝලික සභාවට ද ඉතාමත් අයහපත්‍ ය. එසේ නම් ඒ ප්‍රකාශය ඔවුන්ට හිතකර ආකාරයට වෙනස් කල යුතුය. එසේ නොකල හොත් එය වත්මන් ආණ්ඩුවේ පැවැත්මටද බාධාවක් වනු ඇත. බලය ගත්තේ දෙන්න නෙවෙයි කියා ප්‍රසිද්ධියේ ආණ්ඩුව ප්‍රකාශ කරමින් සිටින මොහොතක ආණ්ඩුවේ ගමනට බාධාවක් වන කිසිවකුට හුස්ම ගැනීමට ආණ්ඩුව ඉඩ දෙන්නේ නැත. එය ඔවුන්ට සහජයෙන් ඇති හැකියාවකි. තමන් සමග එකපතේ කෑ මහින්ද පතිරණ ( ජවිපෙ සංවර්ධන සභා මන්ත්‍රී වරයෙක්ව සිටි) ජවිපෙ දේශපාලන මන්ඩලයේ සිට ඉවත්වූ නන්දන මාරසිංහ යන දෙදෙනාගේ හුස්ම ගැනීම නතර කිරීමට ජවිපෙ දෙවතාවක් සිතුවේ නැත. අද රට පාලනය කරන්නේ අන්න ඒ ජවිපෙමය.
කරුණු එසේ වෙද්දී පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක රවීන්ද්‍ර මනෝජ් ගමගේ අපූරු සටහනක් මුහුණු පොතේ පලකර තිබුණි. ” මම කිසි දිනක සියදිවි නසා ගැනීමට අපේක්ෂා නොකරමි ආත්මාරක්ෂාව වෙනුවෙන් තබන සටහනකි. – නීතීඥ මනෝජ් ගමගේ” යනුවෙනි එම සටහනට විශේෂ ප්‍රසිද්ධියක් ලබාදී තිබුනේ ආණ්ඩුව වෙනුවෙන් ලියන ඉහතින් සදහන් කල අයට අමතරව ජවිපෙ වෙනුවෙන්ම කොන්දේසි විරහිත පෙනී සිටි උවිදු කුරුකුලසූරිය ද සිටියේය. ආණ්ඩුවට රිදවීමට ලියා තිබූ එම මුල් සටහන අති සාර්ථක බව මගේ හැගීමයි.
ඉහත ඉදිරිපත් කල කරුණු වලින් එකක් පැහැදිලිය හිටපු පොලිස්පති චන්දන දීපාල් වික්‍රමරත්න මහතාගේ මරණය ඝාතනයකි. ලංකාවේ දේශපාලන ඉතිහාසය අලුතින් ලියවෙමින් ඇත. ඉතිහාසයේ සැකකරුවන් නොමැති අතර වර්ථමාන යේ සැකකරු සියදිවි නසා ගෙන ඇත. ප්‍රශ්නයකට ඇත්තේ හිටපු පොලිස්පති වරයාට වෙඩිතබා ගැනීමට උණ්ඩය සැපයූයේ කතෝලික සභාවද නැත්නම් පැලවත්ත ද යන්න වැඩිකල් නොගොස් පුරවැසියන් දැනගනු ඇත.
( නීතීඥ ධනුෂ්ක සේනානායක )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *