ව්‍යාජ ඉන්වොයිසි හෝ ලේඛන භාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව විසින් පරීක්ෂණයක් පවත්වමින් සිටියදී හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු ප්‍රීති ජයවර්ධනගේ අසනීපය මවාපෑමක් බව රෝහල් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මේ පරීක්ෂණ සිදුකර ඇත්තේ ඇමති වසන්ත සමරසිංහගේ ගජයකු වන සී. සම්පත් නැමැත්තෙකු විසිනි.
ඇමැති වසන්ත හා සම්පත් සමඟ ප්‍රීති හා එකඟ වූ පූර්ව සැලැසුමකට අනුව මේ රංගනය සිදුව ඇති අතර ඒ අනුව පැය කිහිපයකින්ම බී වාර්තාවක් ගොනුකර කොටුව මහෙස්ත්‍රාත්වරයා රෝහලට ගෙන්වා ප්‍රීතිව පරික්ෂා කර රිමාන්ඩ් භාරයට පත්කර තිබේ.
මේ පරීක්ෂණ සිදු කරනු ලබන්නේ භාණ්ඩවල වටිනාකම අඩුවෙන් ප්‍රකාශ කර බදු මඟහැරීමක් සම්බන්ධයෙන් නිසා ප්‍රීති ජයවර්ධන මහ රෝහලේ සිටියදී මීළඟ නඩු වාරයේදී ඇප ලබා ගැනීමට හැකි වනු ඇති බව රහසක් නොවේ.
කෙසේවුවද, වසන්තලාට දැන් සිය දිවි නසා ගැනීම් සංවිධානය කිරීමට මෙන්ම හදිසි පපුවේ අමාරු සැලැසුම් කිරීමට ද උපන් හැකියාවක් ඇතැයි ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව ඇත.
මේ අනුව විශාල බදු වංචාවක තොරතුරු වැළලී යනු ඇති බවද රේගු අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
2026-07-18

