විධායකයේ රැකවරණයට මුවා වී අධිකරණය දූෂණය කරන ජනාධිපති අනුර කුමාර දිසානායක

දැන් කරලියේ කතා බහට ලක්ව ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනාධිකරණයේ සහ මහාධිකරණයේ විනිසුරුවන්ගේ විශ්‍රාමි ගන්වන කාළය දීර්ඝ කිරීම ගැනය.

 සමාජයේ මේ ගැන කිසිදු කථිකාවක් නොමැති අවස්ථාවක අප මුලින්ම මේ පිළිබදව හෙළිදරව් කලෙමු. ඒත් ඒ සදහා පැලවත්තේ ඩෝබි බලකාය අපව ආමන්ත්‍රණය කලේ උන්ටම ආවේනික වූ කුණුහරුප වලිනි.එසේම ඒ මොහොතේ ඒ අය කීවේ අපි බේසමේ කිඹුල්ලු දකින බවය. නමුත් ඇත්ත ඇති සැටියෙන් සහ කෙටියෙන් මෙසේය. ජනාධිපතිවරයා ඇතුළු විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ 160 න් බහුතරයක් වෛද්‍යවරු නීතීඥයන් හෝ මහාචාර්යවරුන් ගෙනි. ඒත් විනිසුරුවන්ගේ විශ්‍රාම කාළය දීර්ඝ කිරීමට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනය හෝ පාර්ලිමේන්තු පනත සෑදීමට දන්නා එකෙක් සිටියේ නැත.

ජනාධිපති අනුර කුමාර දිසානායක ඒ සදහා පිහිට පැතුවේ පාර්ලිමේන්තුව මන්ත්‍රී නීතීඥ ෆයිසර් මුස්තාපාගෙනි. ඔහු තම පියාවන ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාපා ගේ ගුරුහරු කම් ලබාගෙන අදාල පණත සාදා දුන්නේය. අප මුලින්ම කළ හෙලිදරව්වේ දී ඔහු සෑදූ පනතේ මූලික සටහනේ පිටපතක්ද පෙන්වා දුනිමු.

 ජනාධිපති අනුර කුමාර දිසානායකට අවශ්‍ය වී ඇත්තේ ඔහුට කීකරු විනිසුරුවන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණයක් ඇතුළු අධිකරණයක් ලංකාවේ පවත්වා ගැනීමටටය. එසේ නොමැතිව දැනට ලංකාවේ අධිකරණ පද්ධතිය තුල ඇති අකාර්යක්ෂම තාවය චුට්ටක් හෝ අඩු කිරීමට අංශුමාත්‍රයක් උවමනාවක් ඔහුට නැත. එයට හේතුව සාක්ෂි සහිතව පෙන්වා දෙනු කැමැත්තෙමු.

 අද වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් 4 ක ගේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවන් 4 දෙනෙකුගේ පුරප්පාඩනොඅඩුව වතී. මහාධිකරණ යේ විනිසුරුවන් 20 ක ගේ සහ මහේස්ත්‍රාත් වරුන්ගේ 51 දෙනෙකුගේ හිඩසක් ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට නීතිපති දෙපාර්තමේන්තුවෙන් සහ පිටිං විනිසුරුවන් පත්කල හැක. අපි එය මොහොතකට අමතක කරමු .සියළුම පුරප්පාඩු දැනට සිටින විනිසුරුවන් ගෙන්ම සම්පූර්ණ කරන බව උපකල්පනය කරමු.

එසේ වූ විට අභියාචනාධිකරණයෙන් 4 ක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මාරුවීම තුල අභියාචනාධිකරණයේ විනිසුරුවන් 8 ක පුරප්පාඩුවක් ඇති වේ. එම විනිසුරුවන් 8 මහාධිකරණ විනිසුරුවන් ගෙන් පිරවූ කල එහි හිඩස 28 කි. එම පුරප්පාඩු 28 මහේස්ත්‍රාත් වරුන් ගෙන් පිරවූ විට මහේස්ත්‍රාත් වරුන්ගේ පුරප්පාඩු 79 කි.

 2025 නොවැම්බර් මස දක්වා මහේස්ත්‍රාත් වරුන් බදවා ගැනීම පැවති මූලික සුදුසු කම වූයේ නීතීඥ වරයෙකු ලෙස දිවුරුම් දී වසර 4 ක් සම්පූර්ණ කර තිබීමය. ඒත් වත්මන් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන තම දෙවන පුත්‍රයාව මහේස්ත්‍රාත් වරයෙකු ලෙස පත්කරවා ගැනීමට අදාල වසර 4 ක කාළය වසර 3 දක්වා පහත දැමීය. ඒ සදහා ජනාධිපති වරයාගේ ආශීර්වාදය නොඅඩුව ලැබුණි. වර්තමානයේ පවතින මහේස්ත්‍රාත්වරුන්ගේ පුරප්පාඩු වලින් පිරවූයේ 31 කි. තව 20 ක හිඩසක් ඇත. අලුතින් බඳවා ගත් මහේස්ත්‍රාත් වරුන්ගේ පිරිසකගේ නීතීඥ  ධූරයයෙහි කාළය වසර 4 කට අඩුය. ඒ අගවිනිසුරු ගේ පුතා බඳවා ගැනීම සාධාරණීකරණය කිරීමට මිස රටේ අවශ්‍යතාවය අනුව නොවේ. ඒ ගැන අධිකරණය ඇමති හෝ ජනාධිපති මීක් නැත. ජනාධිපති නීති උප්දේශක නීතීඥ බංඩාරද මීක් නැත.

 ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට පහලට ඇති විනිසුරු පුරප්පාඩු නිසා රටේ ජනතාව පත්වන පීඩනය ගැන විමසා බලිම වටියි.ශ්‍රේෂ්ඨාධිකරණයේ සාමාන්‍ය ලෙස පැමිණිල්ලක් විභාග කිරීම සදහා විනිසුරුවන් තිදෙනෙකු අසුන් ගනී. එසේම දිනකට අවම වශයෙන් නඩු 10 ක් විමසනු ලබයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් 4 දෙනෙකු පත් නොකිරීම නිසා එක් උසාවියක් වසනු ලබයි. ඒ අනුව සතියකට ශ්‍රේෂ්ඨාධිකරණය විභාග කරන නඩු 50 ක් අවම වශයෙන් විභාග නොවී කල් යයි. එසේම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් සහභාගී වන අවස්ථාවන්හිදී විභාග වන්නේ බොහෝවිට එක නඩුවකි.අභියාචනාධිකරණයේ ද එසේමය. මහාධිකරණයේ මීට වඩා වෙනස්‍ ය. ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ලක් සිටියොත් එහිදී විමර්ශනය වෙන්නේ එක නඩුවකි. එසේ නොවුන කල නඩු 50 කට ආසන්න ප්‍රමාණයක් කැදවීම කරණු ලබන අතර ඉන් තෝරාගත් නඩු කීපයක සාක්ෂි කැදවීම කරනු ලබයි.

 මහේස්ත්‍රාත් අධිකරණයක තත්වය මේ සියල්ලටම වඩා වෙනස් ය. එක් මහේස්ත්‍රාත් අධිකරණයක් වෙත අවම වශයෙන් පොලීසි 4 ක හෝ 5ක නඩු කැදවීම් කරණු ලබයි. එම තද බදය අවම කිරීමට එක් පොලීසියකට සතියේ එක දිනක් වෙන්කර ඇත.ඒ නිසා දිනකට අලුත් පැමිණිලි 50 ත් 100 ත් අතර කැදවීම සාමාන්‍ය සිරිතකි. එම නඩු වලින් දූෂණ විරෝධී වැරදි සහ රථවාහන වැරදි නඩු වලින් 80% ක් එදිනම අවසන් වේ. එසේම සෑම දිනකම තෝරාගත් නඩු ප්‍රමාණයක සාක්ෂි කැදවීම සාමාන්‍ය දෙයකි.

 දිස්ත්‍රික්ක උසාවිය ද එසේමය.ඒවායේ වැඩි පුරම විභාග වෙන්නේ දික්කසාද නඩු සහ ඉඩම් දේපොළ පිළිබදව නඩුය. ඒවායේද නඩු විභාග වෙනවාට වඩා සිදුවන්නේ නඩු කල්‍ යෑමය. කතාවටත් කියන්නේ එක ඉඩම් නඩුවක් දාගත්තා නම් ජීවිත කාළයටම  ඇති කියාය. ජනාධිපතිවරයා කයිවාරු ගැසුවාට නීතිය ගැන නම් මෙලෝ දෙයක් දන්නේ නැත.

ඒත් කලක් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කල නීතීඥයකු වන වත්මන් අධිකරණය ඇමති හර්ෂණ නානායක්කාර අධිකරණයේ ප්‍රශ්න වලට උත්තර සොයනවා වෙනුවට කරන්නේ සිඟරට් එකක් නිවෙන්න  විට තවත් එකක් පත්තු කරගෙන එලෝ විකාරයෙන්  අතගෑමය.

 ජනාධිපතිවරයා සේම පැලවත්තෙන් මෙහෙයවනු ලබන ඩෝබි බලකාය කියන්නේ හොරුන්ට දඩුවම් කරන්න මෙම විනිසුරුවන් සිටිය යුතු බවයි. එසේම ලංකාවේ අධිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වේගවත් කිරීම සදහා සිටිනා විනිසුරුවන් ගේ සේවා කාළය දිග් කලයුතු බවයි. ඇත්තටම මේවාට ගමේ භාෂාවෙන් කියන්නේ වඳුරු කුණුහරුප කියාය. දැන් කියන්නේ කයිතන්ගේ වඳුරු කුණුහරුප කියාය. රටේ අධිකරණ ක්‍රියාවලිය වේගවත් කිරීමට නම් පලමුව කල යුත්තේ ඉන්න උන්ගේ සේවා කාළය දිගු කිරීමට පෙර අධිකරණයේ ඇති විනිසුරු පුරප්පාඩු පිරවීම බව මෙළෝ දෙයක් නොදන්නා කයිවාරු ජනාධිපතිවරයාට සහ ඔහුගේ සට්ටම්බි රැළට ට වඩා කූඹි පුකක තරම් මොළයක් ඇති සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙනවාය.

 මෙතෙක් රට පාලනය කල කිසිම ජනාධිපති වරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට පහලට අධිකරණය පද්ධතිය තුල මෙතරම් පුරප්පාඩු තියාගෙන කටයුතු කරේ නැත. රටේ මිනිස්සුන් ගේ අවාසනාවට මෙම කරුණු ජනතාවට පැහැදිලි කරදීමට තරම් සබුද්ධික විපක්ෂයක් රටේ නැත. එවැනි සබුද්ධික විපක්ෂයක් ලංකාවේ සිටියානම්  මෙම ආණ්ඩුව ගෝඨාභගේ කාළයට වඩා ඉක්මණින් ගෙදර යැවීමට ආණ්ඩුවේ නීතීය පසිඳලන අධිකරණයට  කරනු ලබන මෙම ද්‍රෝහී ක්‍රියාව ඕනාවටත් වඩා ප්‍රමාණවත්‍ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *