IDM Nations Campus ආයතනයේ වත්මන් හිමිකරු වන ජනගන් වනයාමුර්ති හා හුණුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන් අතර සිදුවූ ගනුදෙනුවක් සම්බන්ධයෙන් මේ දිනවල කොළඹ ව්‍යාපාර සමාජයේ විශාල කතාබහක් මතුව ඇත.
ඒ ගංගාරාම විහාරස්ථානයේ සමාජ සේවා සහ අධ්‍යාපන ව්‍යාපෘතියක් ලෙස පවත්වාගෙන යන ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලයට අයත්ගොඩනැගිල්ලක් ජෙනගන් විනයාමුර්තිට තුට්ටු දෙකකට බදුදීම නිසාය.
වර්ග අඩි 40,000ක් වන මේ ගොඩනැගිල්ල ජෙනගන් වනයාමුර්තිට බදු දී ඇත්තේ මසකට රුපියල් ලක්ෂ 12කටය.
කොළඹ කෙන්ද්‍රයේ පිහිටි මේ ගොඩනැගිල්ල තක්සේරු බදු වටිනාකම මසකට කෝටිය ඉක්මවන බව කතා බහට ලක්ව ඇත.
විහාරාධිපති අස්සජි හිමියෝ මෙසේ ජෙනගන්ට තුට්ටු දෙකට අදාළ ගොඩනැගිල්ල බදුදී ඇත්තේ එංගලන්තයෙන් ඔහුට පිනට ලැබුණු ආචාර්ය උපාධියකට පිංසිදුවන්නටය.
ජෙනගන් අස්සජි හිමිට මේ උපාඩිය ලබාදී ඇත්තේ එ හිමියෝ එංගලන්තයට රැගෙනගොස් ඔහුගේ නිවසේ නවත්වාගෙන තබාගෙන බවද දායකයෝ කියති.
ජෙනගන්ට ඇත්තේ පට්ට සවුත්තු ඉතිහාසයකි.
ඔහු IDM සරසවිය එහි නිර්මාතෘ වූ දොස්තර බන්දු රණසිංහගෙන් මකොල්ල කා ලබාගත් එකක් බව ප්‍රසිද්ධ රහසකි.
පොලියට මුදල් ලබාදී පසුව ඔහුව වැට් නඩුවක පටලා අඩුම තරමින් ඔහුට ලංකාවේ සිටීමේ අයිතිය පවා නැති කරනු ලැබුවේ මේ ජෙනගන් බව ප්‍රසිද්ධ රහසකි.
මේවන විට කාන්තාවන්ගෙන් පමණක් සමන්විත අන්තප්පුර කාර්යාල පවත්වා ගෙන යමින් සුර සැප විඳින මේ ජෙනගන්ගෙන් සාංගික දේපාල බේරා ගැනීමට ද මේවනවිට ගංගාරාමේ දායකයන්ට දැඩි වෙහෙසක් දරන්නට වී ඇතැයි ද වාර්තා වේ.
2026-07-19

