1948 පෙබරවාරි 4 වන දින සිට නාමික දේශපාලන නිදහසද 1972 මැයි 22 ලද පූර්ණ නිදහසද ලැබුන පසුව 2024 සැප්තැම්බර් 23 දක්වා මෙරට පාලනය කල සියළුම පාලකයන් තම තමන්ගේ දේශපාලන පැවැත්ම සදහා නොයෙක් මට්ටමින් වැරදි පූර්වාදර්ශ හඳුන්වාදීම සිදුවිය. එම ගෙවුනු අවුරුදු 76 ක ලංකාවේ දේශපාලන ඉතිහාසය මිනිස්සු වෙනස් කරේ ප්රභූ පංතියේ තිබූ රටේ පාලන බලය ගමක ඉපදුන සාමාන්ය පංතියේ කෙනෙක් වු අනුර කුමාර දිසානායකව 2024 සැප්තැම්බර් 21 තිබූ ජනාධිපතිවරණයේ දී ජයග්රහණය කරවීමෙනි. කවුරු කෙසේ විවේචනය කලද රනිල් වික්රමසිංහ එම ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් නොවුනේ නම් ජනාධිපතිවරණයේ ප්රතිපල මීට වෙනස් ය.
නමුත් ජනතාවගේ බලාපොරොත්තු සුනුවිසුනු කරමින් සාමාන්ය පවුලකින් රටේ ඉහලම පුටුවට ගිය වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක දැන් තමන්ගේ සහ ඔහුගේ සහයට ඉන්න අලුත් හොරුන්ගේ පැවැත්මට වෙනත් කිසිදු පාලකයෙක් රටේ දේශපාලනය වෙත ඉතාමත් භයානක පූර්වාදර්ශය ගොන්නක් හදුන්වා දෙමින් සිටීයි. ඊලගට බලයට පැමිණෙන පාලකයන් තමන්ගේ පැවැත්ම සදහා මේ වැරදි නිවැරදි නොකරම ඉදිරියට ගෙන යනු ඇත.
එම පූර්වාදර්ශ මෙසේය.
1. ලංකාවේ පරිපාලන ක්ෂේත්රයේ ජේෂ්ඨයන් සිටියදී රාජ්ය පරිපාලනය ගැන මෙලෝ දෙයක් නොදන්න ජනාධිපති ගේ කැළණි විශ්වවිද්යාලයේ මිතුරකු වු නන්දික කුමාණායක ජනාධිපති ලේකම් ලෙස පත් කිරීම.
2. පාස්කු ප්රහාරය වලක්වා ගැනීමට හැකියාව තිබියදී එය පැහැරහැරි ජේෂ්ඨ නියෝජ්ය පොලිස්පති රවී සෙනවිරත්න ව මහජන ආරක්ෂ අමාත්යාංශයේ ලේකම් ලෙස පත් කිරීම
3. එසේම පාස්කු ප්රහාරය එල්ල කල සහරාන් හසීම් ඇතුළු කණ්ඩායම අත්ඩංගුවට ගැනිමට හැකියාව තිබියදී එය පැහැර හැරි 2001 වසරේදී විශ්රාම ගිය ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර නැවත සක්රිය සේවයේ පිහිටුවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ( සීඅයිඩී ) අධ්යක්ෂ වරයා ලෙස පත් කිරීම.
4. ඕස්ට්රේලියානු පුරවැසියකු වන මුදිත නානායක්කාර ව ජනාධිපතිවරයාගේ පුද්ගලික ලේකම් ලෙස පත්කර ගැනීම.
5. ඕස්ට්රේලියානු පුරවැසියකුවන හර්ෂණ සූරියප්පෙරුම ආණ්ඩු ක්රම ව්යවස්ථාව උල්ලංඝණය කරමින් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කර පසුව ඉන් ඉවත්කර මුදල් අමාත්යාංශයේ ලේකම් ලෙස පත් කිරීම. ( ලංකාවේ භාණ්ඩාගාරයේ මුදල් ඩොලර් මිලියන 2.5 කට අධික මුදලක් අතුදහන් වී ඇති අතර එම පාඩුව ජනතාවට දරා ගැනීමට සලස්වා ඇත.)
6. ආනන්ද විජේපාල ව පාර්ලිමේන්තුව මන්ත්රී වරයෙකුව සිටියදීම ජනාධිපති කාර්ය්ය මන්ඩලයේ ප්රධානියා ලෙසට පත්කිරීම ( මෙය දැනටත් අධිකරණයේ විවාදයට භාජනය වී ඇත)
7. ඩිමෝ ආයතනයේ සේවය කරමින් සිටියදී එහි අති සංවේදී රහස් මුදලට විකිණීම නිසා එම ආයතනයෙන් අස්කල පුබුදු නිරෝෂන යන අයව විදුලි බල මණ්ඩලයේ ප්රධාන ඉංජිනේරුවා ලෙසටත් ඉන්පසුව ප්රතිව්යුහකරණය කල පසු එහි ප්රධානියා ලෙසට පත් කිරීම
8. පොහොර සංස්ථාවේ සේවය කරමින් සිටියදී රුපියල් ලක්ෂ 88 කට ආසන්න මුදලක් වංචාකර හසුවී සේවයෙන් ඉවත්කල පුන්යකුමාර ජයකොඩිව ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කර බලශක්ති ඇමති ලෙස පත්කිරීම. ( ඔහු දැනට ඉවත්ව ඇත්තේ ප්රමිතියෙන් බාල ගල් අඟුරු මිළදී ගෙන රුපියල් මිලියන 3000 කට අධික පාඩුවක් රජයට කිරීමෙන් අනතුරුව ය)
9. මුතුරාජවෙල තෙල් පර්යන්තයේ ප්රධානියා ලෙස සේවය කරමින් සිටියදී ඩීසල් සහ පෙට්රල් බවුෂර් 582 හොර පාරේ විකුණා රුපියල් කෝටි 32 ක් වංචාකල රාජකරුණා නැමැත්තා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ලෙසට පත් කිරීම. මෙම පත්කිරීම නොකරන ලෙස ජවිපෙ වෘත්තීය සමිති සාමාජිකයන් ජනාධිපති වරයාගෙන් ඉල්ලා සිටියද එය ප්රතික්ෂේප කර ඔහුව පත්කර ඇත. ( පසුගිය මාසයේ ලෝක වෙළදපොලේ ඩීසල් බැරයක උපරිම මිල ප්රීමියර් මුදල ඩොලර් 40 ක් අතුළුව ඩොලර් 255 ට තිබියදී ඩීසල් බැරලයක් ඩොලර් 286 බැරල් 45000 ක් මිළදී ගැනීමෙන් ඩොලර් මිලියන 1.395 හෙවත් රුපියල් මිලියන 432 ක පාඩුවක් රටට සිදුකර ඇත. )
10. සාමාන්යයෙන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට අධ්යක්ෂක ජෙනරාල් වරයෙකු පත් කරන්නේ ඉල්ලුම් පත් කැදවා සම්මුඛ පරීක්ෂණයකට කැදවීමෙන් අනතුරුව ය. නමුත් වත්මන් අධ්යක්ෂ ජෙනරාල් වරිය වන ආර්.පී.එච්. ප්රනාන්දු මියව අධ්යක්ෂ ජෙනරාල් වරිය ලෙස පත්කර ඇත්තේ කිසිම පරීක්ෂණයකින් තොරවය.
11. යුධ හමුදා සොල්දාදුවකු තිරිසන් ලෙස ඝාතනය කිරීමේ චෝදනාවට ලක්ව සිටින වත්මන් යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රුද්රිගෝ හට කාදිනල්ගේ ඉල්ලීමට වසරක සේවා දිගුවක් ලබා දී ඔහුට එරෙහිව ඇති මනුෂ්ය ඝාතනය ගැන පරීක්ෂණ නොපවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කිරීම.
12. වත්මන් අග්රවිනිශ්චයකාර ප්රීති පද්මන් සූරසේනට නීතීඥ සේවා කාලයක් ඇති ඔහුගේ පුතාව මහේස්ත්රාත් වරයෙකු කිරීමට මහේස්ත්රාත් විභාගයට ඉදිරිපත් වීමට පෙර තිබූ නීතීඥ ධූරයේ වසර 4 ක සේවා කාලය වසර 3 දක්වා අඩු කිරීමට අග්රවිනිශ්චයකාර වරයාට අනුබල දීම.
13.ඊ වීසා ගණුදෙනුවේ දී රටට රුපියල් කෝටි 900 ක් පාඩුකල ටිරාං අලස්ට එරෙහිව කිසිදු පරීක්ෂණයක් නොකරන ලෙසට පරීක්ෂණ කන්ඩායම් වලට ඍජුවම බලපෑම් කිරීම.
14. ජනාධිපති වරයා දැන් සූදානම් වන්නේ තමන්ට පාලනය කල හැකි ශ්රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් සහ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන් මඩුල්ලක් පවත්වාගෙන යාමට උත්සහ කරමින් සිටී. ඒ සදහා ව්යවස්ථා සංශෝධනයක් කිරීමට පවා ජනාධිපති වරයා සූදානම් වීම.
අවසන් වශයෙන් කිවයුතුව ඇත්තේ එදා පාර්ලිමේන්තු මන්ත්රී වරයෙකුව සිටියදී හරබර ලෙස අනෙක් පාලකයන් කල කී දේ විවේචනය කල අනුර කුමාර දිසානායක එම වැරදි ඊටත් වඩා හොඳින් කරමින් ලංකාවේ දේශපාලන න්යාය පත්රයට වැරදි පූර්වාදර්ශ ගොන්නක් එක්කරමින් අනාගතයේ දිනක ලංකාවේ විකෘති දේශපාලකයකු ලෙස ඉතිහාස ගතවනු ඇත.
(පේරාදෙනිය විශ්ව විද්යාලයේ ශිෂ්යයෙකු විසින් යොමු කළ ලිපයකි.)

